my tiny boyfriend|ongoing

By yazu_yazu

6.3K 1.3K 1.9K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸
🌸17🌸

🌸07🌸

371 73 70
By yazu_yazu

"මිකූට කවද්ද ආදරයක් ඇති උනේ"

මට ඒක දැනගන්න ආස හිතුනා..මිකුට කවදා ආදරයක් දැනෙන්න ඇතිද...මට කොච්චර මේකා චූටි බබෙක් වගෙ දැනුනත් මේකා අවුරුදු විසි පහක් වෙච්චි කොල්ලෙක්නෙ..මිකූ ඉදියෙ ඇද ගාව පොඩි ටේබල් ලෑම්ප් එක ගාව වාඩි වෙලා

"ම්හු...දන්නෑනෙ මල්ලි...මිකු දන්නෑනෙ....මිකුට යාසි දැක්ක දාම හැන්ගෙන්න ඕනෙ නෑයි හිතුනා...යාසි හොද කෙනෙක් කියලා හිතුනා...මිකූට යසි කරදර කරන එකක් නෑයි හිතුනා...කලින් ගෙදරට ආව අයව මිකූ බය කරලා යැව්වට යාසිව එහෙම යවන්න ඕනෙ නෑමයි හිතුනා....ඊටත් පස්සෙ මිකූ යාසිගෙ නූඩ්ල් එක කන්න ගිය වෙලේ යාසි මිකූව දැක්ක....මිකූට චුට්ටක්වට් බය හිතුනෙ නෑනෙ එවලෙ....ඔව්න්‍ර් චුච්චක්වත්...චූචිම ටිකක්ව්ත් බය හිතුනෙ නෑනෙ...යාසි මිකූට කරදර කරන එකක් නෑයි හිතුනා..."

"එහෙනම් ඇයි දිව්වෙ..."

"මිකූ යාසිට බය නැති උනාට.මිකූ රෙස්කව දැක්කනෙ අනේ....මිකූ රෙස්කව දැක්කා...ඉතින් මිකූට බය හිතුනනෙ...එකනෙ මිකූ දිව්වෙ...මිකූ වේගෙන් දිව්වත් රෙස්කා මිකූව ඇල්ලුවනෙ අනේ...ඔව්නෙ රෙස්කා මිකූව ඇල්ලුවා.....මිකූට බය හිතුනනෙ...එවලෙනම් මිකූට ගුඩාආආඅක්ක්ක් බය හිතුනනෙ අනේ....මිකූ හිතුවෙනම් මිකු ඊරමයි කියල"

මිකූ බය උනාලු...රෙස්කට බය වෙච්ච නිසාලු දිව්වෙ...මිකූ මට බය උන්නෑලු...එදා රෙස්කා මේකාව ගිල්ල දවසෙනම් මාත් බය උනා...

"ඒත් මිකූට ටිකක් හරි හිතුනනෙ යාසි මිකූව බේර ගනී කියලා....මිකූ බාය උනානෙ දත් වදීවි කියලා.....අම්මොහ්හ් රෙස්කගෙ දතක් මිකූගෙ ඇගෙ වැදුනනම් මිකූ ඊරයිනෙ අනෙ...ඒ උනාට මිකූ හිතුවා විදියටම යාසි මිකූව බේරගත්තනෙ...එවලෙනම් මිකූට සතුටු හිතුනනෙ...මොකද යාසි මිකූව බේරගත්තනෙ...මිකූට එතෝට හිතුනනෙ යාසි මිකූව පරිස්සම් කරයි කියලා...."

"එහෙනම් ඇයි එවලෙ ආයෙ දුවන්න හැදුවෙ..."

