my tiny boyfriend|ongoing

By yazu_yazu

5.9K 1.2K 1.8K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸

🌸13🌸

279 66 76
By yazu_yazu

"මිකූ මෙහෙන් එන්න පැටියො කෝ"

ගමනෙ මුල ඉදන් අගටම එක එක තැන්වලට දුව දුව උන්න මිකූ දැන් උන්නෙ මගෙ එහා පැත්තෙ ශීට් එකේ දිගා වෙලා...ටික වෙලාවකට බ්‍රේක් එකේ එල්ලිලා මන් පියාඹනබා ගගා කෑ ගැහුව...තව වෙලාවකට සුක්කානමෙ එල්ලිලා යූහුහ්හ් මල්ලිහ්හ් අයියා මෙරිගෝ රවුන් යනවා කිව්වා....විකාර කෝච්චිය මගෙ..

.තවත් වෙලේක මගෙ ඔලුව උඩ නැගලා මල්ලිගෙ කොන්ඩෙ සිනිදුයිනෙ මල්ලු අයියා ඒකට ආසයිනෙ කිව්වා...තවත් ටික වෙලාවක් ඉද්දි මගෙ සාක්කුවට බැහැලා කම්මැලිනෙ මල්ලි කිව්වා..තව වෙලේක මගෙ කකුල් දෙක උඩින් වාඩු වෙලා ලිස්සන බෝට්ටු පැද්දා..තනි කෝලමක් මගෙ කොල්ලා

දැන්නම් ඉදියෙ මගෙ එහා පැත්තෙ ශිට් එක උඩ රවුමට දුවන ගමන්

"මිකූ දැන් චන්ඩියෙක්...මිකූ දැන් චන්ඩියෙක්...අයි අයිහ්..මිකූ දැන් චන්ඩියෙක්...පූඋහ්හ්හ් යාසිට බෑනෙ..යාසිට බෑනෙ අනෙ ඔව්නෙ...මේ වගෙ කාර් එක ඇතුලෙ දුවන්න යාසිට බෑනෙ මිකූට විතරයිනෙ ඈකි....අනෙ ම්හුක්...අරහ්හ්හ්හ්...ඉර ගිලෙනවා මල්ලි අරහ්හ්හ්..ලස්සනයිනෙ අනෙ අරහ්හ්...යොහ්හ්හ්හ්හ්හ්හ්...ගිනි බෝලයක් වගේනෙ මල්ලි...අයියා අර ඉර ඇල්ලුවොත් අයියට ඌවා වෙයිද මල්ලි..ඈ..ඈ..ඈ.කියන්නකො...ඉර ගෙනත් දෙන්න බෑද කියන්නකො ඔයාට"

ඒකා කියවනවා...ඒකා චන්ඩියෙක්ලු...එකාට විතරලු කාර් එක ඇතුලෙ දුවන්න ඈකි...ඉර ගිලෙනවලු...ඒ ගිලෙන ඉර ඒකා ඇල්ලුවොත් ඌවා වෙයිද අහනවා....ඉර ගෙනත් දෙන්න බෑද අහපු ඒකා මගෙ දිහා බෝල ඇස් වලින් බලන් උන්නා...කෝලම් පප්පා මගෙ..

"ආදරෙ හිතෙනවා මැනික..."

මන් ඒකාගෙ කොන්ඩෙ අවුස්සලා එහෙම කිව්වම ඒකා රතු උනා...ස්ට්‍රෝබෙරි ගෙඩිය වගෙ රතු උන ඒකාවත් සාක්කුවට දාගෙන මම කාර් එකෙන් බැස්සා

මගෙ ගෙදර...මගෙ අම්මි තාත්ති ආච්චි සීයා...අක්කා...අක්කගෙ බබාලා මේ සේරම ඉන්න ගෙදර...මන් මිකූව මගෙ සාක්කුවෙ හන්ගන් ඒ ගෙදරට පය තිබ්බා

කොල පාටට තනකොල වවපු වත්‍ත...මහ පාරය වඩා ටිකක් උඩට වෙන්න හදලා තිබ්බ ගේ...කදුපැත්තක් නිසා කන්ද කපලා තමා හදලා තිබ්බෙ..ටිකක් ලොකුයි අපෙ ගේ....අපෙ සීයාත්තා සල්ලිකාර කෙනෙක්...එයා බිස්නස් මන් කෙනෙක්...අපෙ තාත්තිට බිස්නස් බාරගන්න කිව්වත් මගෙ වගේම එයාගෙ ආසාව උනෙ පොලිස් සේවෙ..

