my tiny boyfriend|ongoing
By yazu_yazu
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
චූටි කාමරෙ ඉදන් එලියට ආව මගෙ පුන්චි පැටියා අග්ගලෙ සුදු පාට වෙලා තිබ්බා...එයාගෙ රෝස පාට කම්මුල් සුදු මැලි වෙලා තියෙද්දි මන් චුට්ටන් අග්ගලෙ ලගට යන්නත් කලියෙන් එක පාරම faint වෙලා වැටුම චූටි අග්ගලේ දැක්කහම මට බය හිතුනා
මන් එයාව උස්ස ගත්තා..අනෙ මගෙ අග්ගලෙ....එයා සිහිය නැතුව මගෙ අත උඩ දිගෑරිලා...මන් එයාගෙ කම්මුලකට ලාවට තට්ටු කර කරා එයාව නැගිට්ටවන්න හැදුවත් බැරි උනා...එයාට සිහිය නෑ...මන් ආයුගෙ දිහා බැලුවම එයත් මගෙ දිහා බලන් ඉදියා
.මන් එයාට මිකූව පෙන්නුවම එයා මිකූව අරගත්තා....එතකොටම මට කෝල් එකක් ආවා...තාත්ති...මේ වෙලාවෙ ඇයි...අනෙ මිකූ....මන් මිකූව් බලන්නද තාත්තිගෙ කෝල් එක ගන්නද....
"ඕක answer කරපන් මන් පොඩි එකාව බලන්නම්...."
මන් එහෙම්ම කෝල් එක answer කරා......
"පුතා අරක හෙව්වද"
"මන් ඒක හෙව්වා....ඔයාලට බැරි උනාට එයාව මන් හොයාගත්තා..."
"දෙයියනෙ...හොයාගත්තද...."
"ඔව් තාත්ති...මන් ලබන සතියෙ දිහාට ගෙදර එක්ක එන්නම්.."
"එහෙම කරන්න....මන් බලන් ඉන්නවා එයාව හම්බවෙන්න"
"ම්ම්..මට ටික වෙලාවක් දෙන්න.."
"හරි පුතා...මාත් දැන් තියන්නම්...
ගුඩ් නයිට්"
"ගුඩ්නයිට් අප්පච්චි"
මන් කෝල් එක කට් කරා මන් එහෙම්ම ආයු ගාවට ගියා එයා මිකූව බලනබා...තවමත්
"මොකද වෙලා තියෙන්නෙ ආයු"..
"හිතාගන්න බෑ බන්..එයාට එහෙම ලෙඩක් පේන්නෑ...නිකම්ම ෆේන්ට් උනා වෙන්නත් බෑ...මොකක් හරි අවුලක් තියෙනව මෙතන"
"එයා science project එකක් fail වෙලානෙ චූටි උනෙ...ඒකෙ මොකක් හරි side effect එකක්වත්ද..."
"එහෙම වෙන්නත් ඈකි...අනෙ මන්දා.."
"මන් දැන් මොකක්ද කරන්න ඕනෙ..."
"සිහිය එනකන් බලන් ඉමු ..අද මන් මෙහෙ ඉන්නම්....කාමර තියේනේද..."
"ඔව් එකක් තියේ...මන් ලෑස්ති කරලා දෙන්නම්..."
"මිකූව බලන්න....මන් කාමරෙ හදාගන්නම්..."
ඒකා එහෙම කිව්වම මන් මිකූවත් අල්ලන් අපෙ කාමරේට ආවා....අනෙ මගෙ පැටියා ..මට දුකයිනෙ ඔයා ඔහොම ඉදිද්දි....පොඩි අග්ගලයක් වගෙ ඉදගෙන කච කච ගගා කියවන කියවිල්ල නැති උනාම මට පාලුනෙ....මොකක්ද මිකූ මට මේ දැනෙන හැගීම....
