my tiny boyfriend|ongoing
By yazu_yazu
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
ඒක කාමරයක්....මන් ඉදියේ මගේ අප්පච්චි මට එන්න එපා කිව්ව කාමරෙ ඇතුලෙ....ඒකෙ බිත්ති තනි සුදු පාටයි...මුලු කාමරේම අමුතු සැර ගදක් තිබ්බා...ලස්සන ලස්සන වීදුරු බට වල දාපු පාට පාට වතුර වගෙ එව්ව දැක්කම මට ආස හිතුනා....ඒ වගෙ ලොකු බාජනයක් කාමරේ මැද්දෙ ගොජ ගොජ ගගා තියෙනවා මන් එතෙන්ට ගියා....මන් ආවෙ මගෙ චූටි පූ ව හොයාගෙන...
පූ කියන්නෙ මගෙ මී පැටියා...ඒයා හරි කීකරුයි...මගෙ කාමරේ එයාටම වෙන් වෙච්ච චූටි කාමරේකුත් තියෙනවා..ඒත් ඊයෙ ඉදලා පූ අතුරුදහන්...ගේ පුරාම හොයලත් මට එයාව හම්බුන්නැති නිසා තමයි මන් අප්පච්චි මට යන්න එපා කිව්ව කාමරේටත් ආවෙ...අප්පච්චි ගෙදර ඉදියනම් මට මේකට එන්න වෙන්නෙ නැහ් එයා කඩේට ගිය් නිසා තමා මට මේකට එන්න පුලුවන් උනේ...
" පූ ඔයා කොහෙද....මගෙ පූ..."
"Meh..meh...meeehhh..."
" පූ...අනෙ ඔයා ඉන්නවා...මගෙ පූ...අනෙ ඔයා මොකක්ද මෙතන කරන්නෙ..."
එයා ඉදියෙ කූඩුවක...මගෙ පූව වීදුරු පෙට්ටියක දාලා....ඒකටම සම්බන්ද වෙලා වීදූරු බටයක් තිබ්බා ඒ වීදුරු බටෙ කෙලිම්ම ගිහින් වැටිලා තිබ්බෙ අර මන් කලින් දෑක්ක ලොකු පාට වතුර බාජනේට
මන් පූ ඉන්න වීදූරු පෙට්ටිය ඇරියා...යාආආ පූ...එයාගෙ ලෝමත් හැලෙනවද මන්දා..
BRRRRRMMMMMM...
අප්පච්චිගෙ වාහනෙ...අනේ ඒ අප්පච්චිගෙ වාහනේ...මන් පූව අරන් එහෙම්ම දුවන් යද්දි මගෙ අතෙ වැදිලා එක බෝතලයක් බිමට වැටිලා කුඩුවෙලා ගියා....ඒක රෝසපාටයි...ඒකෙන් රෝස පාට දුමක් කාමරේ පුරාම විසිරිලා ගියා.....ඒක හරි ගදයි......මට හුස්ම හිරවෙන්න වගේ ...ඇවිදින්න ඕනෙ අඩි හිරවුනා වගේ
ඒ එක්කම මන් ලාවට වගේ දෑක්කා අර ලොකු බාජනෙන් තැබිලි පාට වතුර අර බටෙ දිගෙ පූ කලින් හිටපු බාජනේට එනවා....ඒ බාජනේට වැටුන වතුර ටීකට අර රෝස පාට දුම වැදෙනවත් එක්කම ලොකු ආලෝකයක් එක්ක
BOOOOMMMM
" පුතේ...දෙවියනේ පුතේ.....කැහ් කැහ්...මොකක්ද මේ උනේ..පුතේ ඔයා කොහෙද..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"මහත්තයා..මේ ගේ පිටින් තනි තට්ටුවයි ඒත් ඇතුලෙන් තට්ටු දෙකයි....මේ වගෙ ගානකට මේ වගේ ගෙයක් කියන්නෙ ආයෙ ලොතරැයියක් ඇදුනා වගෙ තමා....අනික එහා පැත්තෙ දිය පාරකුත් තියේ..ගස් කොලන් පිරිලා....පරිසර සුන්දරත්වෙ අතින් ගත්තත් මේ ගේ මේ ගානට පාඩුම නැ....අනික බඩු මුට්ටුත් එක්කමනෙ දෙන්නෙ
" මහත්තයා ආස උන විදියටම තියෙනවා නේද...මහත්තයට කන්න බොන්න බඩු ටිකයි රෙදි ටිකයි විතරයි ගෙන්න තියෙන්නෙ අනිත් සේරම මේ ගෙදර තියෙනවා..."
