my tiny boyfriend|ongoing

By yazu_yazu

6K 1.2K 1.8K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸

🌸04🌸

319 78 67
By yazu_yazu

"යුහ්...මල්ලි අහන්නකො අනේ....උයාගෙ අර බලු තඩියගෙ කට ගඳයිනෙ අනේ...ඊයෙ මිකූව ගිලින්ඩ හැදුව වෙලේ මිකූ සිහිය නැති උනෙ ඒකාගෙ කටෙ ගදටනෙ අනේ...ඒකාගෙ කට ගඳයිනෙ අනේ...උයා මද්දවන්නෑද කියන්නකො එයාගෙ කට ...ඇයි කියන්නකො එයාගෙ කර එච්චර ගඳ.."

මිකූ ඉදියෙ කුස්සියෙ...සීනි බෝතලෙ උඩ වාඩි වෙලා ඉදියෙ ඒකා කච කච ගෑවිල්ලෙ කියවනවා....යුනි එකේදි කතා කරපු කෙල්ලගෙ ඉදලා රෙස්කා වෙනකම්ම ඒකාට ප්‍රශ්න....උදෙ කතා කරපු ගෑනු ලමයා මගෙ යාලුවෙක්ද අහලා පටන් ගත්ත කතාව රෙස්කාගෙ කටෙන් ඉවර වෙන්න තරම් ඒකාගෙ කතාව දිගයි....

යුනි ඉදලා ආව ගමන් රෙස්කා ඒකාව කන්න පැන්නා කියලා නෝක්කාඩු කිය කිය උන්න ඒකා දැන් රෙස්කාගෙ කට ගඳයිලු...ඒකාගෙ දත් මද්දන්නෑලු...ලොකු ලොකු ප්‍රශ්න තියෙන්නෙ..දත් මද්දවන්නලු ඒකාගෙ කට ගඳලු ..ඉවසන්න බෑලු...ඒකලු ඊයෙ ඒකාට ෆේන්ට් උනේ

"මල්ලි...මල්ලි අනේහ්හ්හ්හ්හ්...අර කේක් බෝලෙ දෙන්නකො....මට කේක් බෝලේ...මිකූට කේක් බෝලෙ ගෙනත් දෙන්නකො...මිකූ කේක් බෝලෙ කෑවෙ නෑනෙ......අනෙ මල්ලිහ්හ්හ්...යාසි මල්ලි...අයියට කේක් බෝලෙ දෙන්නකොහ්..."

" උදේටත් කෑවෙ පැනිරහ..දවල්ටත් පැනිරහ දෙන්න බෑ...lunch අරගෙන ඒක දෙන්නම් හවසට ..දත් රිදෙන්න ගනීවි මිකූගෙ..."

මන් එහෙම කිව්වම ඒකා මටත් ගස්ස අහක බලාගත්තා..කරන්න දෙයක් නෑ...එහෙම ඉල්ලන වෙලාවට පැනිරහ දීලා දත් පනුවො කෑවොත්...බඩ රිදෙන්න ගත්තොත්...මොකො මන් මේකාව අරගෙන ඉස්පිරිතාලේ යන්න කියලද....

එහෙම එක්ක ගියත්..මේකාව සයන්ස් ලැබ් එකකට ගනීවි...ඒ හන්දා මිකූව පරිස්සම් කරන්න ඕනෙ ගොඩක්....ඒකා අර සීනි බෝතලෙ උඩ ඉදන් විකාර කරනවා...ඒකාගෙ නාහෙ අල්ලන් තට්ටු දානවා...ඒකාගෙම කකුල් දෙක අල්ලගෙන එහාට මෙහාට පැද්දෙනවා..අල බෝලෙ වගෙ හුරතලේට පැද්දි පැද්දි ඉන්නවා...

වයස විසි පහක්ලු..ඒත් තාම පොඩි එකා වගේ...චූටි අග්ගලාව...මන් උයනවා...අම්මා එපා කිව්වට අදත් නූඩ්ලස් තමා...උයන එක හරි කම්මැලි වැඩක්...අනික මන් උයන ඒවගෙන් කන්න පුලුවන් මේක විතරයි...අද හදන්නෙ ටිකක් සැර වර්ගෙක නූඩ්ලස් එකක්...මිකූට වෙනම අයින් කරලා මන් සැරදෑවා...කුස්සියත් එක්කම ඒකෙ සැරට දැවිල්ල ගන්නවා

" යාහ්හ්හ්හ් යාසි...මොකක්ද ඒ කරේ....කැහ් කැහ්...මල්ලි ඔච්චර සැරදාලා මිකූටනම් කන්න බෑ...අරහ්හ්හ්හ්..ඒක රතු පාටයි...මිකූටනම් එපා...මිකූ පිච්චේවි......අනෙ මල්ලිහ්හ්හ්හ් ඕක අරන් යන්ඩකො අප්පා...දැවිල්ලයිනෙ මූනත් එක්කලා.."