ඉතින් එයා බිස්නස් අත ඇරලා පොලිස්සියට බැදුනා...තාත්තිගෙ මල්ලි තමා බිස්නස් බලා ගත්තෙ...තාත්තිගෙ එකම පුතා මම...එතකොට අක්කා ඇවිත් තාත්තිගෙ මල්ලිගෙ දුව...මගෙ අක්කි...එයා දැන් MARRY කරලා දුවෙකුත් ඉන්නවා...බැන්ද කෙනා තමා දැන් බිස්නස් බලාගන්නෙ...මොකද බාප්පි දැන් ඒවාගෙන් ඈත් වෙලා ඉන්නෙ....

මගෙ අක්කිට චූටි දුවෙක් ඉන්නවා...ඒ දුව මා එක්ක හරි එකතුයි...එයා මිකූටත් ආස වේවි...අපෙ තාත්තිලා මිකූව කොහොම පිලිගනීද කියන්නනම් දන්නෙ නෑ..මොකද මිකූ ඉන්න තත්වෙ මන් එයාලට කියලා නෑ මිකූව හොයාගන්න එක මගෙ ලොකුම වැඩෙ වෙච්චි මන් එයාව හොයාගත්තා උනත් එයා සාමන්‍ය මනුස්සයෙක් නෙවෙයි කියලා මන් තාත්තිට කිව්වෙ නෑ...

මන් ගෙදරට මුල්ම අඩිය තිව්වා...හිතුවා වගේම තාත්ති අද ලීව් දාලා .. අම්මියි තාත්තියි දෙන්න සාලෙ මැද්දෙ ඉදන් චූටි කෙල්ල එක්ක සෙල්ලමෙ...අපෙ තාත්ති එහෙම Homophobic නෙවේ ඒ නිසා මන් මිකූ එක්ක යාලු උනාට එයාගෙන් ප්‍රශ්නයක් එන එකක් නෑ...ඒත් මිකූගෙ මේ සයිස් එක මට ප්‍රශ්නයක්...

"තාත්ති"

"පුතා...යාශි ඔයා ඇවිත්"

"තාත්ති....අම්මි...."

"රෑ වෙලා පුතූ කෝ එන්න ගෙට..."

"යාශි...ක්..කෝ..."

තාත්තියි අම්මියි මට ගෙට එන්න කියනවා...තාත්ති අහනවා කෝ කියලා ..ඔය අහන්නෙ මිකූ කෝ කියලා...මන් මොනවද කියන්නෙ...මිකූ කෝ කියලා මන් එයාව පෙන්නුවත් මන් දන්නෑ එයාලා මොන වගෙ රියැක්ට් කරයිද කියලා...ඒත් මන් මිකූව පෙන්නන්නම ඕනෙ

"මිකූ....එලියට එන්න..."

මන් දැක්කා...මන් දැක්කා තාත්ති වටේම බලනවා...මන් දැක්කා අම්මිත් වටේටම බලනවා...මට දැනුනා සාක්කුවෙ උන්න මිකූ සාක්කුවෙන් එලියට එනවා...එයා බය වෙලා වගෙ මගෙ සාක්කුවෙන් ඔලුව ඔබන් ඉන්නවා...මන් දැක්කා වටේටම කරකවපු තාත්තිගෙ ඇස් දෙක මිකූ ගාව නතර උනා

"දෙයියනෙ...මෙ..මේ මෙච්චර...චූටි උනේ කොහොමද යාශි....මේ...මෙයා අල්ලක් සයිස්වත් නෑනෙ"

තාත්ති පුදුම උනා...එයා කෑ ගහල කිව්ව පාර බය උන මිකූ ආයෙම මගෙ සාක්කුව අස්සට රින්ගුවා...මන් අත දාලා මිකූව එලියට ගත්තා එයා බයට ගැහෙනවා..මගෙ මිකූ රතු වෙලා...ඒකා බය වෙලා....normally බය උනාම සුදුමැලි වෙනවා තමා ඒත් මගෙ කෝලම රතු වෙලා

"මිකූ...මේ ඉන්නෙ මගෙ තාත්තියි අම්මියි..."