" ම්ම්ම්"
"මහත්තයා ඇතුල බලමුද..."
"ම්ම්"
" මේ බලන්න මහත්තයා හැන්දෙ පිහියෙ ඉදලම හැම එකම මේ ගෙදර තියේ....කැම්පස් යන ලමයෙක්ට මේ වගෙ තැනක් කියන්නෙ රජ භවනක් වගෙ...මේ බලන්න කාමර තුනක් තියේ...උඩ එකයි යට දෙකයි මහත්තයට ඕන්නම් යාලුවෙක් ගෙනත් තියාගන්න පුලුවන්...මහත්තයගෙ gf උනත් ගෙනත් තියාගන්න පුලුවන්...හොදට බලාගත්ත ගෙදරක් මහත්තය මේක"
"මෙච්චර ලස්සන ගෙයක් ඇයි විකුනන්නෙ..."
මන් ඇහුවෙ කාමරෙ ගාව බිම තිබ්බ චූටි දොරක් ගාවට පහත් වෙලා ඒක දිහා බලන ගමන්මයි
එක හරි ලස්සන චූටි දොරක්...පොඩි ලමයෙක්වත් ඉන්න ඇති මේ ගෙදර කලින්....මැටි වලින් හදලා පාට කරපු හතු හිටවලා ලස්සන ෆෙල්ට් රෙද්දක් බිමට දාලා චූට් ගල් කෑලි වලින් පාරක් හදලා artificial කොල මල් වලින් දොර වටේට ලස්සන කරලා චූටි ලස්සන ලී දොරක්...මන් ඒ දොර ඇගිල්ලෙන් තල්ලු කරා...හප්පා...ඒක තනිකර කාමරයක්
චූටි ඇදකුයි මේසෙකුයි තියේ...බල්බ් එකකුත් දාලා තියෙ ..අර mini book collection වල එන චූටි අකුරු තියෙන පොඩි පොත් වගෙකූත් තීයේ...මේ ගෙදර කලින් හිටපු කෙනා fairy house වලට ආස කෙනෙක් වෙන්න ඕනෙ
" මේ....මේ ගෙදර මහත්තයලට හදිසීයෙ රට යන්න වෙල තියෙනාවා ඒකයි"
"ම්ම්"
"මහත්තයා මොකද හිතන්නෙ ගේ ගැන"
" හොදයි"
මන් කිව්වේ එතන තිබ්බ ටිකක් ලොකු ලෑම්ප් එක අතට ගන්න ගමන්...වාව් ඒක piano room එකක්..ලස්සනයි...
" මහත්තයා ගන්නවද ගේ"
"ම්ම්ම් ඔව්...මේ ගේ ලස්සනයි"
මන් ඇවිදගෙන ගියා...bedside table එක උඩ තිබ්බ ටිකක් ලොකු පෙට්ටියක් වගෙ එකක්...ඒක bedroom එකක් මේ ගෙදර ඉදිය කෙනා කවූරු උනත් එයා මේ පොඩි පොඩී වැඩවලට ගොඩාක් ආසයි වගේ ...
මේව තියල තියෙන තැන් උස නිසා ඒවාට අර දිගාරින වහන ඉනි මගවල් එහෙමත් ගහලා තිබ්බා ..හරි creative
"මහත්තයා ගන්නවද..."
" ඔව් සම්පූර්න මුදල දීලා ගන්නවා හෙට වෙද්දි මට ගේ ඔනෙ.."
" හරි මහත්තයා"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" ඔන්න මහත්තයා...දැන් මේ ගේ ඔයාගෙ..."
මගෙ අතට යතුරු කැරැල්ල දීපු මනුස්සයා එහෙම කියලා යන්න ගියා වෙද්දි මම මගෙ අලුත් ගෙදර දොර ඇරන් ඇතුලට ආවා....
මම යාශි...යාශි විධාන් අශ්විදු....වයස 19....university student කෙනෙක්....මේක මන් අලුතෙන් ගත්ත අලුත් ගෙදර...මගෙ පුන්චි යාලුවා එක්කලා මන් මේ ගෙදරට ආවෙ මේක කැම්පස් එකට ලග නිසා....