ලිප කිට්‍ටුවම උඩින් උන්න හන්දා ඒකට දැවිල්ලයිලු...මූනෙ ඉදන් රතු වෙලා ගියා ඒකාගෙ...යොහ්හ්...අර අත පයත් එක්කලා රෝස වෙලා...දැන්නම් බතල අලයක් වගෙ ..මන් ඒකාව උස්සලා මගෙ අත උඩට ගත්තා...චූටි අලේ..මන් ඒකාව අල්ල උඩින් තියාන ඒකාගෙ මූන පිස්සා නූඩ්ලස් එකෙන් ගහන දැවිල්ලට ඒකාට දාඩිය දාලා ..

"මොනාද මල්ලි උයා කරන්නෙ...ඇයි කියන්නකො ඒකට එච්චර සැර දෑවෙ...හරි නරකයි මල්ලි ඔයානම්..මහ මොනාද අප්පා..හරිම නරකයි .ඔව්.....යාසි මල්ලි හරි නරකයිනෙ...උම්මියක් දෙන්න හිටියට දැන්නම් උම්මි දෙන්නෙත් නෑනෙ ...මිකූ යාසිට උම්මි දෙන්නෑ...ඔව් දෙන්නෑමයි...චීයායා..අනේ.මිකූ කන්නෙ මුනාත කියන්නකො දැන්..."

" මිකූට අයින් කරා...අර"

එකාට ගෙනාව අර චූටි පිගානට දාපු චූටියට කපපු කැරට් ලීක්ස් එහෙම දාපු නූඩ්ල්ස් එක පෙන්නුවම ඒකාගෙ ඇස් දෙක බෝල වගෙ උනා....ජිල් බෝල වගෙ ඇස් දෙක හදාන ඒකා මගෙ දිහා බැලුවා..

"අයියව අමතක උනෙ නෑද මල්ලි...මිකූ හිතුවෙ යාසිට මිකූව අමතක වෙලා සැර දෑවා කියලනෙ...යාසිට මිකූව අමතක වෙලා නෑද...අමතක උනෙ නෑද කියන්නකො ..අනෙ මල්ලි ඔන්න දැන්නම් මිකූට උම්මියක් දෙන්න ඕනෙමයි.....කෝ අනේ මූන පාත් කරන්නකො උම්මියක් දෙන්න...කූහ්හ්...උම්මියක් දෙන්නම්කො...මූන පාත් කරන්නකො යාසි...."

ඒකාව අමතක නෑද අහලා මූන පාත් කරන්නයි උම්මියක් දෙන්නම් කිව්ව චූටි මිකූ මගෙ අල්ල උඩ ඉදන් එහෙට මෙහෙට වැනෙන්න ගත්තා ..අල ගෙඩිය වගෙ පෙරලි පෙරලි විකාරයක් කරපු ඒකා අන්තිමට hamster කෙනෙක් වගෙ මගෙ අත උඩ දිගා උනා....මන් ඒකාව අයෙම සීනි බෝතලෙ උඩීන් තියලා නූඩ්ලස් එක හදන්න ගත්තා....අල ගෙඩියක් වගේ ඒකා බලාන ඉන්නවා

දවල්ටයි කිව්වත් දැනටත් වෙලාව හැන්දෑඅවෙ හතරට කිට්ටුයි...මොනාඅ කරන්නද යුනි ඉදලා එද්දි එ ටයිම් වගෙ උනා ඔය ඉදියට මිකූට උනත් බඩගිනියි කියා කියා ඉදියෙ....වොශ් එකක්වත් නොදා එහෙම්ම කෑම හදන්න ගත්තෙත් ඒ හන්දමයි

"මල්ලිහ්හ්...යාසිහ්හ්හ්හ්හ්.....උයා දන්නවද අනේ ඒ දවස්වල ..යාසි මෙහෙට එන්න කලින්...මිකූ බලන් ඉන්නෙ ඉරිදා වෙනකන්නෙ....ඔව්නෙ.යාසී...යාසි දන්නවද ඒ ඇයි කියලා"

"ම්ම් නෑනෙ..."