"ම්හුක්...අනෙ..ම්හුක් යාසිහ්හ්...මිකූට බයයිනෙ...එයාලා බුක් ගාලා මිකූව ගිලියිද කියන්නකො..අනෙ එයාලා බුක් ගාලා මිකූව ගිල්ලොත් කෝ කියන්නකො යාසිට මිකුවෙක්...අනෙ යාසි...යාසි අහන්නකො අනෙ අපි ආයෙ යන්කො...එයාලා හොද අයද කියන්නකො...යාසි...යාසි.අනේ.අරහ්හ්හ්හ්හ්...උයාගෙ තාත්තිට ලුකු බන්ඩියකුත් තියේනේ..අනෙ එයානම් බබ්බු ගිලිනවා ඇතිනෙ...අනෙ මිකූව එක්ක යන්නකො...මිකූට බයයිනෙ යාසි අනෙ එක්ක යන්නකො'

ඒකාට බයයි ඒකාව එක්ක යන්න කිව්ව මිකූ මගෙ ශර්ට් එකේ දිග අත අස්සෙ හැන්ගුනා....මෝඩ කෝලම මගෙ...මන් ඒකාව එලියට අර ගත්තා..තාත්තිගෙ බන්ඩිය ලොකු උනෙ බබ්බු ගිලලද අහනවා.....ඒක මන් ඔව් කිව්වනම් මේකා තව බය වෙන නිසා ආයෙම අල්ල උඩින් තියාගෙන මන් ඒකාව තාත්තිගෙ දිහාට ගෙනිච්චා

"යාශි ඇයි මේ...මෙයා මෙච්චර චූටි උනෙ කොහොමද යාශි"

"Science project failure එකක් තාත්ති...එයා අවුරුදු දහයකට කලින් හොයාගන්න බැරි උනෙ මේ නිසා..."

"දෙයියනෙ පුතා...."

"මට තව දෙයක් කියන්න තියෙ තාත්ති."

"ඉස්සෙල්ලා ගෙදරට ඇවිත් ඉන්නකො පුතා දැන් මහන්සිත් ඇති...ඔය අග්ගල ගෙඩියවත් එක්ක එන්න...රෙස්කා කෝ..."

"එයාව මන් ආයුට බලාගන්න දීලා ආවෙ..."

"රෙස්කා මෙයාව කන්න බැලුවෙ නැද්ද පුතා..."

"මුල් දවසෙනම් අල්ලන්න බැලුවා...දැන්නම් දෙන්න යාලුයි..."

"ඒක හොදයි.."

"අනෙ පුතා..මට එයාව අල්ලලා බලන්න් ඕනෙ "

මිකූ මගෙ අත උඩ වාඩි වෙලා වටේම බල බල ඉදියෙ...කෝලමක් මහ තාත්ති කිව්වා අග්ගලෙත් එක්ක ගෙට එන්න කියලා...මුලින් බය උනාට දැන්නම් මිකූ ශේප් වගෙ...මන් මිකූව එක්කන් එනවා දැක්ක අම්මි එයාව අල්ලල බලන්න ඕනෙ කිව්වා..

මන් මිකූ දිහා බැලුවම එයා ඇස් බෝල කරලා මගෙ දිහත් බලලා අම්මිගෙ දිහත් බැලුවා...ආයෙම මගෙ දීහා බලලා ඔලුව වැනුවා...මන් මිකූව අම්මිගෙ ගාවට එක්ක ගියාමා චූටි හා පැටියෙක් වඩාගන්න්නවා වගෙ පරිස්සමට එයා මිකූව වඩාගත්තා....මගෙ මිකූ කෝලම අම්මිගෙ අත උඩ දිගා වෙලා මගෙ දිහා බැලුවා

"අනෙ පුතා මෙයා ශෝයිනෙ...මේ..අග්ගල ගෙඩියක් වගෙනේ..."

"අම්මි දන්නෑ මෙයාගෙ කියවිල්ල.."

"අනෙ මේ යාසීහ්හ්හ්හ්හ්....ම්හුක්....මුනාත කියන්නකො කියන්නෙ...යාසි ඇයි කියන්නකො එහෙම කිව්වෙ....යාසි කියන්නෙ මිකුගෙ කට වැඩී කියලද කීයන්නකො...මිකූගෙ කට වැඩිද ඈ යාසි...ම්හුක්...මිකූ තරහෛ...යාසි යාසිගෙ අම්මිට කිව්වා මිකූගෙ කට වැඩී කියලා....ම්හුක්..මිකූ එහෙම කියවන්නෙ නෑනෙ අනේ ම්හුක්...එහෙම කියවන්නෙ නෑනෙ යාසි අනෙ ඔව්නෙ එහෙම කියවන්නෙ නෑනෙ අම්මියෙ යාසි කිව්වට මිකූ එහෙම කියවන්නෙ නෑනෙ අනේ...යාසිට පිස්සුනෙ අම්මියේ අනෙ ඔව්නෙ යාසිට පිස්සුනෙ ම්හුක්. .මිකු එහෙම ගුඩක් කියවන්නෙ නෑනෙ... "