මගෙ චූටි යාලුවාව අදුරගන්න එයා ගොල්ඩන් රෙට්‍රිවර් පැටියෙක්...නම රෙස්කා
කැම්පස් යද්දි මට තනියම ඉන්න වෙන නිසයි මන් මෙයාව ගත්තේ .....එයා හරි හුරතල් නේද..
මේ ගෙදර හරි හුරතල්...මන් මේ ගෙදරට ආව මුල් දවසෙම මට මේ ගෙ ගැන ආස හිතුනා අර චූටි චූටි දොරවල් book nook වගෙ එව්වා හරි ලස්සනයි...මේ ගෙදර ඉදිය කෙනා හරි ක්‍රියේටිව් කෙනෙක් වෙන්න ඕනේ
ම්ම්ම් මහන්සියි...මන් ගෙදර බඩු සේරම අස් කරා....සේරම කියන්නෙ තිබ්බ බඩු මන් ආස ආස තැන්වලට මාරු කරා....අලුතෙන් ගෙනාපු ඇදුම් පොත් මගෙ බඩු ටිකත් මම කැමති තැන්වලට අස් කරා...උඩ කාමරේ තියෙන වීව් එකට මන් ආස නිසා මන් ඒකට මගෙ බඩු ටික අස් කරා....රෙස්කාට වෙනමම ප්ලේස් එකක් හැදුවා
ප්පහල සාලෙ කෙලවරේ රෙස්කාගෙ puppy bed එක දාලා එතනම එයාගෙ කෑම බාජනෙයි වාතුර බාජනෙයි තිව්වා එයාගෙ සෙල්ලම් බඩු ටිකත් එතනම තිව්වා ඒ කරලා අර පොඩි ලමයින්ට දාන ජාතියෙ වැටක් ඒක වටේට ගැහුවා...ම්ම්ම් එයාටත් කන්න දීලා මාත් රූම් එකට ආවෙ වොශ් එකක් දාගෙන නූඩ්ලස් එකක් හරි හදාගෙන කනවා කියලා හිතාගෙන
ම්ම්ම්ම්.....දවසෙම මහන්සිය වොශ් එකක් දාද්දි හේදිලා යනවා...අද ගොඩක් කාර්‍යබහුල දවසක්...මහන්සියි ඒ මහන්සිය වතුරත් එක්කම පාවෙලා ගීයා...පැයක් විතරම නාපු මම ආයෙම කාමරේට ආවා වගේම චූටි මී පැටියෙක් වගේ එකක් කාමරෙ දිගේ වේගෙන් දුවගෙන ගියා...මීයොත් ඉන්න්නවද මෙහෙ...හ්ම් හ්ම් මී කතුරක්වත් තියන්න වේවි...එක්කො බෑ මී කතුරට තුවාල වෙනවා....මී කූඩුවක් තියන්න ඕනෙ
මන් කලු ශොටකුයි සුදු ආම් කට් එකකුයි දාගෙන කොන්ඩෙත් පිහිද පිහිද පහලට ආව..මන් එද්දි රෙස්කා සෙල්ලම්.බඩුවක් එක්ක සෙල්ලාම් කරනවා....ඒකා හෙන කියුට්...ගෙනා දා ඉදලම මන් මුට හෙන ආදරෙයි....මන් ගිහින් ඒකා එක්කත් පොඩ්ඩක් කෝලම් දාලා කුස්සියට ගියා...ම්ම්ම්ම්...දැන් උයන්න බෑ...නූඩ්ලස් එකක් හදාගන්නවා
Ring ring ring ring
කොල් එකක්...අම්මගෙන්....මන් earpod දෙකක් ගහගෙන ෆෝන් එකත් මාව පේන විදියට රදවලා කෝල් එක ආන්සර් කරේ ගෑස් ලිපත් ඔන් කරන ගමන්මයි
" හෙලො අම්මා..."
" පුතා ඔයා ගියාද "
" ඔව් අම්මා මන් ආවා ඇවිත් බඩු ටිකත් අස් කරගත්තා කෝල් එකක් ගන්න හිටියෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ....අම්මා කෑවද"
" නෑ පුතූ තාම....පුතා කෑවද"
" උයනවා අම්මි මේ....."
" රෙස්කට කන්න දුන්නද "
" ඔව් ඔව් එයාට කන්න දුන්නා අර ඉන්නෙ සෙල්ලම් කර කර"
"ම්ම්ම්.....පුතූ මොනාද හදන්නෙ "
" නූඩ්ලස් එකක් හදාගන්න බැලුවෙ අම්මා...දැන් උයන්න බෑ මහන්සියි"
" පුරුද්දට තියාගන්නවා එහෙම නෙවේ ඕක....හොද නෑ ඔව්වා කන්න..."
