my tiny boyfriend|ongoing
By yazu_yazu
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
නිදි විකාරෙ ඇස් දෙකත් පියන් ඔලුවත් කහ කහ ඇදෙ වාඩි වෙලා උන්න චූටි බිත්‍තර ගෙඩිය ඇගිලි දෙකකින් උස්සලා අරන් අත උඩින් තියාගත්ත මන් ඒකාව මගෙ ඇස් මට්ටමට ගෙනාවා යොහ් මේකාට නිදි මත උනාම කම්මුල් දෙක ගිනි රෝස පාට වෙනවා හුරතල් අප්පා
එක පාර උස්සලා ගත්ත හින්දද කොහෙද ගැස්ස්සිච්ච කොල්ලා ඇස් දෙකත් බෝල කරන් මගෙ දිහා බැලුවා
" අයියා බබාට කන්න අදහසක් නැද්ද ඉතින් ම්ම්"
" අයියට කන්න දෙනවද මල්ලි ඔයා..."
ඇස් දෙක පුලුවන් තරම් බෝල කරගත්ත ඒකා එහෙම ඇහුවා වගේම හේතුවක් නොදැන මට පව් කියලා හිතුනා...මන් මේ තියාගෙන හුරතල් කරාට මේ කොල්ලා කාගෙ කව්ද ඇයි මෙහෙම චූටි..
මන් ඒකාවත් උස්සන් පහලට ආවා දැන්නම් මටත් සෑහෙන බඩගිනි....මම ඒකාව අරගෙන ඇවිත් පැන්ට්‍රි කබඩ් එකේ බෝතලයක් උඩින් තියලා නූඩ්ලස් එක ආයෙ රත් කරන්න ගත්තා නිවුනම කන්න බෑනෙ අනේ.....කෝලම කොහෙදෝ බලන් ඉන්නවා...යාහ්හ්හ් මේකා මේ බලන් ඉන්නෙ ස්ට්‍රෝබෙරි දිහා...අමතක උනානෙ කියන්න මේ ගෙදර පිටිපස්සෙ වත්තම පලතුරු එලවලු වවලා තියේ....ඒ වගෙ හොදට පලදාවත් තියේ...
මන් නූඩ්ලස් එක රත් වෙන්න තියලා ජනේලේ ගාව එලියෙ තිබ්බ චූටි ස්ටෝබෙරි පැලෙන් ටිකක් ලොකු ස්ට්‍රෝබෙරි ගෙඩියක් කඩන් ඇවිත් ඒක හෝදලා මිකූට දුන්නම ඒකා හරි ලස්සනට හිනා උනා මිනි සව්න්ඩ් එක ඇහෙන්නම....ඒ කරලා අර ස්ට්‍රොබෙරි ගෙඩිය චුට්ට චුට්ට අර චුට්ටන් කටෙන් කන්න ගත්ත
කෝලම් මල්ලක් මේකා....මේකා හිනා වෙද්දි අර බෝල ඇස් දෙක අඩ හද වගෙ වෙනවා...එතකොට හරි හුරතල් මන් රත් කරපු නූඩ්ලස් එක මගෙ බාජනේට දාගෙන අර සෝස් දාන්න තියෙන චූටි කප් තියෙන්නෙ අන්න ඒකකට නූඩ්ලස් ටිකක් චූටි වෙන්න කඩලා වගේ දාලා ටූත් පික් දෙකක් ඒකට දාලා ඒ පොඩි කප් එකයි මගෙ ප්ලේට් එකයි අරන් සාලෙ මේසෙ උඩින් තිව්වා ඊට පස්සෙ ගිහින් මිකූවත් එක්කගෙන ආවා...ඒකාව මේසෙ උඩින් තියලා අර නූඩ්ලස් එක ඒකාට දුන්න
" යූහ්හ්හ්හ් මල්ලිහ්....අහන්නකො අනෙ..."
"ම්ම්"
"මොනවද අනෙ ම්ම් ගාන්නෙ..අහන්නකො...."