මට තේරෙන්නෑ...මාව stuck වෙලා...මේ දැනෙන හැගීම තේරුම් ගන්න බැරුව මන් ස්ටක් වෙලා මිකූ....ඔයාව නැතුව බෑ කියලා දැනෙන ඒ හැගීම එක්ක මන් ස්ටක් වෙලා....මගෙ පැටියා ...ඔයාව මෙහෙම බලන්න බැරි තරම්ම මන් ඔයාට ලන් වෙලාද මිකූ....මොකක්ද ඔයා මට කෙරුවෙ...මේ තරන් ඔයාව මට ඕනෙ වෙන්න තරම් මොකක්ද ඔයා මට දීපු වශිය
මගෙ මිකූ....ඔයා මෙහෙම අසනීප වෙද්දි ඇයි මට රිදෙන්නෙ....ඔයා අඩද්දි ඔයා හිනාවෙද්දි ඇයි ඒවා මටත් දැනෙන්නෙ....මගෙ මිකූ ....ඒ ඇයි මිකූ....ඇත්තටම මන් ඔයාට ආදරේවත්ද මිකූ...ඇත්තටම මොකක්ද මේ වශිය මිකූ
ෆේන්ට් වෙලා ඉන්න මගෙ පැටියගෙ කම්මුලක් ඇගිල්ලකින් අත ගාන ගමන් මන් හිතුවා.....මගෙ චූටි අග්ගලෙ
ඔයා මෙහෙම ඉද්දි මට රිදෙනවා රත්තරන්.....අසනීප වෙන්නෙ ඇයි පැටියො මෙච්චර...මොකක්ද මේ වෙන්නෙ....තාත්ති කියනවා ගමේ එක්ක එන්නලු ඔයාව...මන් ඔයාව එක්ක යන්නත් ඔයා සනීප වෙන්න ඕනෙනෙ....මගෙ පැටියට මොකද උනෙ හොදට ඉදියනෙ
"ම්හ්හ්...ම්හ්හ්..ම්හ්හ්"
"මිකූ......මගෙ පැටියා නැගිට්ටද වස්තුවෙ..."
එයා නැගිට්ටා කියලා භිතුවත් නෑ එයා ආයෙම සද්දයක් නෑ...අනෙ මගෙ මිකූ.....මන් කොහොමද ඔයාව සනීප කරගන්නෙ.....අනේ
ටුක් ගාලා කදුලු බින්දුවක් මගෙ ඇහෙන් වැටිලා චූටි මිකූගෙ කම්මුලක් තෙමුවා....අනෙ...ඇයි මේ...ඇයි මන් අඩන්නෙ...ඇයි මට ඇඩෙන්නෙ....මිකූ එහෙම වෙන්නෙ ආදරෙ නිසාද මිකූ...අනෙ වස්තුවෙ ඔයා නැතුව ඉන්න බැරි තරමටම මේ හිත ඔයාට ආදරෙ වෙලාද පැටියො...
අනෙ නැගිටින්නකො...මගෙ චූටි අග්ගලෙ නැගිටින්නකො....මට පාලුනෙ...ඔය මිනි සවුන්ඩ් එකෙ කච කචෙ නැතුව...ඔයාගෙ කෝලම් වැඩ නැතුව මට පාලුයිනෙ පැටියො...අනෙ නැගිටින්න බෑද කියන්නකො
ඒ චුට්ටන් peach කම්මුල් වලට වැටුන කදුලු බින්දුව චූටි ඇගිල්ලකින් පිහ දාපු මම එයාගෙ නලලට හාදුවක් තිව්ව...මගෙ අග්ගලා ගෙඩිය...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ම්හ්හ්හ්...."
රෑටත් නොකාම ඊයෙ මට නින්ද ගිහිල්ලා....මන් නැගිටලා බලද්දි මිකූ ඉදියෙ මගෙ මූන උඩ...ඒකා කෙදිරි ගානවා....අනෙ මගෙ පැටියට සිහිය ඇවිත්...මන් එහෙම්ම නැගිට්ට පාර මූන උඩ ඉදිය මිකූ රෝල් වෙලාමගෙ කකුල් දෙක ගාවට වැටුනා....
..බබෙක් වගෙ වාඩි වෙච්චි ඒකා ඇස් දෙක බෝල කරන් මගෙ දිහා බලන් ඉදියා....ඒ ඇස් දෙකේ කදුලු...මන් එයාව අත උඩට ගත්තා...ඇස් දෙක බෝල කරන් අල්ලන් උන්න කදුලු එයාගෙ කම්මුල් තෙමාගෙන පහලට වැටුනා....පුන්චි මැනික මගෙ.