"යාසි ලස්සනයිනෙහ්...මිකූ ඉදියෙට් හෙලුකුට්ටෙන්නෙ අනේ...මිකූට ලැජ්ජ හිතුනනෙ මිකූ හෙලුකුට්ටෙන් ඉදිය නිසා...අනික මිකූගෙ ඇග පුරාන රෙසකගෙ කෙලත් තිබ්බනෙ...මිකූට ලැජ්ජ හිතුන නිසා මිකූ දුවන්න හැදුවේ ඒත් අනෙ යාසි මිකූගෙ කුන්ඩෙන් අල්ලලා ගත්තනෙ...ඒකනම් මිකූට රිදුනා හරිද...යාසි මිකූගෙ කුන්ඩෙත් කැපුවනෙ අනේ...ම්හු..ම්හු ම්හු...අහන්කො අනෙහ්හ්"

"ඔහ් කියනකො"

"ඊට පස්සෙ යාසි මිකූව නාවලා සෝයියකුත් ඈන්දුවනෙ..මිකූට ලැජ්ජත් හිතිලනෙ හිටියේ...මිකූ ඉදියෙත් හෙලුකුට්ටෙන්නෙ...යාසි මිකූට ආදරෙන් සැලකුවනෙ අනේ...කන්නත් දුන්නනෙ මිකූට...ඉතින් මිකූට යාසි ගැන ආදරෙ හිතුනන්‍ර්...මිකූට කා ගැනවත් එහෙම දැනිලා නෑනෙ යාසි ගැන විතරනෙ එහෙම දැනෙන්නෙ..ම්හු ඔව්නෙ...ඔව්මයි මිකූට යාසි ගැන විතරයි එහෙම දැනෙන්නෙ...මිකූට ලැජ්ජ හිතෙනවා..මිකූට කිචි දැනෙනවා..මිකූට දුක හිතෙනවා...මිකූට ජෙලස් හිතේනවා...මිකූට ආස හිතෙනවා..මේ ඔක්කොම යාසි වෙනුවෙන් විතරයිනෙ..."

"එතකොට මිකූට මුල් දවසෙ ඉදලමද ආදරෙ හිතුනෙ "

"ඔව්නෙ..ඔව්මයිනෙ මිකූට පාලවෙනිම දවසෙ ඉදන්නෙ ආදරෙ හිතුනෙ...මිකූට යාසි ගාව ඉන්නෝනෙ කියලා හිතෙනවනෙ.. යාසිට ගෑනු ලමයෙක් ඉන්නවා කියලා හිතුනම මිකූට දුක හිතුනෙත් ඒකනෙ...ඒකමයිනෙ මිකූ ඇඩුවෙත් ..ඔව්මයිනෙ...මිකූ ඇඩුවෙ ඒ නිසානෙ...ම්හුක්...ම්හුක් යාසි මිකූගෙ නේත ..ම්හුක් යාසි මිකූගෙනේ...."

"දැන්නෙ තේරුනේ....අග්ගලා ගෙඩිය..."

"අග්ගලෙ කියන්නෙ ඇයි මල්ලි...මිකූ කැතයිද අග්ගලෙ කියන්නෙ...අග්ගලේ කියන්න එපානෙ මල්ලි...දුක හිතෙනවනෙ මිකූට...මිකූ මහතයිද මල්ලි මිකූට අග්ගලේ කියන්නෙ...මිකූ මහතනෑනෙ මල්ලි මෙහ්හ්..මිකූ චූචිනේ...මිකූ චූටියිනෙ අනේ අග්ගාලෙ කියන්නෙපානෙ මිකූ මහත නෑනෙ ඔව්නෑනෙ මහත නැහ්හ්......මිකූ මහත නෑනෙ අනේ"

"මිකූ අග්ගලයක් වගෙ පොඩි නිසා අග්ගලෙ කියන්නෙ"

"යුහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...ඒ හන්දද අනේ මිකුට අග්ගලෙ කියන්නෙ...යුහ් අනෙහ්හ් මිකූ කැත නෑද කියන්නකො....ඒ කියන්නෙ මිකූ කැත නෑදහ්හ්හ්...යුහ්හ්හ් අනෙහ්හ්හ් මිකූ කැත නැල්ලුහ්හ්...මල්ලිහ්..යොහ්හ්හ් යාසිහ්හ් ආතරෙයිනෙ මිකූ යාසිට උම්මියක් දෙන්නම්ද කියන්නකො...මිකූ යාසිට උම්මියක් දෙන්නම්ද කියන්නකො"

"ම්න්..."