"හරි හරි කියන්නකො"
" මල්ලි දන්නවද..මේ ගෙදර හොල්මන් ඉන්නවනෙ..."
"ම්ම්"
"බොරු නෙවෙයි..."
" හ්ම් හ්ම් "
"මිකු දැක්කනෙ...."
" ම්ම්"
"...ඔහොම ඉන්නවකො....හොල්මනක් ඇවිත් ගහලා ගිය දාට ඔයාට මේ අයියව මතක් වෙයි....එතකොට එන්නකො අයියෙ අනේ බේරගන්ම කියාගෙන මහ මෝඩයෙක් අනේ ඔයානම්...වැරදිලාවත් අර කිචන් එක එහා පැත්තෙ තියෙන ලොකු කාමරේටනම් යන්න එපා...ඒකෙ තමා හොල්මන් ඉන්නෙ..මට මතකයිනෙ අනේ මන් මීට අවුරුදු දහයකට කලියෙන් ඒ කාමරේට ගියානෙ....ඒක මහ අමුතුයිනෙ අනෙ..."
"ම්ම්..."
" ඔයා නම් කිසි වැඩක් නෑ මල්ලි...අයියට කම්මැලිනෙ ම්හුක් කතා කරන්නකො අනේ....ඇයි කියන්නකො කට වහන් ඉන්නෙ...ම්ම් ම්ම් ගාන්නෙ....මිකූට කම්මැලිනෙ...යාහ් මල්ලිහ්...ඔයාගෙ කන් ඇහෙන්නෑද කියන්නකො....අයියට ගරු කරන්නකො මල්ලි...වැඩිහිටියොන්ව ඔහොම මග අරින්නෑනෙ....පව් පිරෙනවනෙ මල්ලි.....හිතන්නකො මල්ලීහ් දැන්වත් හැදෙන්නකො මල්ලිහ්..."
"ම්ම්ම්"
" ඔන්න දැන්නම් මිකූට දුක හිතීගෙන එන්නෙ...ඇයි අප්පා මල්ලි අනෙ මිකූට පාලුයිනෙ...මිකූ පාලුවෙන්නෙ ඉදියෙ...ඔයා මිකූව අරගෙන නෑව්වත් එක්කනෙ....මිකූ හිතුවෙ ඔයා මිකූට ආස ඇති කියලනෙ....යාසි මල්ලි මිකූට ආස නෑ නේද....මිකූ යන්නම්...මිකූ ආයෙ පේන්න එන්නෑහ්...හැන්ගිලා ඉන්නම්....මිකු යනවා...."
යොහ් මේකා තනි කටර් එකක් වගෙ....නූඩ්ලස් එක කන්න දුන්නට තාම පොඩ්ඩක්වත් කාලා නෑ...ඒකා අර ටූත්පික් දෙක අල්ලගෙන ඒ දෙක කඩුවක් වගෙ දෙපත්තට වන වන කියවනවා ගෙදර හොල්මන් ඉන්නවලු කිචන් එක ලග කාමරෙ ඔය කියන්නෙ අර හිස් කාමරෙ ගැන ඒකේ හොල්මන් ඉන්නවලු ඒකා අවුරුදු අටකට කලියෙන් ඒකට ගියාලු....
එයා අයියා නිසා ගරු කරන්නලු...හරි කෝලම් තමා අල්ලෙන් එකක් නෑ සයිස් එක...එක කටට ගිලින්න ඈකි ඒ උනාට කතාවනම් මටත් ගහන්න වගේ...පුදුම කියවිල්ලක් තමා මේක.....ටූත් පික් දෙක බිමට දාපු ඒකා ඉනටත් අත තියන් කියනවා එයා අයිය නිසා ගරු කරන්නලු...