"හරි හරි අම්මා...අද විතරයි...."
" හ්ම් හ්ම්"
" ආ අම්මා....මේ මෙහෙ මීයො ඉන්නවද කොහෙද අම්මා"
" ආ ඒ මොකද..."
"මන් වොශ් දාගෙන් එද්දි සුදු පාට මීයෙක් දිව්ව කාමරේ මැද්දෙන්..."
" අප්පා....එහෙමද....මී කතුරක්වත් තියන්න "
" මීකතුරුවලට තුවාල වෙනවනෙ අම්මා මන් මී කූඩුවක් ගේන්න කියලා බැලුවෙ..."
" ආ ඒක හොදයි...කොහොමද ගෙදර..හොදයි ද "
" ඔව් අම්මා මේ ගෙදර මටම හදලා වගෙ හෙන ලස්සනයි...."
" පෙන්නන්නෙ නෑද ඉතින් අම්මට "
" ඉන්න ඉන්න ම්ම්ම්."
මන් නූඩ්ලස් එක බාජනේකට දාලා සීසනින් පැකට් දෙකත් කඩලා දාලා චොප්ස්ටික් එකකින් ඒක මික්ස් කරන ගමන්ම අම්මා එක්ක කතා කරා....බිත්තරේකුත් කඩලා ඔම්ලට් දාලා නූඩ්ලස් එක උඩට දෑව මම ෆෝන් එකත් එක අතකින් අරන් නූඩ්ලස් එකත් එක අතකින් අරන් ඇවිත් සාලෙ තිබ්බ සෝෆා එක ඉස්සරහ චූටි ටේබල් එකෙන් නූඩ්ලස් එක තියලා අම්මට ගේ පෙන්නන්න බැක් කැම් එක ඔන් කරා
" අම්මි මේ බලන්න ම්ම්ම් මේ තියෙන්නෙ සාලෙ හරිද....මෙතනින් එහා පැත්තෙ කාමරෙ දෙකක් තියේ....ඊට පස්සෙ කුස්සිය....උඩ තට්ටුවක් තියේ ඒකෙ තියෙන්නෙ කාමරයක් එක්ක පොඩි පුස්තකාලයක් විතරයි...මන් ඒකේ ඉන්න කියලා හිතුවේ ම්ම්...රෙස්කාට වෙනම තැනක් හැදුවා මේ...."
මන් මුලු ගේ පුරාම ඇවිද ඇවිද ගෙදර තැන් පෙන්නුවා...මේ ගෙදර සාලෙ සම්පූර්න off white පාට කරලා තිබුනා...බිත්තියෙ තැන් තැන්වල බුක් ශෙල්ෆ් වගේ ගහලා ඒ උඩ පොත් තියලා තිබ්බත් ඒ පොත් මට ඕනෙ වෙන්නෙ නැති නිසා මන් එව්වා එක බොක්ස් එකකට එකතු කරලා ටේප් කරලා එක රූම් එකකින් තියලා තිව්වා....දැන් ඒ ශෙල්ෆ් උඩ තියෙන්නෙ චූටි චූට් ඉන්ඩෝ ප්ලාන්ට්ස්....
සුදු පාටත් එක්ක කොල පාට ලස්සනට මැච් වෙලා තියේ...ගෙදර තිබ්බ සමහර ෆොටො එහෙමත් මන් අයින් කරා...මේ ගෙදර අය ෆොටෝ පවා දාලා ගියපු එක පුදුම උනත් ඕනෙ එකක් කියලා මන් ඒවත් පරිස්සමට අඩුක් කරලා එක තැනකින් අරන් තිව්වා....මන් ගෙනාපු wall paintings ටිකකුත් සාලෙ තැන් කීපෙකින් තියලා තිබ්බා....
කෝහොම හරි මුලු සාලෙම දැන් white and green theme එකට තියෙන්නෙ...අනිත් තියෙන රූම් දෙකෙන් එකක්...නිකන් අනෙ මන්දා ඒක මොකුත් බඩු නැති රුම් එකක්...සේරම කාමර වල wall paint කරලා තිබ්බත් ඒ කාමරේ විතරක් වෝල් පේපර්ස් අලවලා තිබ්බා...කොහොම හරි ඒ කාමරේ බඩු මොකුත් නැති නිසා මන් ඒ කාමරේට අර මට ඕනෙ නැති බඩු ටික ගෙනත් දෑවා....