"අම්මොහ්හ්...කච කච මල්ලක් නේද "

ඒකා කියවන්න ගත්තා...මිකූගෙකට වැඩිද අහපු ඒකා ආයෙම අම්මි දිහාට හැරිලා මිකූගෙ කට්ට වැඩි නෑනෙ කිව්වා...මිකූ එහෙම ගොඩක් කතා කරන්නෑනෙ යාසිට පිස්සු කිව්ව කෝලම මගෙ දිහත් බලල ඔරවලා අහක බලාගත්ත...ඒකා කච කච මල්ලක් කිව්ව අම්මි ඒකාගෙ කොන්ඩෙ චුට්ටක් අවුස්සලා ඒකාව මගෙ අත උඩින් තිය්ලා යන්න ගියෙ තේ හදන්න

"ආ පුතා..මෙයා කන්නෙ බොන්නෙ කොහොමද...අපි කන ඒවා කනවා නේද..."

"ඔව් ඔව්...එයාගෙ පිගන් ටික ඇති මන් දෙන්නම් "

මන් එහෙම කියලා මගෙ බෑග් එකෙන් ඒකාගෙ පිගාන කෝප්පෙ ඒ සෙට් එක දුන්නා...අම්මී ඒ ටික අරගෙන කුස්සියට යන්න ගියා....මිකූ මගෙ අල්ල උඩා දිගෑරිලා කෝලමක් වගෙ ඉන්නවා...මගෙ පිස්සු කෝලම

"චූටි මැනික..."

"ම්හුක්..."

"කෝලම් මල්ල මගෙ "

"ම්ම්හුක්"

"අග්ගලා ගෙඩ්ඩ නේද මගෙ..."

"ම්ම්හුක්...තරහෛ"

"මගෙ චූටි පැටියා මා එක්කලා තරහ වෙලාද..."

"ඔව්නෙ...යාසී එක්ක මිකූ තරහ වෙලා..."

"ආ...එහෙම කෝමද ම්ම්"

"ම්හුක්.."

"මන් මිකූගෙ බෝයිෆ්‍රෙන්ඩ් නේද'

"ඔවුහ්..යාසි මිකූගෙ බෝපෙන් තමා "

"බෝපෙන් එක්ක තරහ වෙන්නෑනෙ..."

"බෝපෙන් අම්මියා ඉස්සරහ කිව්වනෙ මිකූගෙ කට වැඩි කියලා...ඒ නීසා තරහෛ"

"උම්මියක් දුම්න්නොත් යාලු වෙනවද..."

"දෙකක්ම ඕනෙ...."

ඒකා මා එක්ක තරහෛ කිව්ව ඒකා ඔරවන් අහක බලාගනිද්දී උම්මියක් දුන්නොත් යාලු වෙනවද අහපු මම ඒකාව මගෙ පැත්තට හරව ගත්තා......එකක් මදි දෙකක්ම ඕනෙ කිව්ව ඒකා මගෙ දිහා බලලා ඇස් දෙක බෝල කරගත්තා

මන් ඒකාගෙ නලලට චූටි කිස් දෙකක්ම දුන්නා...ඒකා මගෙ දිහා බලන් අලයක් වගෙ හිනා වෙනවා...හරි හුරතල්

"..කැහැම්...පුතා..."

"ත..තාත්ති..."

"ඕකද කියන්න තියෙනවා කිව්ව එක ..ම්ම්"

"තාත්ති..."

"එතකොට මේ අග්ගලා ගෙඩිය මගෙ බෑනද පුතා...ම්ම්..ම්ම්..හොදයි . කොච්චර කල්ද දැන්"

"අනෙ තාත්ති. .තාම සතියයි ....මන් ඔයාට කියන්න ඉදියෙ...ඒත්..."
.
"බය හිතුනද මන් එපා කියාවි කියලා .."

"දෙගිඩියාවක් තිබුනා ඉතින්"..