මන් ම්ම් කිව්වම කටත් බෙරි කරගත්ත එකා ස්ටූල් එක උඩින් වාඩි වෙකා කකුල් දෙක දිගෑරගෙන්ස් කකුල් දෙක මැද්දෙන් බිමින් අත් දෙකත් තියාගෙන බිම බලාගෙන කියවන්න ගත්ත...ඒකා හිතුවලු මන් ඒකාට කැමති ඇති කියලා...ඒත් එහෙම නැල්ලු ඒ නිසා අග්ගලා ගෙඩ්ඩ යනවලු ආයෙ පේන්න එන්නෑලු...යෝහ්හ්හ්ජ්ජ් ඒකාගෙ ජිල්බෝල වගෙ ඇස් දෙකේ කදුලු බෝල දෙකක් පිරිලා
මන් කෑම එක කාලා ඉවරත් වෙලා මේකා තාම අත ගානවා...මේකා යනවයි කියලා නැගිටලා යන්න හදද්දි මන් ඒකාව ඇගිලි දෙකෙන් අල්ලලා උස්සලා අරන් මගෙ අල්ල උඩින් තියාගත්තා...මට ඒකාගෙන් අහන්න දේවල් ගොඩක් තියේ
"ඔහොම ඉන්න...කද්දි කතා කරන්නැති නිසයි ම්ම් ගෑවෙ..."
" මීකුට අකමැති නෑද මල්ලි ඔයා....ඒ කියන්නෙ මිකූට කැමතියි කියලද මල්ලි....මල්ලි ඔයා මාව උස්සල ගන්නෙ කජු ඇටයක් වගේනේ අනෙ ..මිකු චුට්ටිත්තමක් වත් බර නෑද අනේ..."
" ණෑනෙ මිකූ චුට්ටමක්වත් බර නෑ...පුලුන් වගේ.. කෝ කාලා නෑනෙ..."
" මිකූට මේක් සැරයිනෙ මල්ලි..."
" යෝ...ඕක කන්නකො මන් කිරි එකක් දෙන්නම්..."
"හාම්..."
"මිකූ මට අහන්න දේවල් ටිකක් තියේ..."
" ඥම්...මිකූ කෑවම අහන්නකො..."
" හා...කාලා ඉවර කරන්නකො..මන් කිරි එකක් අරන් එන්නම් මිකූට..."
" හාම්"
ස්ටූල් එක උඩින් වාඩි වෙකා කකුල් දෙකත් දෙපැත්තට දාන් කකුල් දෙක මැද්දෙන් නූඩ්ලස් කප් එක තියන් උන්න මිකූ චුට්ට චුට්ට නූඩ්ලස් එක කද්දි මන් දැක්කා ඒකාට දාඩිය දානවා දැවිල්ල ඇති .මන් දන්නෑනෙ ඒකා සැර නොකන බව...සූස් සූස් ගගා කනවා...පව්...මන් කුස්සියට ඇවිත් ඒකාට කිරි එකක් හදන්න ගත්තා...යෝ ඒත් මන් මොකේටද මිකූට කිරි දෙන්නෙ...
හරි හරි කෙලියාවල් තමා වෙන්නෙ....දැන් මට ඩෝල් හව්ස් එකක් ගේන්න වෙනවා මේකාට...ඒවගෙ තියෙන පොඩි පිගන් කෝප්ප එහෙම...කොහොමත් මට දැන් සෙල්ලම් බඩු ගේන්න වෙයි...මේකාට ඇදුම් දෙන්න බෝනික්කොයි...මේකාට පාවිච්චි කරන්න බෝනික්කන්ගෙ බඩුයි....ශෝක්....
මන් එයාට කිරි දෙන්න එකක් හිතාගන්න බැරි නිසා මගෙ කෝප්පෙටම ෆුල් කිරි එකක් හදන් මන් සාලෙට ආවා...ඒකා කාලා ඉවරයි ...කෝප්පෙ ලගම හාන්සි වෙලා ටීශර්ට් එක උස්සන් බන්ඩි ගෙඩිය අත ගගා ඉන්නවා......හෙන හුරතල්....මන් ඒකා ලගින් මගෙ මග් එක තිව්වා...ඒකාගෙ සම්පූර්න උස මගෙ මග් එක ගාන...යොහ්හ්හ්ජ්....