"මිකූ...පැටියෝ..."
"අනෙ යාසි...ඉහික්....ඇග රිදෙනවා යාසි...ඉහික්...අනෙ මේහ්හ්හ්හ්...මේ ඇග රිදෙනවනෙ යාසි...පුපුරන්න වගේනෙ යාසි...ඉහික්...අනෙ රිදෙනවා..."
ඒකාගෙ ඇග පුපුරන්න වගෙ රිදෙනවා කියද්දි මන් ඒකා දිහා බැලුවා...මොකක්ද වෙන්න යන්නෙ ...මන් ඒකාගෙ ඔලුව යන්තමට අත ගෑව....ඇග රස්නෙ නෑ දැන් ඒකාගෙ...උන බැහැලා ගිහින්
"චූටි පැටියට මන් කවන්නද....ඊයෙ බඩගිනි කිව්වට කන්න දෙන්න උනෙ නෑනෙ..."
"ම්හ්හ්...ම්හ්හ්..ම්හ්හ්හ් කවන්නකුහ්හ්...ම්හුක් මිකූට අමාරුයිහ්හ්...අනෙ මිකූට බැහ්හ්හ්...ඇග රිදෙනවා යාසි...."
"උනු වතුරෙන් නාවන්නද මැනිකව ම්ම්..."
ටොක් ටොක් ටොක්
"එන්න ආයු...."
"මොකෝ දැන් තත්වෙ"
"ඇග රිදෙනවලු ඕයි....අමාරුයි කියනවා..."
"කෝ දෙන්න බලන්න..."
ආයු මගෙන් මිකූව ඉල්ලනවා...පූ ඉදියෙත් එයාගෙ සාක්කුවෙ...මිකූ මගෙ අත බදාන ඉන්නවා...මොනා උනත් මිකූ තවම බයයි ආයුට ...
"කෝ වස්තුවෙ යන්නකො ආයු ලගට...එයා ඔයාට බෙයි දේවි හාද..."
"බෙයි දේවිද...බෙයි බිව්වම රිදෙන්නෑද මල්ලි....රිදෙන්නෑද මල්ලි එතකොට ..මට කියන්නකො මල්ලි අයියට එතකොට රිදෙන්නැද..."
"ම්ම්ම් එතකොට රිදෙන්නෑ...."
මන් එහෙම කිව්වම මගෙ අත ගාවට දික් කරපු ආයුගෙ අත උඩට මිකූ ගියා...මිකූව එයා බැලුවා....
"ආයු මොකද උනෙ..."
"මට තේරෙන්නෑ..එයාගෙ එහෙම පේන්න වරදක් නෑ....අපි පේන් කිලර් මොනකඅ හරි චූටි වෙන්න දිය කරලා දෙමු..."
"ම්ම්...එතකොට අඩු වෙයි නේද..."
"ඔව් ටිකක් අඩු වෙයි"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දවාලෙ බෙහෙත් දුන්නට පස්සෙ මිකූට නින්ද ගියා...මන් ආයු එක්ක ටික වෙලාවක් කතා කර කර හිටියා...පූනම් මිකූ ගාවින්ම නිදිය ගත්තා
එඒ දෙන්නා අග්ගල ගෙඩි දෙක වගෙ නිදි...මන් ලබන සතියෙ මිකූව එක්කන් ගමෙ යන්න ඕනෙ
මතක ඇතින්ස් මට තාත්ති වැඩක් දුන්නා....ඒක මන් කරා...මන් දැන් ඒක අප්පච්චිට බාර කරන්න ඕනෙ
මගෙ අප්පච්චි වැඩ කරන්නෙ පොලිසියෙ...මේ ගෙදර ඉදලා එක පාර Trace එකක් වත් නැතුව අතුරුදහන් උන මිකූ රෙන්සියො ගැන හොයන්න බාර උනෙ එයාට...අවුරුදු දහයක් තිස්සෙ ට්‍රයි කරත් එයාට ඒක හොයාගන්න බැරි උනා..