මන් මිකූට කිස් දෙක දෙද්දිම තාත්ති ආවා....අම්මි එක්ක ෆිට් උනාට තාත්තිට බය වෙච්චි චූටි අග්ගල්‍ර් මගෙ කමිසෙ අත අස්සට රින්ගගනිද්දි තාත්ති ඇහුවා ඒකද එයාට කියන්න තියෙන්නෙ කියලා...මේ ඉන්න චූටි අග්ගලෙ එයාගෙ බෑනද ඇහුව තාත්ති දැන් කොච්චර කල්ද ඇහුවා..

මන් තාම සතියයි කිව්වම කිව්වෙ නැත්තෙ තාත්ති එපා කියාවි කියලා හිතුන නිසාද ඇහුව තාත්ති මගෙ ලගට ඇවිත් මිකූව ඉල්ලුවා...මගෙ හිතෙ දෙගිඩියවක් නොතිබුනාම නෙවේ කිව්වම එයා මගෙ අල්ල උඩ උන්න මිකූව ඉල්ලුවා....

"අනෙ මල්ලිහ්...එයා මිකූව ගිලියිද කියන්නකො...ම්හුක්..යාසිහ්හ්...අරහ්හ්හ්හ් එයාගෙ බන්ඩිය ලුකුයිනෙ අනේ...ම්හුක් බබ්බු ගිල්ලට මිකූව ගිලින්න එපා කියන්න හාතහ්හ්...මිකූව ගිල්ලොත් කෝ කියන්නකො යාසිට මිකුවෙක්  .අනෙ ම්හුක් යාසිට මිකුවෙක් ඕනෙනෙ අනේ...ඒ නිසා මිකූව ගිලින්න එපා කියන්න හාද...."

"කෝලම..."

අම්මි එක්ක්ව් ෆිට් උනාට තාත්තිට තාම බය මිකූ ඒකාව ගිලින්න දෙන්න එපා කිව්වම මන් ඒකාගෙ කොන්ඩෙ අවුස්සලා තාත්තිගෙ අත ගාවිම් මගෙ අත තිව්වා

"ඔන්න එහෙනම් මිකූ යනවා හරිද.  ම්හුක්...ඔන්න ගිල්ලොත් මිකූව බේරගන්න"

එහෙම කිව්ව මිකූ මගෙ අතෙ ඉදන් තාත්තිගෙ අත උඩට පැන්නා. ..

"ම්හුක්....තාත්තිගෙ අතෙ ඉන්නෙ අයි අයිහ්හ්...මිකූ තත්තිගෙ අතෙ ඉන්නෙහ් "

"චුට්ට්ක්වත් බර නෑනෙ පුතෙ මෙයා "

"චුට්ටක්වත් නෑද තාත්ති...චුට්ටමක්වත් මිකූ බර නෑද...අනෙ ම්හුක්...චුට්ටමක්වත් මිකූ බර නෑද කියන්නකො...අරහ්හ්හ්හ්හ්....තාත්ති ගාව ලස්සන මාලයක් තියෙනවනෙ මල්ලි...අර බලන්නකො ම්හුක් අරහ්හ්හ්හ් ඒක වැනෙනවානෙ මල්ලි අනෙහ්...මිකූට ඒක දෙන්න බෑද කියන්නකො...අනෙ යාසි මිකූට ඒ වගෙ එකක් දෙන්න බෑද කියන්නකො..ම්හුක් දෙනව නේද...අනෙ දෙන්නකො...."

"කච කච මල්ලක් "













මතු සම්බන්දයි

යොහ්හ් යම්කිසි සිත්තවීමක් සිත්ත වෙලා අන්තිම ටික වැදිලා නැහ්හ්...ඒ නිසා ඔන්න ආයෙත් දැවා

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා😘😘

ආතරෙයිනෙ 

You'll Also Like

30.1K 1.9K 14
මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක...
271K 18.9K 68
❛ I'm not falling for you. ❜ ❛ Good, because I'm already falling apart. ❜ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡 𝐆𝐢𝐠𝐢 𝐆𝐚𝐥𝐥𝐚𝐠𝐡𝐞𝐫 𝐡𝐨𝐥𝐝𝐬 𝐢𝐭 𝐚�...
183K 11K 68
" ආත්මීය බැදීම් නැවත හමුවෙනවා " " ආත්මීය බැදීමක් නම් දන්නේ නෑ , ඒත් මං තමුසෙට ආදරෙයි ! " මන් හිතන්නේ ආදරේ කියන්නේ මේ හැගීමට, ඒක සම්පූර්ණ වෙන්න අපි වග...
208K 7.9K 30
You were born in shadow, the daughter of Gwi-Ma-the most feared demon in existence. But you turned your back on the darkness long ago, severing the b...