ඇස් දෙක බෝල කරන් මග් එක දිහා බලපු ඒකා ආයෙම මා දිහා බැලුවා...
" කිරි දෙන්න වෙන කෝප්පයක් හිතාගන්න බැරි උනා ඕක ලොකුයි මොකද කරන්නෙ...ම්ම්"
"ම්හුක්......මේ මේකට දෙන්නකො මේකට..."
ඒකා කාපු කප් එක පෙන්නලා ඒකට දෙන්නයි කිව්ව..මන් ඒක අරගෙන ගිහින් හෝදන් ඇවිත් ඒකට කිරි දාලා ලගින් තිව්බම ඒකා ඒකත් බීගෙන බීගෙන ගිය...දැනර බන්ඩි ගෙඩිය බෝලයක් වගෙ....කියුට්...ඒක බීලා ආයෙම හාන්සි වෙච්ච ඒකාව මන් උස්සලා අරන් කාමරේට එක්ක ආවා..ඒකා බලන් ඉන්නවා...දැන් රෑවෙලා..හෙට උදේට මට ලෙක්ච එකක් තියෙ...
" මල්ලිට මගෙන් අහන්න දේවල් තියෙ කිව්වා නේද.."
" ම්ම් ම්ම් යමුකො"
මන් ඒකව අරන් ඇවිත් බෙඩ්සයිඩ් ටේබල් එක උඩින් තියලා ඇද අස් කරා...බෙඩ්සයිඩ් ටේබල් එක උඩ තිබ්බ ඒකාගෙ අර වීදුරු පෙට්ටිය වගෙ කාමරේට ඒක යන්න හැදුවත් මන් ඒකාව උස්සලා අරන් මගෙ කොට්ට්ව් උඩින් තිව්වා....
"කොහෙද යන්නෙ ඉන්න ඔතන..."
මන් එහෙම කිව්වම ඒකා ආයෙම කොට්ටෙ උඩ දිගා වෙලා සිවිලිම දිහා බලන් ඉදියා...ආ කියන්න අමතක උනානෙ මේ කාමරෙ උඩ වහල තියෙන්නෙ..සිවිලිමක් නෑ ඒත් මේකෙ උඩ සම්පූර්නම වලාකුලු වගෙ අලවලා තියෙන්නේ ඒකෙ ලයිටුත් පත්තු වෙනවා
මිකූ බලන් උන්නෙ ඒක දිහා මන් ඇදෙන් හාන්සි උනාම මිකූ දුවලා ඇවිත් මගෙ කම්මුලකට හේත්තු උනා...මන් ඒකාගෙ කොන්ඩෙ ඇගිල්ලක්න් අත ගෑවා
"ම්ම්..මිකූ මට කියන්නකො මිකූ කව්ද..."
" මිකූ මනුස්සයෙක්."
"ඇයි එහෙනම් මිකූ ඔච්චර පොඩි උනෙ "
" ම්ම්ම්ම්ම්.....මිකූ ඉස්සර මෙහෙම නෑ මල්ලි....මාත් ඔයාලා වගෙ කෙනෙක්....මිකුත් ස්කොලෙ ගියා...සෙල්ලම් කරා....ටීවි බැලුවා අම්මි තාත්තිං එක්ක සතුටෙන් හිටියා..."
" මොකද උනෙ..."
" දන්නෑ..මට මතක නෑ...ඒත් මට එක දෙයක් මතකයි....මන් ඇස් ඇරලා බලද්දි මගෙ වටපිටාව සේරම මට වඩා ලොකුවට තිබ්බා...තාත්ති මාව හොය හොය මුලු ගෙයිම ඇවිද්දා....එයාට මාව පෙනුනෙ නෑ.....එයා උත්සහ කරා...මාව හොයන්න එයාට බැරි උනා.....මන් බලන් ඉදියා...මට බැරි උනා...අඩියක් ඉස්සරහට තියන්න මට බැරි උනා....මන් උත්සහ කරා ඒත් මට බැරි උනා..."