අනිත් කාමරෙ ෆුල් වයිට් තීම් එකට තියෙන්නෙ මන් ගත්ත කාමරෙ තිබුනෙ කහ පාට තීම් එකක් සාමාන්‍යයෙන් මන් ඒ වගෙ එව්වට ආස නැති උනත් මට ඒ කාමරෙ වෙනස් කරන්න හිතුනෙ නැ.අනෙ මන්දා ඒ කාමරෙ දැක්කම මට ලෝභ හිතුනා
ඒක හරියට පොඩි බබෙක්ගෙ රූම් එකක් වගේ....ඒත් මට ඒක වෙනස් කරන්න හිතුනෙම නැහ්...මන් අම්මට ඒ රූම් එකත් පෙන්නලා වොශෲම් එකයි ලයිබ්‍රි එකයි දෙකත් පේන්නුවා...
" ම්ම්ම් පුතූ ගේනම් ඒ ගානට පාඩු නෑ තමා...ඔක්කොම බඩුත් එක්කනෙ....පුතු දැන් කන්නකො...අම්මිත් දැන් කන්නම්...ආ පුතූ..."
මන් කෝල් එකත් අරන්ම පහලට ආවා...මන් ඒ එද්දි මන් දැක්කා රෙස්කා එයා ඉන්න ඕනෙ තැන බුදි..ඉතින් මන් ආයෙම මන් නූඩ්ලස් එක තිව්ව තැනට යන්න ගියත් මන් දැක්ක එක එක්ක මාව ඩිම් වෙලා ගියා...දෙයියනෙ ඒ මොකෙක්ද
"..අ..ආ .අම්මි...ම්. මන්...මන්..පස්සෙ ගන්නම් .."
Beep beep beep
මන් නූඩ්ලස් එක තියල තිබ්බෙ චොප්ස්ටික් එකේ එක පැත්තක් බිමට හිටින විදියට..මට විශ්වාසයි මන් හීනෙන් දකිනවා නෙවේ ඒත්...චූටිම චූටි බොලයක් වගෙ බබෙක් අර චොප්ස්ටික් එක දිගෙ බඩගාලා නූඩ්ලස් එක උඩට ගිහින් නූඩ්ලස් කෑල්ලක් එයාගෙ අර බෝල අතකින් අල්ලලා අරන් කනවා...
එ බබා තනි නිරුවතින් ඉන්නෙ...චූටි කොන්ඩයක් මොකක් හරි දෙකින් අල්ලලා බැදලා තිබ්බා...අනෙ ඒකා අලුත උපන් හාපැටියෙක් තරම් ඇති...නූඩ්ලස් කෑල්ලක් අල්ලගත්ත ඒකා අර චොප්ස්ටික් එක උඩින් වාඩි වෙලා රූන් ගාලා ලිස්සලා පහලට ආවා ඒ ඇවිත් චූටි මේසෙ කෙලෝරෙන් වාඩි වෙලා කකුල් දෙකත් පහලට දාගෙන අර නූඩ්ලස් කෑල්ල හපන්න ගත්තා...මන් තාම ඒකාගෙ මූන දැක්කෙ නැහ්...
ඒ උනාට ඒ මොකේක්ද...අල ගෙඩියක් වගේ...චූටි පස්සත් එලියෙ දාගෙන රෝස පාටට ඉන්නවා..මට හොදටම විශ්වාසයි ඒ පන තියෙන බෝනික්කෙක්...අනෙහ්..ඒකා හෙන කියුට්.....ඒත්..ඒත් දෙයියනේ ඒ මොකෙක්ද....
මන් හෙමින් හෙමින් අඩි තියල ඒ පැත්තට ගියත් එයාට මන් එන අඩි සද්දෙ ඇහුනද කොහෙද....අර නූඩ්ලස් එක අත ඇරල දෑව ඒ චූටි අග්ගලා ගෙඩිය මේසෙ රෙද්ද දිගෙ පහලට බැහැල සාලෙ දිගේ දුවන් ගියත් ඒකාගෙ ඇගෙ වැදිලා රෙස්කාගෙ සෙල්ලම් බඩුවක් සද්ද කර කර පෙල්ලිලා ගියා මේකාත් බෝලෙ වගෙ වැටිලා අර පස්සත් බිම වැදුනා...