"..හා කියලා නෙද යාසිහ්හ්හ් ඒ කියව්වෙ...අනෙ කියන්නකො හා කියලා නේත ඒ කියව්වෙ...යොහ්හ්හ්හ් අනෙහ්හ් ම්හුක් මල්ලි ආතරෙයිනෙ අනේ යාසිට...කුහ්හ්හ්හ්හ්...මූන පාත් කරන්නකො මිකූට උම්මිය දෙන්නහ්...කලින් දුන්නෙ වම් කම්මුලටනෙහ්හ්...මේ පාර දකුනු කම්මුලට දෙන්නම් හාද...හා නේද අනේ ..කුහ්හ්හ්හ්හ් කියන්නකො හා නේදහ්හ්..."

"ම්න්"

මන් මූන පාත් කරා...ඒකා ඒකාගෙ චූටි තොල් වලින් මගෙ දකුනු කම්මුලට චූටි උම්මියක් තිව්වා ....අග්ගලා ගෙඩිය වගේ ...ආස හිතෙනවා....හුරතලා මගෙ....මන් ඒකාව උස්සලා මගෙ පපුව උඩින් තියාගෙන නිදාගන්න ලෑස්ති උනා...තවම හැන්දෑවේ...හවසට ටිකක් නිදාගත්තෙ නැතොත් රෑට පාඩම් කරන්න බෑ...ඒ නිසා හවස ටිකක් නිදාගන්න එක මගෙ වගේම මිකූගෙත් පුරුද්දක් වෙලා දැන්...

අග්ගලා ගෙඩිය වගෙ ඉන්න ඒකාව පපුව උඩින් තියාගෙන ඒකාගෙ උඩින් නගෙ අතක් තියාගන මන් ඇස් දෙක පියා ගත්තා....දැගලුව ඒකා මගෙ අතින් ගැලව්ල පපුව දිගෙ ඇවිදගෙන ආවා ..මන් එක ඇහැක් ඇරලා බැලුවා .....ඒකා එනවා...ඇවිල්ලා මගෙ බෙල්ල ගාවින් කොට්ටෙට බැස්සා ...කොට්ටෙ උඩින් දිගෑරිලා මග් කම්මුලට තුරුලු වෙලා නිදාගන්න ගත්තා ...යොහ්හ් හුරතලේ..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"ම්හ්හ්....ම්හ්හ්..."

මට ඇහැරුනෙ කෙදිරියට...මිකූ කෙදිරි ගානවා නින්දෙන්...ඒකා heating pad එකක් වගෙ රත් වෙලා...මගෙ කම්මුල ගාව නිදාගත්තු ඒකා දැන් උන්නෙ මගෙ බෙල්ල අස්සෙ ගුලි ගැහිලා....නින්දෙම්ම කෙදිරි ගානවා...ඒකාට උනද...මට එක පාර මතක් උනෙ ඒකා සාක්කුවෙ ඉදන් බිමට වැටුන හැටි...මගෙ පොඩි එකා...ඒකාට උන ගැනිලද...මාව ඩිම් උනා...මාව එහෙම්ම නැගිට්ටුනා..මගෙ බෙල්ල අස්සෙ උන්න ඒකා රූට්ටලා මගෙ උකුල් උඩට වැටුනා....