" මන් මේසෙ යට ඉදම් මේසෙ කකුලක් පිටිප්ස්සෙ ඉදන් බලන් හිටියා....මට බැරි උනා එයාගෙ මූන ඉස්සරහට යන්න.....මන් බය උනා..මට බය හිතුනා...එතකොට මට පහලවයි...සාමාන්‍යයෙන් අවුරුදු පහලවක ලමයෙක්ට වඩා මන් හුරතලේට හැදුන කෙනෙක්....එක පාර වෙච්ච දෙයක්
හිතා ගන්න බැරි උනා...මන් බය උනා...."
" තාත්ති මාව හැමතැනම හෙව්වා....මට එයා ගාවට යන්න ඕනෙ කම තිබ්බත් වියරු වැටිලා වගෙ එහෙමෙහ දුව දුව මාව හොයද්දි මට බය හිතුනා...මන් එහෙම්ම පූගෙ කාමරේට ගියා...වෙනදට පූ ඒකේ ඉද්දි මන් දොරෙන් එබිලා බලන් ඉදියට අද ඒකේ පූ ඉදියෙ නෑ....මන් ඒ කාමරේට ගිහින් ඇඩුවා...ගොඩ වෙලාවක් ඇඩුවා..මට බය හිතුනා... අහසම කලු කරන් හෙන ගගහා වහින්න ගත්තා....මිකූ අකුනු ගහනවට බයයි...තාත්තිත් ලග නැතුව මන් බය වෙලා ගුලි ගැහිලා ඉද්දි මට නින්ද ගිහින් තිබ්බා..."
" පහුවදා මන් නැගිට්ටා...මන් කාමරෙන් එලියට මූන දාලා බැලුවා....අනේ දෙයියනෙ මුලු ගෙදරම පිස්සන් කොටුවක් වෙලා තිබ්බා......බඩු මුට්ටු සේරම සීසි කඩ විහික් කරලා තිබ්බා....තාත්ති සාලෙ බිම පිස්සෙක් වගෙ වාඩි වෙලා ඉදියා...සිගරට් කොට කෑලි බියර් කෑන් අරක්කු බෝතල් එයා වටෙ වැටිලා තිබ්බා....සුදු වෙන්න හිතලවත් නොතිබ්බ ටිකක් දිගට වැවුන එයාගෙ කොන්ඩෙ මුලු මූනටම වැටිලා තිබ්බා...එක රැයක් එලි වෙන තැන මගෙ තාත්ති පිස්සෙක් නොවි පිස්සෙක් වෙලා තිබ්බා....."
" නින්ද ගිහින් උන්න එයා ගාවට මන් ගියා....ගිහින් අප්පච්චිගෙ ශර්ට් එක අස්සට මන් ගුලි උනා....මන් දන්නෑ පුරුදු විදියටම ඒ රස්නෙ මට දැනෙද්දි මට හැමදේම හරියි හිතුනා....මිකූට එහෙම්ම නින්ද ගියා...ආයෙම මන් නැගිටිද්දි හිටියේ වීදුරු වගෙ පෙට්ටියක් ඇතුලෙ....මන් බැලුවා වට පිටාව...සුදු පාට දනිහක් දිග කෝට් එකක් ඇදන් අපිලිවෙල කොන්ඩෙත් එක්ක තාත්ති ම්ගෙ දිහා බලන් උන්නා...ඒ ඇස් තනි රත ගහලා....මට බය හිතුනා..."