මිකූගෙ තාත්ති ප්‍රසිද්ද වෙච්ච සයන්ටිස්ට් කෙනෙක් වෙලා ඉදියා....ඒත් එකම එක දවසක ඉදන් එයා පිස්සෙක් වෙන්න ගත්තා....එයාට මතක නැති උනා එයා කව්ද කියලවත්...එයාගෙ කටෙ තිබ්බෙ මිකූ මගෙ පුතෙ මගෙ ලගට එන්න කියන එක විතරයි.....මිනිමැරීමට තැත් කිරීමෙ වරදට එයා හිරේ ඉදියත් එයාට තව චෝදනාවක් එල්ල වෙලා තියෙනවා
ඒ මිකූ රෙන්සියො වෙච්ච තමන්ගෙ පුතාව මැරුවා හෝ මරලා හැන්ගුවා කියන චෝදනාව...ඒත් ඒ චෝදනාව අද වෙනකන්වත් ඔප්පු කරන්න හරි සාක්කියක් හම්බුන්නෑ...වගේම ඒ මනුස්සයට විරුද්දව එහෙම චෝදනාවක් දෙන්නත් බෑ මොකද...පොලිසියෙන් හොයලා හොයාගන්න බැරි උන එයාව එක දවසක් ඇතුලෙ මට හම්බුනා
මන් මෙහෙට ආවෙම මිකූ ගැන හොයන්න...නෑ මට අප්පච්චි කිව්වා ලොකු වැඩක් තියෙ ඒකට ඔයා මේ ගේ ගන්න ඕනෙ කියලා...ඒ වැඩෙ මොකක්ද කියලා මන් දැනන් ඉදියෙ නැති උනත් තාත්ති කිව්ව විදියටම මන් මේ ගේ ගත්තා....මගෙ කැම්පස් එකටත් ලග නිසා ඒක මට ලේසි උනා....
ඒත් ඩෑඩ් මට වැඩෙ කියන්නත් කලියෙන්ම මිකූව මට හම්බුනා....එදා මන් මේ ගෙදරට ආව දවස්‍ර්මයි මිකූව මට හම්බුනෙ...ඒත් එයා මේ ඉන්න තත්වෙ දැක්කම මට පුදුම හිතුනා...චූටියි..මනුස්සයෙක් මෙච්චර චූටි උනෙ කොහොමද කියලස් පුදුම උනා ඇරෙන්න ඒ ඉන්නෙ මන් හොයාගන්න ඕනෙ මනුස්සයා කියලා මට එදා අදහසක් තිබ්බෙ නෑ....
ඒත් පහු වෙනිදම මගෙ තාත්ති මට ඒ ගැන කියද්දි මන් දැනගත්තා මේ ඉන්නෙ ඒ මිකූමයි කියලා ...මිකූගෙ කතාව මට මිකූගෙන්ම දැනගන්න පුලුවන් උනත් එයාව මන් අපොඅච්චිට මුන ගැස්සුවෙ නැත්තෙ මොකක්දො හේතුවකට එයා මගෙන් දුරට ඇදේවි කියලා මට දුක හිතුනා....එක්කො ඒ හැටි...මොකද මන් දැන් දන්නවා මන් මිකූට ආදරෙයි...මට ඒක මිකූට කියන්න ඕනෙ
මිකූ නැගිට්ටම මන් මිකූට propose කරනවා...මන් ඒකට චූටි මුද්දකුත් ගත්ත...ඒක ගෝල්ඩ්නම් නෙවේ..මොකද මෙයාගෙ සයිස් එකට ගෝල්ඩ් මුදු හොයන්න නෑ....බේබි ඩෝල්ලට දාන චූටි මුද්දක්...මෙයා ආයෙමා ලොකු බබෙක් කර ගත්ත දාට මන් එයාට diamond ring එකක් දානවා...මගෙ චූටි අග්ගලේ
"ම්හ්හ්හ්....."
"මැනික නැගිට්ටද චූටි පැටියො.."
"මිකූ නැගිට්ටනෙ යාසි..ඔව්නෙ මිකු නැගිට්ටනෙ...මිකූගේ ඇග...ම්හුක් දම් රිදෙන්නෑනෙ ඔව්නෙ මිකූගෙ ඇග දැන් රිදෙන්නෑනෙ....ම්හු ම්හු ම්හු....අයිඅයි...රෑ වෙලා නේත යාසිහ්හ්...අයි අයිහ්හ්හ්..මීකූව වොශ් දාවනවද කියන්නකො ..මිකුට වොශ් දාන්න පුලුවන් කියන්න්නකො යාසි....ම්හු ම්හු ම්හු ...මිකූව හෝදවන්නකො මෙහ් ගදයිනෙ ."
