ඒකාට එහෙම්ම වතුර තල තල බෝල පුම්බන්න දීපු මමත් එහෙම්ම පැනලා වොශ් දාන්න ගියා....විනාඩි දහයක් විතර ශවර් එක යටට වෙලා උන්නු මම සබන් ගාන්න කලින් ගිහින් මිකූට සබන් ගාලා ඒකාව හෝදලා ඒකාට හදපු ටවල් එකේ හොදට ඔතලා අල ගෝනිය වගේ ඒකාව සින්ක් එක උඩිම් තිව්වා
ඒකා ඉන්නවා...අර ටවල් එක අස්සෙන් මූන විතරක් ඔබන් ඒකා ඉන්නවා...අග්ගල ගෙඩිය වගෙ...දගලලා දගලලා අත් දෙකත් එලියට දාගත්ත කෝලම අත් දෙක දිහා බල බල කෝලම් වගයක් කරනවා....අත් දෙකෙන් එක එක හැඩ හද හද බල බල උන්න ඒකා අග්ගල ගෙඩිය වගේ මගෙ දිහාවටත් අත දික් කරා
"පූඌඌඋහ්හ්හ්හ්හ්.....මිකූ යාසිට ආතරෙයිහ්හ්හ්හ්හ්හ්හ්.....ම්හුක්"
මිකූ යාසිට ආදරෙයි කිව්ව ඒකා සින්ක් එක උඩ ඉදන් විකාරයක් කරද්දි වොශ් දාගෙන ඉවර උන මම බාත්‍රෝබ් එකට් ඇදන් අග්ගල ගෙඩිය වගේ ඒකාවත් උස්සන් කාමරේට ආවා...පුලුන් වගෙ ටවල් එක අස්සෙ ඉදන් එලියට මූන ඔබන් ඉන්න මිකූව දැක්කහම හපලා දාන්න හිතෙනවා....අර පූ කියන්නත් වගෙ මන් ඔයාව යව් ගාලා හපලා දාන්නද මිකූ
"අද මොන එකද අදින්නෙ මගෙ පැටියා..."
එයාටම මන් හදපු අර බෝනික්කන්ගෙ ඇදුම් දාපු මගෙ අල්මරිය ඇතුලෙ තියෙන පොඩි අල්මරිය ගාව ඒකා හිටගෙන උන්නා..අග්ගලා ගෙඩිය වගෙ ඒකේ උඩ ඉදන් යටටම බලපු චූටි මිකූ එක ඇදුමකට අත දික් කරා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. චූටි සුදු හූඩි එකයි කලු කලිසමයි...ඊට උඩින් දාන්න තියෙන රතු ජැකට් එකයි රතු ස්නෝ කැප් එකයි....ඒකා ආස විදියට ඒකාට මන් ඇන්දුවා....චූටි බෝලයක් වගෙ...මන් ඒකාව අතට අරන් චුක් ගාලා උම්මියකුත් දුන්නා...අග්ගල ගෙඩිය මගෙ....

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??