"මගෙ පුතා බය වෙන්න එපා අපි ඔයාව ආයෙම වෙනස් කරමු කියලා එයා කිව්වා....දන්නෑ හේතුවක් ඒත් මට බය හිතුනා...ඒ ඉන්නෙ මගෙ තාත්තා නෙවේදෝ වෙලාවකට මට දැනුනා...එයා කාමරෙන් එලියට යනකන් ඉදලා මන් හෙමීට අර පෙට්ටියෙන් බැස්සා....මන් දිව්වා එයා එන්න කලින් මන් දිව්වා....මන් කාමරේට ගියා...මගෙ කාමරේට ..මන් ගිහින් ඒකේ තිබ්බ චූටි කාමරේක හැන්ගුනා...මට බය හිතුනා...හොදටම ..."
" තාත්තිව ටිකෙන් ටික පිස්සෙක් උනා...මන් බලන් ඉදියා ..මට යන්න ඕනෙ උනත් මට නොසෑහෙන බය හිතුනා ...මන් සැරෙන් සැරෙ එලියට ගියත් එයාට පේන්නනම් ගියෙ නෑ .....මන් දැක්කා පිලිවෙලකට කපලා තිබ්බ එයාගෙ රැව්ල දවසෙන් දවස අපිලිවෙලට වැවිලා තිබුනා....හැමදාම ජෙල් ගාලා පීරන එයාගෙ කොන්ඩෙ පිස්සෙක්ගෙ වගෙ එහෙමෙහෙ විසිරිලා ගියා...පිලිවෙලට අදින එයාගෙ ඇදුම් දවසෙන් දවස අපිලිවෙල වෙලා ගියා....වයසට ගියත් කඩවසම්ව ඉදිය එයා දවසෙන් දවස අවුරුදු ගානකින් වයසට ගිහින් තිබ්බා..මන් දැක්කා මගෙ තාත්ති දවසක් ගානෙ පිස්සෙක් වෙනවා..."
" ඒත් මන් බය උනා..මට බය හිතුනා...එයා අර කාමරෙන් එලියට එන හැම දවසකම එයා වැඩියෙන් පිස්සෙක් උනා...රෑ ගානෙ නිදි මරන් එයා එයාටම කියවගන්නවා මන් අහන් ඉදියා...එයාටම ගහගන්නවා මන් බලන් ඉදිය..මගෙ ඇදුමක් අරන් එයාට තුරුල් කරන් කියවනවා මන් බලන් ඉදියා...තාත්ති පිස්සෙක් වෙන්න එපා කියලා එයා ලගට ගිහින් බදාගන්න ඕනෙ උනත් මට බය හිතුනා ...මන් දැක්කා...ටිකෙන් ටික පිස්සු වැටුන එයා වියරු වැටෙනවා මන් දැක්කා "
" ගෙදර වැඩට එන මේරි දවසක් තාත්තිගෙන් මන් කොහෙද ඇහුවා..පිස්සෙක් වෙලා උන්න තාත්ති වියරු වැටුනා...මගෙ ඇස් දෙකට මන් දැක්ක....ජීවිතේට මස් කෑල්ලක්වත් කපලා නැති මගෙ තාත්ති kitchen knife එකක් අරගෙන මේරි අම්මිගෙ පිටමැදට අනිද්දි සද්දයක් කරගන්නවත් බැරුව බය උන මම හනිකට පූගෙ කාමරේට දුවගෙන ගියේ බයටමයි...ඊටත් පස්සෙ මන් ඒකෙන් එලියට ඔලුව දාලා බැලුවා සාලෙ බිම පිහියත් එක්කම තාත්ති වාඩි වෙලා ඉදියා...තුවාල වෙච්ච මේරි නැන්දා මාව දැක්කා....මන් බය වෙලා බලන් ඉන්න හැටි එයා දැක්කා...එයාගෙ ඇස් පියවෙලා යන තප්පරේ එයාගෙ කටින් මිකූ කියලා කියවෙනවා මන් දැක්කා..."