"මිකූගෙ මේරි අම්මි ඉන්නෙ...මන් යාසිට කියව්වෙ...එයා මිකූට කෑම ගෙනවා කියලා...මේරි අම්මි පාට පාට කුකිස් ගොඩක් හදන් එනවනෙ ඉරිදට ...මිකූ චූටි උනාම මිකූ කෑවෙ පලතුරුනෙ....ඉතින් මිකූට ඉරිදට කුකී කන්න පුලුවන්නෙ .....මිකූ බලන් ඉන්නෙ ඉරිදා එනකන් කුකී කන්නනෙ...මිකූ එව්වට හරි ආසයිනෙ..."

ඒකා කියනවා ඉරිදටලු ඒකා ආසම...ඒකාට කුකී කන්න පුලුවන් නිසා ඒකා එදාට ආසලු...ඒකා හරි හුරතලේට කිව්වා උනාට ඒකා ඒ කිව්ව කතාවට මට පව් කියලා හිතුනා...අනෙ මන්දා තේරෙන්නෑ ඒක අනුකම්පාවක් නෙවේ...නොතෙරෙන හැගීමක්...මට එයාව බෝතලේක දාලා පරිස්සම් කරන්න්න හිතෙනවා....පපුවට තුරුල් කරන් ලෝකෙන්ම හන්ගගන්න හිතෙනව....

ඒකා කියව කියවා ඉද්දි මන් ඒකාගෙ ඔලුව අත ගෑවා...මගෙ ඇගිල්ලකින් හෙමීට ඔලුව අත ගෑවා...එහෙම කරලා නූඩ්ලස් එකත් පිගානකට දාගෙන මන් මිකූගෙ පිගාන ලගින්ම ඒකත් තිව්වා....මිකූ සීනි බෝතලෙ උඩ ඉදන් බලන් ඉදීයා

ඊටපස්සෙ බිත්තරයකුත් අරන් ඒක omelet දෑවා.....මිකූටත් වෙනම චුට්ටක් අරන් බැදපු මම ඒ චූටි omelet එක මිකූගෙ plate එකෙන් තියලා අනික මගෙ plate එකෙන් තිව්වා...ඒකාට ගෙනාව කෝප්පෙට කිරි එකකුත් හදල දාලා මාත් කිරි එකක් හදගෙන රෙස්කටත් dog food එකෙන් ටිකක් දාලා දීලා මිකුවත් එක්කගෙන සාලෙට ආවා

"යුහ් මල්ලි උයා කුක්කුත් හදලනෙ අයියට...අයියට උම්මියක්නම් දෙන්නම ඕනෙ දැන් හාද....අයියා මල්ලිට උම්මියක් දෙනවා හරිද දැන් ..හා නේද කෝ හා නේද අනේ....මල්ලි ඇයි කියාන්නකෝ උයාගෙ කන් දෙක රෝස පාට වෙන්නෙ...මිකු උම්මියක් දෙන්නා අහද්දිම ඇයි කියන්නක් යාසිගෙ කන් සෝස පාට වෙන්නෙ"

"මොකුත් නෑ කන්නකො"

මේකා අහනවා උම්මියක් දෙන්න ඇහුවම කන් රෝස වෙන්නෙ ඇයි කියලා..ඇයි අඩා ලැජ්ජයිනෙ...මේකා මෙහෙම උන්නට මටත් වඩා වැඩිමල්...අල ගෙඩියා වගෙ..උම්මියක් දෙන්නද අහනව හැමතිස්සෙම...මේකාටා පුදුම උනක් තියෙන්නෙ මටා උම්මියක් දෙන්න...නරි කෝලන් තමා..දැන්නාම් ඒකා කනවා...චුට්ට චුට්ට කනව...කාටුන් චරිතයක් වගේ....මන් මිකූගෙ දිහා බලාගෙනම කන්න ගත්තාඅ..ඒකා හරි හුරතල්.අනෙ මන්දා...ඒකාගෙ හුරතලේට මාව වහ වැටිල

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"මල්ලිහ්...මල්ලි මොකක්ද කියන්නකො කරන්නෙ....ඈ ඈ...මල්ලි මොකක්ද කරන්නෙ කියන්නකො...මහ නරකයිනෙ මල්ලෙහ්....අයියට කම්මැලීනෙ...මල්ලිට ඔය පොත වහලා අයියා එක්ක සෙල්ලම් කරන්න බෑද කියන්නකො...අයියට කම්මැලිනෙ මල්ලි..."