ඇස් දෙකත් ජිල් බෝල කරන් දිගෑරිලා උන්න ඒකාගෙ ඇස් දෙකට එක තප්පරෙන්න් කදුලු බෝල දෙකක් පිරුනා...අග්ගලා ගෙඩිය වගේ ඒකා එතන වාඩි උනා.....මගෙ දිහා ජිල් බෝල වගෙ ඇස් හදාන බලන් ඉදලා එක පාර ඉකි ගගහා අඩන්න ගත්තා...මන් ඒකාව මගෙ අත උඩට ගත්තා..ඒකා රත් වෙලා...ඒකාගෙ මුලු ඇගමා රතු වෙලා...රෝස පාටයි පිනි ජම්බුවා වගේ..

"මිකූ"

"ඉහික්...ම්....ම්හුක්....මිකූගෙ...ඉහික්..මීකූගෙ ඇග රිදෙනවා මල්ලිහ්හ්...ඉහික්...මේ ඇගම රිදෙනවනෙ යාසි...අනෙ යාසී අනේ හීතලයිනෙ යාසි......යාසි...මට හීතලයිනෙ..මෙහ්හ් මිකූව වෙව්ලනවනෙ යාසි...අනෙ මිකූව වෙව්ලනවනෙ යාසි...අනේ හීතලයිනෙ..."

"අනෙ මිකූ ඔයාට උන..."

"ඉහික්...රිදෙනවනෙ ඇග...ඇග රිදෙනවා යාසි..."

දැම් වෙලාව රෑ අටයි....මිකූට උන...එයාගෙ ඇග රිදෙනවලු..දවාලෙ වැටිච්ච නිසා අවුල යන්න ඇත්තෙ ......මන් අහන් ඉදියා මිකූ කියෙව්වා උනත් එයාගෙ කටහඩත් එක්ක අමුතු වෙලා...මන් එයාව අරගත්තා මගෙ අත උඩින් තියාගත්තම hamster කෙනෙක් වගෙ දිගා උනා...චූටි අග්ගලේ ..මන් එයාව එක්කන් පහලට ආවා...මට බලන්න ඕනෙ...බෙහෙත් තියේද කියලා...නැති උනොත් ගේන්න යන්න වෙනවා

"මිකූ ඔහොම ඉන්න හාද .."

"ම්හ්හ්"

ඒකාට නින්ද යනවද මන්දා...ඒකා අල ගෙඩිය වගෙ මගෙ අත උඩ නිදි...මන් ඒකාව අත උඩ තියාගෙන බෙහෙත් හෙව්වා...first aid box එකෙ ඇරගෙන මිකූව එතන බිමින් තිව්වම first aid box එකට හේත්තු වෙලා වාඩි උන මිකූ මගෙ දිහා බලන් උන්නා...මන් බෙහෙත් හෙව්වා..උනට දෙන්න හොද බෙහෙත් මොකුත්ම ගෙදර නෑ...

මන් මිකූවත් අරන් හනික උඩට ගියා...මෙහම හරියන්නෑ බෙහෙත් මොනවා හරි ගෙනත් දෙන්න ඕනෙ...නැත්තම් එයාට වැඩි වේවි...මගෙ චූටි අග්ගලේ .....මන් එකාව උස්සලා අරගෙන ඇද උඩින් තිව්වා...පස්සෙ ඒකාගෙ අර සයිඩ් ටේබල් එකේ තිබ්බ නිදාගන්න චූටි ඇද අරන් මග්‍ර් බෑග් එක ඇතුලෙන් පෙරලෙන්නැති විදියට තිව්වා...මගෙ චූටි අග්ගකෙ මගෙ දිහා බලන් ඉන්නවා...මේ කලබලේ බලන්න රෙස්කා පවා අවදිවෙලා තිබුනා...

මිකූට අලුතෙන් ඇදුමක් දාවගත්ත මම ඒකාව අරගෙන බෑග් එක ඇතුලෙන් තිබ්බ ඇද උඩින් තිබ්බා...ඇද හෙල්ලෙයි කියලා බය නිසා මන් බෑග් එක මගෙ ලගින්ම තියාගත්තා...මිකූව ඒකෙන් තියලා රෙද්දකිනුත් පෙරෙව්වා....
.