"ඊටත් ටික වෙලාවකට පස්සෙ පොලිසියෙන් ආවා...නෑ තාත්තිම පොලිස්සිය ගෙන්නුවා...එයාලා මගෙ තාත්තිව එක්ක ගියා....මෙරි අම්මව හොස්පිටල් ගෙනියන්න ඇති...අවුරුදු දෙකක් ගෙදර වහලා තිබ්බා...ඊටත් පස්සෙ කෙනෙක්ට මේ ගෙදර විකුන්නා..ඒ මාමා නරකයි...එයා නරකයි..මගෙ ඇස් දෙකට මන් දැක්කා එයා ග්..ගෑනු ලමයෙක්ව..."
"එ ගැන එපා..ඊට පස්සෙ මොකද උනෙ"
ඒකා කියවනවා ඒ බෝල ඇස් වලින් කදුලු බෝල බෝල වැටෙනවා..මගෙ කම්මුලට හේත්තු වෙලා උන්න ඒකා දැන් ඉදියෙ මගෙ පපුව උඩ එරමිනිය ගොතන් වාඩි වෙලා....
"මන් එයාව බය කරා...ගෙදර හොල්මන් ඉන්නවා කියලා පෙන්නලා එයාව බය කරලා යැව්වා...ඊට පස්සෙ කවුරුත් මේ ගෙදර ගත්තෙ නෑ....අවුරුදු ගානක් මිකූ තනියෙම ඉදියා...ඊටත් පස්සෙ තමා ඔයා මෙහෙට ආවෙ..."
"ම්ම් ම්ම්....මට තව ප්‍රශ්නයක් තියෙ "
" මොකක්ද මල්ලි"
" ඔයා කෑවෙ කොහොමද...තනියමනම් ඉදියෙ...කෑවෙ කොහොමද.."
"ම්හුක්...මේ ගෙදර වත්තෙ නැති පලතුරක් එලවලුවක් නෑනෙ මල්ලි...මන් ගොඩක් දුරට ඔය පලතුරු තමා කෑවෙ..."
" අවුරුදු ගානක්..."
"ම්ම් ඔව්...."
" මේරි "
" එයා සනීප වෙලා තිබුනා..ආයෙ මෙහෙට ආවා එයා දවසක්...මන් දැක්කා එයා ඇවිත් මන් එදා හැන්ගිලා උන්න චූටි කාමඒට ඇහැ දාලා බලනවා...ඒත් මිකූ එයට පෙන්න ආවෙ නෑ...ඒ උබාට මේරි අම්මි සතියකට දවසක් මගෙ ආසම කුකීස් හදලා කුස්සියෙන් ගෙනත් තියලා යනවා...."
" ම්ම්ම්...හරි හරී එච්චරයි අහන්න තියෙන්නෙ...දැන් නිදාගන්න...ඇනුම් යනවා නේද "
ඒකා ඇඩුවා...ඇඩුවා නෙවේ ඒකාට ඇඩුනා...මන් ඒකාගෙ අර අග්ගලේ වගේ චුට්ටන් මූන ඇගිල්ලකින් පිහලා ඒකාව කොට්ටෙ උඩින් තිව්වා...ඒත් ඒකා නැගිටලා ඇවිත් මගෙ පපුව උඩින් වාඩි උනා....
"මොකද ම්ම්"
" මිකූ මෙතන නිදා ගන්නද..."
මගෙ ශර්ට් එක අස්සට රින්ගලා හ පැටියෙක් වගෙ එතන නිදාගන්නද ඇහුවම බැ කියන්න බැරි තරමට ඒ ඇස් දෙක හුරතල් උන නිසාම ඒකාට එහෙම ඉන්න ඇරලා බෙඩ්සයිඩ් ලෑම්ප් එක ඕෆ් කරලා මන් ඇස් දෙක පියාගත්තා
(මිකූ දොගත්තෙ මේ වගෙ කියලා හිතන්නකො )
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එලාම් එකේ සද්දෙට ඇහැරුනත් මූන උඩට ලා රස්නයක් දැනුනා...රෑ නිදාගන්න යද්දි පපුවට දැනුන රස්නෙ අතුරුදහන් වෙලා තිබ්බා...මන් එහෙම්ම අතගාලා බැලුවම මගෙ මූන උඩ අග්ගලාව නිදාගෙන තිබ්බා....ඒකාට යමර විසයක් තියෙන්නෙ...පපුව අස්සෙ ගුලි වෙලා නිදාගත්ත අග්ගලාව උදේ වෙද්දි මගෙ මූන උඩ...හරි ශෝක්...මේකා අග්ගලයක් තරම් හින්දා අවුලක් නෑ ලොකු එකෙක් උනානම් විනාසයි....
