මන් Counter එක ලගට ගිහිල්ලා ඒකා ඉල්ලපු cake pop එකයි මට කන්න sandwich එකයි අරගෙන ආවා.....ගත්තා වගෙ නෙවේ මේකාට මේක කහොමද දෙන්නෙ ..යුනි එකේ කවුරුම හරි දැක්කොත් ලොකු ප්‍රශ්නයක් ..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඒකා ඈස් දෙක ජිල් බෝල වගෙ කරගෙන අර cake pop එක දිහා බලාන ඉන්නවා...කම්මුල් දෙකත් අග්ගලා ගෙඩි වගෙ රතු වෙලා....චූටි අලයක් වගෙ
"මිකූට කොහොමද මන් මේක දෙන්න ඕනෙ..."
"ම්හුක් මිකූට...අයියට දෙන්නකො....ඒක
ඒක... අයියට දෙන්නකො....ඔව් ඔවුහ්හ් දෙන්නකො ""ඒක තමා කොහොමද දෙන්නෙ "
"ම්හුක් ඔයා බැග් එක ගෙනාවා නේද මල්ලි....".
"ම්න්"
"ඒක මේකෙන් තියලා මාව ඒකට දාන්නකො....මිකූව ඕ මිකූව බෑග් එකට දාන්නකො...ඊට පස්සෙ ඕක බෑග් එකට දාන්න මිකූ කන්නම්...ම්හුක්...හාද ඈ මල්ලි හාද කියන්නකො "
"ම්ම්"
මන් ඒකා කිව්ව්ව විදියට බෑග් ඒක මන් උන්න පුටුව උඩින් හරහට තිව්වා එතකොට ඒක ඇරියම හෙමින් සැරෙ සාක්කුවෙන් බැස්ස මිකූ ඒක ඇතුලට රින්ගුවා...මන් අර චුටි cake pop එක බෑග් එක ඇතුලට දෑවා මන් දැක්කා මිකූ අර මිට වගෙ එකෙන් කේක් පෝප් එක ඇදන් ගිහින් කන්න ගන්නවා...මන් ඒකාට එහෙම්ම කන්න ඇරලා මන් කන්න ගත්තා.
කෑම එක කාපු මිකූ ඒකාගෙ බෝල මූන එලියට දාන් වාඩි වෙලා බලන් ඉද්දි මන් ඒකාට එහෙම බලන් ඉන්න දීලා ඉන්න බැරි නිසා මගෙ sandwich එකෙන් චූටි කෑල්ලකුත් දුන්නා...ඒකත් චුට්ට චුට්ට කඩාගෙන කෑව මිකූ එතන දිග අතට දිගෑරිලා බඩ ගෙඩියත් අත ගගා උන්නා...
" මිකූ කාල ඉවරයිනෙ..ඒක රසයිනෙ යාසි...හෙටත් අර දෙනවද.....ඈ ඈ...හෙටත් අරන් ඕනෙ හරිද...අයියට හෙටත් අරන් දෙනව නේද ...යාසීඊඊහ්හ්හ්....අහන්නකො....ඔයාගෙ අර බලු තඩියටත් එකක් ගන්නවද යාසි ඔයා..මල්ලි ඔයා බව්වටත් එකක් ගන්නවනම් මිකූටත් ගෙදර ගිහින් කන්න එකක් ඕනෙ ඔව්...ඕනෙ හාද...අරන් දෙනවා නේදහ්හ්"

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??