YOU ARE READING

my tiny boyfriend|ongoing

Fanfiction

??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??

#chibi #cute #fluff #gaylove #happyending #love #sinhala #wangyibo #xiaozhan #yizhan

?03?

356 87 143
                                        

මන් ඉදියෙ යුනි එකේ...මිකූ ඒකා මගෙ සාක්කුවෙ...සාක්කුවෙ ඉදන් හොර හොරාවට හිටිගමන් එලියටත් ඔලුව ඔබලා බලනවා ඒකා...හරි හුරතල් ...අග්ගලා ගෙඩ්ඩ වගේ සාක්කුවෙ ඉන්නෙ....ඒකා ඩින්ගිත්තක්වත් බර නෑ

" මල්ලි මේ...".

මන් සද්ද නැතුව ඉදියා...hallway එකේ තනියම කියව කියව යන්න බෑනෙ....වෙලාවට මේකාගෙ මිනි සවුන්ඩ් එක කාටවත් ඇහෙන්නෑ...

"මල්ලි අහන්නකො අනෙ...ඔයාට අයියා කියන එක ඇහෙන්නැද්ද මල්ලි.....අයියට බඩගිනීනෙ මල්ලි...කන්න මොකුත් නෑද කියන්නකො....අනෙ කතා කරපල්ලකො.....මල්ලිහ්හ්හ්හ්හ්.....මල්ලිහ්හ්හ්හ්හ්හ්...මිකූව ඇහෙන්නෑද මල්ලිහ්හ්හ්...යාසිහ්හ්හ්හ්හ්හ්"

"ඇහෙනව..."

"ඇහ්හ්"

මන් මිකූට කතා කාරත් හෝල්වේ එකේ ඉදිය කෙල්ලෙක් ඈහ් ගෑවා මන් සොරි කියලා earbud එක කනෙ ගහගෙන කෝල් එකක් කියන් එතනින් ආවා..විලි ලැජ්ජයි...මේකා කටර් එකවගේ කියවනවා

"මල්ලිහ් අයියාට බඩගිනිහ්හ්..."

"Canteen එකට යනකම් ඉන්න..."

"ම්හුක්...ම්හුක් ම්හුක්...."

ඒකා ගස්සනවා..අල ගෙඩිය වගෙ සාක්කුවෙ ඉදන් ඒකා ගස්සනවා..ඒකාට බඩගිනිලු...උදේ කෑවෙ නැති නිසා වෙන්න ඇති...උදෙ වෙලාව මදි උන නිසා ඉව්වෙ නෑ...ඒ හන්දා කන්න උනෙ නෑ..දැන් කැන්ටීන් එකෙන් මොනා හරි ගන්නව..ඒත් මිකූට කොහොමද දෙන්නෙ ඒකා ඉන්නෙ සාක්කුවෙනෙ...ගෙදර ඉදියානාම් ඒකා මොනා හරි කාවි .

"මල්ලි...අයියට අරවා ඕනෙනෙ..."

"මොනවද..."

Ear bud එකත් කනෙ ගහගෙන call එකක වගෙ සාර්ථක රන්ගනේක යෙදෙන ගමන් සාක්කුවෙ ඉදිය අල ගෙඩිය කියන එවාට උත්තර දෙද්දි canteen එකේ තිබ්බ මොනවහරි පෙන්නලා අයියට අරවා ඕනෙ කිව්වා

"අර අර රෝස පාට කේක් බෝලෙ ඕනෙ...අනෙ...අනෙ අයියට අරන් දෙන්නකො...අරන් දෙනවා නේදහ්හ්"

චූටි cake pop එකක් පෙන්නලා ඒකාට ඒක ඕනෙ කිව්ව...බෝල කම්මුල් දෙක තවත් පුම්බන් ම්හුක් හුකුන් ගගා කේක් පොප් එක ඉල්ලද්දි මට ඒකව හපල දාන්න හිතුනා....හූරතල්...ඒකා හරි හුර්තල්...ජම්බුව වගෙ සාක්කුවෙ උන්න ඒකා තවමත් අර බිත්තරෙ වගෙ කහ හුඩියයී සුදු කොට කලිසමයි ඇදන් ඉදියා

my tiny boyfriend|ongoing Where stories live. Discover now