මිකූ කියවනවා...මන් යුනි එකේ වැඩක් කරන ගමන් ඉදියෙ...ඒකා ඉදියෙ මගෙ ලැප් එකෙ keyboard එක උඩ වාඩි වෙලා ඒකාගෙම කකුල් දෙක ඒකාගෙ අත් දෙකෙන් අල්ලන් දෙපැත්තට වැනෙනවා

දවාලෙ කාලා ඒකාව නාවලා අලුත් ඇදුමක් ඇන්දුවා...රෝස හූඩි එකයි සුදු කලිසමයි...ඒකා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ

මන් ඒකාව එතන තියලා ගිහින් කුස්සියෙන් බිස්කට් එකක් කඩලා ගෙනත් මිකූ ඉන්න තැනින් තිව්වා...ඒකාගෙ කෙක් පොප් එක ඒකා දවාලෙ බත් කෑව ගමන් කැවා...දැන්නම් රෑ දහයට කිට්ටු...හෙටට කරන්න ඕනෙ වැඩ වගයක් මන් රෙකෝඩ්ස් වගයක් බලන ගමන් කරද්දි මගෙ වටේටම කෑ ගගහ නට නට ඉදිය මිකූ ලැප් එකේ කීබෝඩ් එක උඩ දිගා උනෙ ඒකාට කම්මැලි කියන ගමන්මයි

"යුහ්හ්හ්හ්හ්හ්....අන්නහ්හ්හ්හ්හ්....බිස්කට් ගෙනල්ලාහ්හ්...මිකූටද...අනෙහ් මිකූටද කියන්නකොහ්....අයියාට නේද බික්කට් ගෙනාවෙ කියන්නකො...මට දෙන්නකො...මිකූට දෙන්නකො...යාසීහ්හ්...මිකූටත් බිස්කට් එකක් දෙන්නකො.......මිකූට බිස්කට් එකක් දෙන්නකො....ම්හුක්..දෙන්නකුහ් "

ඒකා කියවනවා...අර බිස්කට් කප් එක වටේටම නට නට ඒකාට ඒකක් දෙන්නලු....මේ කොල්ලා දැන් රෑටත් කාලා ඉන්නෙ .මොනා උනත් හොද හැටි කන්න ඈකි මේකාට

මන් ඒකාව අරගෙන පාට පාට බිස්කට් තිබ්බ පිගානෙන් ඒකාව තිව්වම බිස්කට් එකක් අතට අරන් ඇස් දෙක ජිල් බෝල කරන් මගෙ දිහා බලන් ඉදියා

"ම්හුක් ම්හුක් මිකූ ඒකට ආසයිනෙ......ඒක රහයිනෙ අනේ...ම්හුක් ..යාසිහ්හ්හ්හ්...ම්හුක් ..යාසිහ්..මේ රෝස පාට එක රසත යාසි...යාසි කාලා තියෙයිද කියන්නකො...මේ රෝස පාට එකත...කොල පාට එකද කියන්නකො රස....අනෙ මේ දුබුරු පාට එකේ චොකො චිප් තියේනේ...මිකූ ඒකට ආසයිනෙ....යොහ්හ්හ්හ්හ්හ්හ්...ඒක රසයිනෙ...යොහ් යොහ් යොහ්....මේ රෝස පට එකෙත් චුට්ටක් කාලා බලන්නද කියන්නකො ..."

"ම්ම්..."

මන් ආයෙම මගෙ වැඩ ටික කරන්න ගත්තා...ඒත් මිකූ ආයෙම කම්මැලිනෙ කියාගෙන මගෙ පොත උඩ දිගාඋනා...දැන් මේකාව එලවන්න කියලද

"මිකූට කම්මැලිහ්හ්හ්...ම්හුක් යුහ්හ්හ්හ්හ්...මේ මුකක්ත අනෙ....ම්හුක් මුකක්ත කියන්නකො මේ.....යුහ්හ්හ්හ්හ් අනෙහ් මේ කාටුන් එකක්ද කියන්නකො ....අනෙව්ව්ව්ව්ව්ව් මිකූ වගේනේ අනේ...මේකා මිකූ වගේනෙ අනේ...ම්හුක් ම්හුක් ම්හුක්...යාආආඅහ්හ්හ් මිකූ මේක බලන්නම්ද ....."