වූෆ් වූෆ් වූෆ් වූෆ් ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්
ශිට්...රෙස්කා අවදි වෙලා බුරාගෙන අර අග්ගලා ගෙඩිය පස්සෙ දුවන්න ගත්තා....
" ඒ රෙස්කා එපා...නවතින්න...නවතින්න රෙස්කා...එපාආආ"
මිනි සව්න්ඩ් එකෙන් අර බෝලෙ අග්ගලේ කෑ ගහනවා මට ඇහුනා මන් රෙස්කාව නවත්තන්න හැදුවත් බැරි උනා අර චූටි අල ගෙඩිය වෙගෙන් වේගෙන් දුවලා දුවලා ගියත් එයා අර fairy door එක ලගට ගිහින් දොර අරින්න හදද්දීම රෙස්කා ඒ අල ගෙඩියව අල්ල ගත්තා...හැබැයි පුතෙ ඔය බෝලෙට හිරිමක් හරි වෙලා තිබ්බොත් රෙස්කා..උබට සතියක් කන්න දෙන්නෑ...
මන් වේගෙන් වේගෙන් රෙස්කා හිටි තැනට දුවලා ගියා...හොරබලලා වගෙ මගෙ දිහා බලපු රෙස්කා හෙමිට කන්දෙකත් පාත් කරලා බිමින් වාඩි උනා..
"තූ දාන්න..කෝ...තූ දාන්න එයාව "
"රෙස්කා...."
මන් දන්නව මේකා මේ අල්ලගත්තට ගිලින්නෙවත් හපන්නෙවත් නෑ...ඒත් ඒ කවෘ උනත් බය වෙනවනෙ ...මන් ඒ නිසා රෙස්කගෙ නිකට යටින් අත තියලා තූ දාන්න කිව්වත් මේකා මටත් ගස්සලා අහක බලාගත්තා...අර පොඩි එකා මැරෙයි දෙයියනෙ තූ දාපන්...
" රෙස්කා...කෝට්ට ගේන්න කලින් එයාව තූ දාන්න..."
" කෝ හොද දරුවනෙ..එයා මැරෙයි...තූ දාන්නකො"
මන් එහෙම කිව්වම ආයෙමත් මගෙ දිහා බලපු රෙස්කට මන් මගෙ අල්ල පෙන්නුවම ඒකා අර බෝල ගෙඩියව තූක් ගාලා මගෙ අත උඩට දෑවා...යොහ් මේකා දොඩම් ගෙඩ්ඩක් වගේ චූටිනේ ..
කෙල වලට නෑවිලා ...මන් එයාව අරගෙන බැලුවා සිහිය නැහ්...හුස්ම ගන්නවද බැලුවත් ඒත් නැති නිසා මට බය හිතුනා එයාව සෝෆාව උඩින් තියලා මගෙ ඇගිල්ලකින් එයාගෙ පපුව තෙරපවලා බැලුවා එකම රිද්මයකට එයාගෙ පපුව තෙරපවද්දි ටිකකින් එයා ලොකු හුස්මක් අරගෙම අර බෝල ගෙඩි වහෙ ඇස් දෙක ඇරියා..යොහ්හ්...මේකා අර චූටි බෝනිකි පැට්ටෙක් වගේනේ
මගෙ දිහා බෝල ඇස් වලින් බලන් ඉදලා දගලලා දගලලා නැගිටලා දුවන්න හැදුවත් මගෙ ඇගිලි දෙකකින් එයාගෙ කොන්ඩෙන් අල්ලගත්ත මන් ඒයාව නවත්තුවාම එක තැනම දුවගෙන ගියපු ඒකා ටිකකින් දුවන එක නවත්තලා පපුවට අත් දෙක බැදන් මගෙ දිහා බලන් එරෙව්වා ඔරවලා එතන වාඩි උනා...යොහ් මූ හෙන හුර්තල්නේ....
රෙස්කත් ඉව කර කර ආවත් මන් එක පාරක් ඔරවලා බැලුවම නැට්ටත් පාත් කරගෙන කන්දෙකත් පාත් කරගෙන කූන් කූන් ගග ගිහින් ඒකාට හදපු පපී බෙඩ් එකේ ලැග්ගා....මන් අර චූටි අග්ගලා ගෙඩියව මගෙ අල්ල උඩින් තියගන ඈස් මට්ටමට ගත්ත...