චූටි මිකූ එතන නිදියන්න පෙරලුනා...මන් බැග් එකට් අතින් අරන් පහලට ආවා පඩිපෙල ලග රෙස්කා බලන් ඉන්නවා

"මන් ගිහින් එනකන්...පුතා දග නොකර ඉන්න හාද..."

වුෆ් වුෆ් වුෆ්

මන් එහෙම කියලා රෙස්කගෙ ඔලුව අතගෑවා...මිකූ එක්කලා මන් ගෙයින් එලියට ආවා...මොනා හරි බෙහෙත් අරගෙන එන්න ඕනෙ...ඒත් මොනවද...උනට දෙන බෙහෙත් ගත්තා උනත් මන් කොහොමද මෙයාට ඒවා දෙන්නෙ...මෙයා චූටි නිසා මෙයාට බෙහෙත් වල ඩොස් එක වැඩි වෙයි...

මන් දැන් මොකද කරන්නෙ....මොකද කරන්නෙ මොකද කරන්නෙ...ආ...ඒත්....උදව්වක් ගන්න පුලුවන් මනුස්සයෙක් ඉදියත් මට එයාව විශ්වාස කරන්න පුලුවන්ද...මගෙ යුනි එකෙ යාලුවෙක් ඉන්නවා මෙඩිකල්ස් ස්ටුඩන්ට් කෙනෙක්...ඒත්...මන් කොහොමද මිකූ ගැන කියන්නෙ... බෙහෙත් අරන් ඉමුකො ඉස්සෙල්ලා

මන් මිකූවත් එක්කන් ෆාමසියක් හොයන් ආවා....ෆාමසියකට යන්න මීටර් සීයක් වගෙ යන්න ඕනෙ...ටික දුරයි..මන් මිකූ ඉන්න බෑග් එක ඉස්සරහට එල්ල ගෙන ඒක වැටෙන්නෙ නැති වෙන්න පරිස්සමට අල්ලගෙන හෙමීට ෆාමසියක් හොයන් යන්න ගියා

.........................................................................

මන් බෙහෙත් ටිකත් අරගෙන ෆාමසියෙන් එලියට ආවා...මිකූ තාම බෑග් එකේ...මන් බෑග් එකේ සයිඩ් එකක් චුට්ටක් ඇරලා තියෙන්නෙ...නැත්තම් එයාට හුස්ම ගන්න බැරි වේවි...මගෙ චූටි අග්ගලේ ....මන් මිකූව එක්කන් ගෙදරට ආවා...ඒ ඇවිල්ලා මිකූව එලියට ගත්තා...මන් එයා උන්නු චූටි මෙට්ටෙ එහෙම්ම උස්සලා ගත්තා...ඒකා නිදි...මන් එයාගෙ චූටි කම්මුලකට චුට්ටන් කිස් එකක් දුන්නා

මන් දන්නෑ හේතුවක් ඒත් මට එහෙම කරන්න හිතුනා..මන් එහෙම කිස් කරලා මිකූව මේසයක් උඩින් තිව්වා . ඒ තියද්දි රෙස්කා බිරුව හන්දා මිකූ අවදිඋනා.. චූටි අලගෙඩිය රතු වෙලා...මගෙ දිහා බලාන ඉන්නවා ඒකා....පුන්චි අලගෙඩියක් වගේ .

"ම්හ්හ්...මල්ලිහ්.....මිකූගෙ ඇග රිදෙනවා...."