මිකූට කාටුන් එකක් දාලා දුන්නම නැගිටලා ආව ඒකා ෆෝන්නෙකට එබිලා ඒ කාටුන් එකක්ද ඇහුවා...ඒකෙත් ඒකා වගෙ අය ඉන්නවයි කිවා...ඒක ඒකා බලන්නම්ද ඇහුවා...මගෙ අලබෝලෙ...පොඩි එකා වගේ වාඩි වෙලා බලාන ඉන්දැද්දි මන් ආයෙ මගෙ වැඩ ටික කරන්න ගත්තා ටිකකින් ආයෙන මිකූ මන් උන්න දිහාට ආවා

"මිකූට ඒක බලන්න බැහ්හ්හ්හ්හ් කම්මැලිහ්...මිකූ මොනාද කියන්නකො කරන්න ඕනෙ....යුහ්හ්හ් මේ පැන්සල කැතයිනෙ මල්ලිහ්...මිකූට ඒ දවස්වල තිබ්බෙ රෝස පාට බබෙක් ඉන්න පැන්සලක්නෙ....මිකූට තිබ්බෙ රෝස පාට පැන්සලක්නෙ...ඇයි කියන්නකො යාසිට කැත පැන්සලක් තියෙන්නෙ...ඈ ඈ ඈ...."..

"මිකූ රෝස පාට පැන්සල්වලට ආසද..."

"ඔවුහ්හ්...මිකූගෙ ආසම එක රෝස පාට පැන්සල් වලටනෙ...මිකූ ඒවගෙ සුවදට ආසනේ..ම්හුක් ඔව්නෙ සුවදට ආසයිනෙ ..ඒකෙ ගහලා තියෙන බබාලත් ලස්සනයිනෙ...මිකූට තිබ්බනෙ ඒ වගෙ ගුඩාආආක්ක්ක් පැන්සල්"

"එහෙමද...යාශි ආස කලු එව්වට "

"යුහ්හ්හ්හ් ඇයියනෙ...ඇයි කියන්නකො යාසි කලු එව්වට ආස...ඊගාවා සෝස පාට එකක් ගන්නකො...අනෙ හාද කියන්නකො....ඊගාවට සෝස පාට පැන්සලක් ගන්නවද කියන්නකො...."

"ම්හුක්....යොහ්හ්හ්හ්....මුකක්ද මෙහ්හ්හ්හ්"

" ඒක මකනයක්...මගෙ අක්කගෙ දුවගෙ"

"යුහ් අනේ ඒක ලස්සනයිනෙ..මිකූටද ඈ මිකූටද කියන්නකො ඒක...ම්හුක් අනෙ යාසිට ආදරෙයිනෙ....ම්හුක් උම්මියක් දෙන්නද කියන්නකො..මිකූ යාසිට උම්මිය දෙන්නම්ද...හා නේද උම්මියක්...උම්ම්ම්ම්ම්මහ්..කියලා උම්මියක් දෙන්නම්ද මෙන්න මෙතෙන්ට "

ඒකාට මන් මගෙ අක්කගෙ දුවගෙ මකනයක් දුන්න....ඒකා ඒක අරගෙන ඒක ඒකාටද අහනවා...ඒක ඒකාටද කියලා..ඒකා මට උම්මියක් දෙන්නද අහනවා...ආයෙම මග්‍ර් කන් රතු උනා....මල හුරතලයක් මේකා..අලගෙඩිය වගෙ ඉදන්

මන් ඒකාව අරගෙන මගෙ හූඩි එකේ සාක්කුව අස්සට ඔබාගෙන කාමරෙට එක්ක ගියා




















මතු සම්බන්දයි🥀🥀

අදට ඇති..

ම්හුක්

ආදරෙයිහ්හ්හ්හ්

You'll Also Like

45K 3.5K 49
අරලිය පාට තැවරුණු, ගිවිසගත් වස්සාන හාදුව..!
261K 16.4K 51
කුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤
183K 11K 68
" ආත්මීය බැදීම් නැවත හමුවෙනවා " " ආත්මීය බැදීමක් නම් දන්නේ නෑ , ඒත් මං තමුසෙට ආදරෙයි ! " මන් හිතන්නේ ආදරේ කියන්නේ මේ හැගීමට, ඒක සම්පූර්ණ වෙන්න අපි වග...
182K 12.2K 40
𝑲𝒊𝒂𝒓𝒂, 𝒕𝒉𝒆 𝒏𝒆𝒈𝒍𝒆𝒄𝒕𝒆𝒅 𝒅𝒂𝒖𝒈𝒉𝒕𝒆𝒓 𝒐𝒇 𝒕𝒉𝒆 𝑹𝒂𝒕𝒉𝒐𝒓𝒆𝒔. She was the quiet shadow in a home full of voices. The forgotten...