ම්ම්ම් මේකා සම්පූර්න මනුස්සයෙක්...ඒ උනාට මීයෙක් වගෙ චූටියි...ඇස් දෙක බෝලයි...මීපැනි පාටයි...යාහ්හ්හ්..මූන අග්ගලයක් විතර ඇතී.....කම්මුල් බෝලයි රෝස පාටයි...චූටි රෝස තොල යටින් උපන් ලපේකුත් තියේ...මුලු ඇගම ගත්තොතින් සති දෙකක විතර හා පැටියෙක්ගෙ සයිස්.අල්ලෙන් එකයි...ම්හ්හ්හ්...කියුට්..යොහ්හ්හ්හ්හ්...මේකා කොල්ලෙක්...
" ඔයා..කව්ද..."
මන් කතා කරා මන් එයාගෙන් ඇහුවා එයා කව්ත කියලා....ඒයා මූනත් පැත්තකට හරවන් මා දිහා බලන් ඉන්නවා...ඒ කරලා එයා මගෙ අල්ල උඩ නැගිටලා එයාගෙ පැත්තටම ඇගිල්ල දික් කරන් මම ගැනද අහන්නෙ වගෙ මන් දිහා බැලුවා.
" ඔව් ඔව් ඔයා තමා කව්ද ඔයා ම්ම්"
එයා මා දිහා බලලා ඒකාගෙ අර බෝල අතින් මට ලගට එන්න කියලා කතාකරා...මන් එයා ගාවට මගෙ මූන ලන් කරාම බෝනික්කෙක්ගෙ වගෙ චූටි කියුට් වොයිස් එකකින් ඒකා ඒකාගෙ නම කිව්ව
"මම මිකූ...මිකූ රෙන්සියෝ"
" ඔහ්..ඔයා මිකූ...වයස කීයද ම්ම්..ඔයා කව්ද...මන් අහන්නෙ අර පීටර් පැන් එකේ ඉන්න ටින්කර් බෙල් වගේ සුරන්ගනාවෙක්ද...නැත්තම් පන ආපු බෝනික්කෙක්ද "
" ම්හුක්...මිකූ බබෙක්...මනුස්ස බබෙක්නෙ...මිකූට විසි පහයිනේ..."
" ඇහ්..බොරුනේ...විසි පහක් වෙන්නෑනෙ..."
" දැන් ඔයා කියන්නෙ මන් බොරු කියනව කියලද ඈ..ම්හුක්..මිකූ බබාට විසි පහයි තමා අනේ..ම්හුක් ම්හුක් මිකූ බබා චූට්ටන් හින්දා ඔයාට වයස පේන්නැත්තෙ ඒ උනාට මිකූ බබාට විසි පහයිනේ..ම්හුක්..මේ මල්ලි ඔයා කොහෙද කියන්නකො මේ යන්නෙ..අනික බලන්නකො අර නපුරු බල්ලා මිකූව ගිලින්නත් හැදුවනෙ...කිසිම හැදියාවක් නෑ යාශි ඔයාගෙ බව්වටනම්...ඔයා වගේම තමා...ම්හුක්...මිකූ බබා බයත් උනානෙ...ගිල්ලමයි කියලා හිතුවේ..මිකූ බබාට බය හිතුනනෙ.."
හප්පේහ්හ්හ් මේකා පොඩි ඇටයක් උනෙ වෙලාවට...මේ කට වොයිස් එක බාල නිසා හොදයි..නැත්තම් මේ කියවිල්ල අහන් ඉන්න ගිහින් කන් බෙරේ යනව...අහ් අහ් පොඩ්ඩක් ඉන්න ඔහෝම ඉන්න මේකා මට මල්ලි කිව්වා නේද අම්මට සිරි මූ මගෙ නමත් කිව්වනෙ
" ම්හුක්.. යාශි මල්ලිහ්හ්හ්හ්"
" ඔයා කොහොමද මගෙ නම දන්නෙ "
" ඇයි වදෙ..මට කන් හොදට ඇහෙනව අනේ...ම්හුක්..."
" හරි හරි...අයියා බබා එන්නකො නාවන්න අබ ඇට දෙක වගෙ වන වන ඉන්නෙ ලැජ්ජ නැද්ද ම්ම්ම්."