ඒ උනාට ඒකා පව්...ඒකා කිව්ව හැටියට බැලුවම වෙච්ච දෙයක් මටත් හිතාගන්න බෑ ඒකා කිව්වෙනම් හොල්මනක් ඒකාට එහෙම කරන්න ඇතිලු.....විකාර කියවනවා....මන් ඒකාව ඇගිලි දෙකෙන් උස්සලා අරගත්තම ඒකාට නැගිට්ටුනා..ඒකා ඇස් බෝලා කරන් මගෙ දිහා බැලුවා...
"ම්හුක්...උදෙම්ම ඇයි අනේ මිකූව නැගිට්ටුවෙ.."
" මූන උඩ ඉදියෙ ඒකයි..."
" ම්හුක් අනෙ දෝමතනෙ "
"නිදාගන්න ඉතින් "
"බෑනෙ ඔයා යනවනෙ...."
" ඉතින් මන් ගියාම මොකද ම්ම්ම්"
"අනෙ මල්ලි මේ ඔයාගෙ අර යස්ස බල්ලා මාව ආයෙ ගිල්ලොත්..."
"එයා හපන්නෑ..."
"ම්හුක්...ඔයාව හැපුවෙ නැති උනාට මිකූව හපනවනෙ මල්ලි...ඒ හින්ද යන එකක මිකූවත් එක්ක යන්න"
" මිකූව එක්ක යන්න බෑනෙ කැම්පස් එකට"
" ඇයි කියන්නකො අනෙ බැරි...සාක්කුවෙ දාන් එක්ක යන්න..කරදර නොකර ඉන්නම් "
ඇදෙ වාඩි වෙලා ඒකාගෙම කකුල් දෙක අල්ල අල්ල උන්න ඒකා එහෙම කිව්වම ආයෙම වතාවක් ගොනාට ඇන්ද මම ඒකාව එක්ක යන්නම් කිව්වම ඒකා උඩ පැන පැන ඇද දිගෙ නැටුවා මන් ඒකාවත් උස්සලා අරන් බාතෘම් එකට ගියා...දැන් මේකාගෙ දත් මද්දන්නෙ මොකෙන්ද...
" මිකූ දත්..."
" මිකූ ගාව බ්‍රශ් එකක් තියේ "
" ඈ..."
" එහා ගෙදර ගෑනු ලමයගෙ බාබි ඩෝල්ගෙ බ්‍රශ් එක මන් අරන් ආවා..."
" ගෙවල් වලටත් යනවද..."
" ම්හුක් අයියා හොරකම් කරානෙ....මල්ලිට බෑද අයියා වෙනුවට බ්‍රශ් එකක් ගෙනත් එයාට දෙන්න "
අම්මපා මේකනම් හැට හතර මායමම දානවා
මතු සම්බන්දයි
අනෙ සමාවෙන්න අප්ඩේට් පරක්කු වෙනවට....
ඒ වගෙම කොට එපියක් දුන්නටත් සමාවෙන්න...
වැඩ ගොඩයි අනෙ මේ ටිකේ..
ම්හුක්....ආදරෙයි ඔයාලාට...පුලුවන් උන ගමන් අනිත් එව්වගෙත් අප්ඩේට් ගේන්නම්
වට්සප් ගෲප් බීසනයක් අනේ ම්හුක් මාත් හැජුවොත් ඔයාලත් එනවද කියන්නකො 👉👈
ආදරෙයි ඈ...ආයෙම සොරිහ්හ්හ්හ්හ් කොට එපියට