ඒකා ගාව ගදයි ඒකාව නාවන්න කිව්ව ඒකා දැන් ඇග රිදෙන්නෑය කිව්ව ...එහෙම කියලා එයා මගෙ අත උඩට පැන්නා...අග්ගල ගෙඩියක්ම තමා
"අපි ඉස්සෙල්ලා වොශ් දාමු එහෙනම්..."
මන් ඒකව එක්කන් බාතෲම් එකට ආවා....පුන්චි අග්ගල ගෙඩියගෙ ඇදුම ගලවලා දාලා මන් ඒකාව සින්ක් එකෙන් තීව්වා...සින්ක් එකට පුරවපු උනු වතුර එකේ ඒකා පා වෙවී උන්නා....අහින්සකයා මගෙ...මන් ඒකාව වොශ් දෑව්වා.....වොශ් දාවලා මන් ඒකාව ගොඩට ගත්තා...
ඒකාට ඒකා තෝරපු ආස ඇදුමත් අන්දවලා සපත්තු දෙකකුත් දෑවා.කහ පාටට හුරු කෝට් එකයි ලාම ලා රෝස පාට හූඩි එකයි නිල් ඩෙනිම් එකයි ඇන්දුවා.....තොප්පියකුත් දෑවම ඒකා අත් දෙක දෙපැත්තට දාගෙන උඩ බලාගෙන හිනා උනා ....අග්ගල ගෙඩියක් වගෙ සුදු මැනික මගෙ....
මන් ඒකාව උස්සලා ගත්තා..මගෙ දිහා බලාන හිනා වෙච්චි චූටි අග්ගලේව එක්කන් මන් rooftop එකට ගියා..
"අනෙහ්හ්හ් අයි අයි...අයි අයි ලස්සනහ්හ්හ්හ්හ්...අරහ්හ්හ්හ්හ්හ් අන්නහ්හ්හ් අහසෙ ලස්සන බලන්නකො මල්ලි....අයි අයි...අනෙ අහස ලස්සනයිනෙ මල්ලි අරහ්හ්හ්ජ් තරු පායලනෙ...අනෙ බලන්නකො යාසි ලස්සනයිනෙ....අයි අයිහ්හ්...ඇයි කියන්නකො මල්ලි උයා මිකූව මෙතෙන්ට ගෙනාවෙ...අනෙව්ව්බ්බ්බ්බ් අරහ්හ්හ් අහසෙ ලස්සන බලන්නද මල්ලි අයියව මෙතෙන්ට ගෙනාවෙ ඈ...ඈ..ඈ මල්ලි..කියන්නකො...මට කියන්නකො අහසෙ ලස්සබ පෙන්නන්නද මල්ලි අයියව මෙතෙන්ට එක්ක ආවෙ"
"මිකූ....මගෙ පැටියො...මට දෙයක් අහන්න තියේ..."
"මුනාත මල්ලි...මුනාත මල්ලිට අයියගෙන් අහන්න තියෙන්නෙ කියන්නකෝ..යෝහ්හ් මල්ලි ඇයි කියන්නකො ඔයා දනගහන්නෙ....ඇයි මල්ලි උයා දනගැහුව්‍ර්...ම්හුක්...නැගිටින්නකො මල්ලි...මල්ලි අනෙ ඇයිහ්හ්හ්හ්හ්...අරහ්හ්හ්හ්හ්හ්හ් ඒක රතු පාටයිනෙ .....අනෙ මල්ලි ඒක ලස්සනයිනෙහ්හ්...ඒක මිකූටද කියන්නකො අනෙ ඒක මිකූටද මල්ලි"
"Miku...will you be my boyfriend????"
මතු සම්බන්දයි
ම්හුක්
ම්හුක්
ම්හුක්
ඉක්මනට ඉවර කරගන්නනෙ මේ සේරම
ම්හුක්
ඔන්න ප්‍රපොස් කරා
ම්හුක්
ආතරෙයි