" ම්හුක් අනෙ ඔයා මොකටද කියන්නකො ඒවා බලන්න ගියේ..නැහැදිච්ච වැඩ කරන්න එපා මල්ලි...මන් අයියා කෙනෙක්නෙ ඔයාට වඩා වැඩිමල්නෙ..ගරු කරන්නකො...චිහ් චිහ් චිහ් හරිම කැතයි ම්ම්..හරිම කැතයි මේ වැඩේනම්..."
මන් ඒකාවත් අරන් බාතෘම් එකට ආවා....ඒකගෙ ඇග පුරාම බලු කෙල....මන් ඒකාව එක්ක ඇවිත් සින්ක් එක ගාව උඩින් ඉන්දලා ගිහින් සින්ක් එකට වතුර පිරෙව්වා...ඒ පුරවලා අර චූටි මිකූව ඒකෙන් තිව්වා....යොහ් මේකා වතුරෙ ගිලෙනවහ්හ්....මන් ඒකාව අරගෙන වතුර ටිකක් අඩු කරලා ආයෙම වතුරෙන් තිව්වා...එරමිනිය ගොතාගෙන වතුරෙ වාඩි වෙලා ඉදගෙන මා දිහා බලන් ඉන්නවා...
පැනඩෝල් සිරප් වල බෙහෙත් බොන්න දෙන කප් එකකුයි use කරපු නැති kitchen sponge එකක චූටි කෑල්ලකුයි අරගෙන මම මිකුගෙ අතට ස්පොන්ජ් කෑල්ල දීලා අර චූටි බෙහෙත් කප් එකෙන් ඒකාගෙ ඇගට වතුර දෑවා...මිකූ අර චූටි ස්පොන්ජ් එකෙන් එයාගෙ ඇග හොදට අතුල්ල ගන්නකොට මන් එයාට කතා කරලා shower gel එකෙන් චුට්ටක් අර ස්පොන්ජ් එකට දෑවම ඒකා හිනා වෙලා ඒකෙ සුවදත් බලලා ආයෙම ඇග අතුල්ලන්න ගත්තා ශැම්පු බින්දුවක් අරන් අර කොන්ඩෙටත් දාලා හේදුවා
යොහ් මේකා හෙන හුරතල්..ඒකා සබන් ගාළා ඇග අතුල්ල ගත්තට පස්සෙ මන් ඒකාගෙ ඇගට වතුර දාලා ආයෙම සබන් ටික යවලා එයාව වතුර එකෙන් උඩට ගත්තා...ඒකාගෙන් අහලා ඒකාගෙ අර පිස්සන් කොටුව වගෙ කොන්ඩෙත් මන් ගානකට කැපුවා face towel එකක් ගෙනත් ඒක ඇද උඩින් තියලා ඒක උඩින් මිකූව තියලා මන් බිමින් දනගහන් එයාව පිහිද්දා...යොහ් අනේ...චිහ් ගම්මිරිස් ඇටයක් වගේ රෝස පාටයි...මොනාද අනෙ මන් මේ බලන්නෙ
මන් ඒකාව අර ෆේස් ටවල් එකෙන් ඔතලා තිව්වා යොහ් ඒක ඒකාට නිදාගන්න ඇති...ම්ම්ම් මන් දැන් මොකක්ද අන්දන්නෙ මෙයාට...ම්හ් ම්හ් ම්හ්....මේකා අඹ ගෙඩියක් විතර ඇති...මේකාට මොකක්ද අන්දන්නෙ
යාආහ්හ්හ්හ් අර තියෙන්නෙ භාන්ඩෙ...අයියගෙ දූ මට මෙහෙ එද්දි දුන්නා චූටි බෝනික්කෙක්...ඒකෙ සයිස් එකත් මිකූගෙ සයිස් එක වගේමයි...ඒකෙ ඇදුමනම් මිකූට ගානට සෙට් වේවි යොහ්.
එ බෝනික්කට අන්දලා තිබ්බ චූටි කහ හූඩි එකයි සුදු කලිසමයි චූටිම චූටි යට ඇදුමයි අරගෙන එකින් එක මන් මිකූට ඇන්දුවා...යොහ්...බිත්තර ගෙඩ්ඩක් වගේ නාවපු නිසා නිදිමත විකාරෙන් උන්න කොල්ලා නිදි විකාරෙම්ම වාඩිවෙලා ඉදියා
මතු සම්බන්දයි 🌸🌸🌸
ඔන්න ඕන්න මිකු බබා ආවා යොහ් යොහ්
ම්හුක්
ආතරෙයි