මේකා එහෙම කියද්දි හේතුවක් දන්නැතිව උනත් ඒක මගෙ පපුවට දැනුනා...මන් එයාගෙ චූට්ටන් ඔලුව මගෙ ඇගිල්ලකින් අත ගෑවා...චූටි අලගෙඩිය මගෙ ඇගිල්ල බදාගත්තා...ඒ බදාගෙන නිදාගන්න ලෑස්ති උනා මන් ඒකාව මගෙ අල්ල උඩින් තියාගත්තා...ඒකා මගෙ ඇගිල්ලක් බදන් මගෙ අත උඩ නිදාගන්න ගත්තා

මන් ඒකාව අරගෙම සෝෆා එකෙන් වාඩි වෙලා කෝල් එකක් ගත්තා...මගෙ යාලුවා ආයුශ්ට...එයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්...එයාට මේ ගැන කියන්න වේවි...මට බයයි...මෙයා තවත් අසනීප වේවි කියලා...ඒ වගේම මන් හිතනවා මට එයාව විශ්වාස කරන්න පුලුවන් කියලා මොකද ඒ මගෙ හොදම යාලුවෙක්

Rings දෙකයි කෝල් එක answer උනා

"හෙලෝ"

"හෙලෝ ආයු...."

"මචන් යාශි මොකෝ මේ රෑ..."

"පොඩ්ඩකට මගෙ ගෙදරට එන්න පුලුවන්ද..."

"ඇහ්"

"පොඩි ප්‍රශ්නයක්..."

"හ්ම් හ්ම්...විනාඩි පහක් දියන්..."

ඒ ඒකාගෙ හැටි...ඒකා ඉන්නෙත් මේ ලගමයි...මිකූ මගෙ අල්ල උඩ තව තව ගුලි වෙනවා...ඒකට හීතල ඇති...මන් ඒකාව ගෙනිහින් ඇද උඩින් තිව්වා...ඒ තියලා ඒකාගෙ ඇගට උඩින් බෙඩ්ශීට් එකක් දෑවා...ටිකකින් දොරට තට්ටු කරන හඩ ඇහුනා

"ඉන්න ආයු මන් එනවා..."

මන් මිකූව එතනම තියලා ආයුව එක්ක එන්න ගියා....ආයු ඇවිත් ඉදියා...පුරුදු විදියටම කන්නාඩි දෙක දාලා..ලොකූ ටීශර්ට් එකක් ඇදලා බෑග් එකකුත් කරෙ දාගෙන ආයු ඉදියා

ආයුශ් සේහර්ශ පෙරේරා



















මතු සම්බන්දයි

ඔන්න එක ලග දවස් දෙකේ දෙකක්ම දුන්නා..හරියට බැලුවොත්නම් එකම දවසෙ...

ඔන්න අනේ මට උම්මියක් ඕනෙ දෙකක්ම දීලා නිසා හාද

ආදරෙයි

ආහ්...අහන්ඩෝනෙහ්හ්..මිකූ ඊර උනාම තවත් චිබි කතාවක් ඌනෙතහ්හ්

You'll Also Like

49.6K 5.3K 21
මනුස්සයෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දෙ මොකක්ද ඇහුවොත්... එක්කෝ... ඒ ආදරේ වේවී.. එක්කෝ... ඒ සල්ලි වේවී... එක්කෝ... ඒ ලස්සන ජීවිතයක් වේවී... ම්.. ම්.. ම...
216K 8.2K 30
You were born in shadow, the daughter of Gwi-Ma-the most feared demon in existence. But you turned your back on the darkness long ago, severing the b...
6.5K 612 8
ෆීනික්ස් සලකුණක් ඇති ගින්නෙන් උපන් ඔහුගෙ කතාව..
183K 11K 68
" ආත්මීය බැදීම් නැවත හමුවෙනවා " " ආත්මීය බැදීමක් නම් දන්නේ නෑ , ඒත් මං තමුසෙට ආදරෙයි ! " මන් හිතන්නේ ආදරේ කියන්නේ මේ හැගීමට, ඒක සම්පූර්ණ වෙන්න අපි වග...