හන්ස යාත්‍රා (Tk Non Fic)
By WangYisha
සමහර ඇස් ස්පර්ශයට වඩා දැනුනා! Cover credits goes to - @Hazy_lzel More
සමහර ඇස් ස්පර්ශයට වඩා දැනුනා! Cover credits goes to - @Hazy_lzel More
පල්ලිය ලග හිටපු මම දැන් ඉන්නේ ආඩම්බරකාරයා පස්සෙන් යන ගමන්.ඇත්තටම ඒ ඇස්.. ඒ ඇස් දැක්කම හැමදේම අමතක වෙනවා..
අනේ මන්දා ඒත් ඒක නම් පිස්සුවක්. මන් හිතන්නේ මෑන් යන්නේ මැත්ස් එකට. ආහ් අයියව බලන්- යකෝ එක ගෙදර ඉන්න එකාව අනික එකට බස් එකේ ආව එකාගේ ආයේ මොනා බලන්නද!?
පුංචි ආඩම්බරකාරයා පස්සෙන් එයාට නොදැනෙන්න ආව මන් මෑන් මැත්ස් එකේ ඇතුලට යනකල් හිටියා වෙරළු ගහට මුවා වෙලා...
අපේ විද්‍යා ගණිත මොළ ගෙඩි ටික ඉන්නේ ස්කෝලේ ටිකක් උඩහට වෙන්න පලවෙනි ග්‍රව්න්ඩ් එක ලග.
ආශ්...තාම නෑනේ. ටික වෙලාවක් වෙරළු ගහ ලගට වෙලා පන්තිළු එනකම් හිටියත් තාමත් ආවේ නෑ.. මෙච්චර වෙලා මේ යකා මොනාද කරන්නේ ඕක අස්සේ..
අයියා තමයි ඒත් මෙච්චර වෙලා මොනාද උගේ බලන්න තියෙන්නේ.. ශික්.. ඇතුලට ගිහින් බලන්නත් හිතෙනවා.
ඒත් දැන් මන් ඕක අස්සට ගියොත් අර අලි ඔළුකාරයෝ ටිකගේ රැස් බලන්න වෙනවා..
ආස නෑ මන්.. නැත්නම් යකෝ මේ මන් මේ ශෙනිරු මෙහෙම ගස් අස්සේ බඩගායිද?! ඇයි මට කහනවනේ කොහෙ හරි ... ප-
"ශෙනිරු"
"අහ්"
වෙරළු ගහට සයිඩ් ජැක් එකක් ගහන් පුංචි ආඩම්බරකාරයා එනකම් බලන් හිටපු මාව ගැස්සිලා ගියා.. එක පාරම මගේ උරහිසට අත තියලා කවුද කතා කරපු නිසා..
කවුද බලන්න හැරුන මගේ ඇස් නළලට ගියේ එතන හිටපු කෙනාව දැකලා.. මූ මොකද එළියේ කරන්නේ?
"තිසෙන්‍ය?!"
"ඔයා මොකද මෙතන කරන්නේ ශෙනිරු?"
"ආහ්.. උබේ මල්ලී පස්සෙන් ආ-නැහ් නැහ් ම්-"
"පස්සෙන්? මල්ලිගේ? මගේ?"
"ආහ් නැහ් බන් මේ නැ මේ මන් මේ නිකන් නෙවේ නෑ බන් ම් ආආආ මොන හු&තක්කද ආආඅශ්!!!!
ඔව් උබේ මල්ලී පස්සේන් ආවෙ.. වෙන මොකටවත් නෙවේ ඌ තාම මෙහෙට අලුත් නිසා"
"ඔහ් ඕකේ මචන්.. කාම් ඩවුන්.. මන් උබෙන් හේතු ඇහුවේ නැනේ"
ආශ් මේ පගයට ගහන්න තියෙනව නම් මට දැන්.. මොන හුයන්නක්ද යකෝ.. කතා කරේ මොකාද බලන්න හැරිලා බලපු මාව ශොක් උනේ එතන හිටපු තිසෙන්‍ය දැකලා..
ශිහ්.. වස චාටර් එක.. මු ඉස්සරහ ගොතත් ගැහුනා .. ආශ් පන්තිළු උබ නිසා තමයි මේ හුත්තවල් සේරම..
තිසෙන්‍යට පිටුපාලා ග්‍රව්න්ඩ් එක පැත්තට හැරිලා හිටපු මට මතක් උන දෙයක් නිසා ආයෙත් ශනික උගේ පැත්තට හැරුනා..
"උබ කොහෙද හිටියේ"
"මන් නවයේ පන්තිය පැත්තට ගියා බන්..ඩියුටි"
"ඒ කියන්නේ උබ දැන් තමා පන්තියට යන්න ආවේ?!"
"ඔව් ඇයි?"
අරු ආවේ මූව හම්බවෙන්න.. හරී.. එතකොට මූ මෙච්චර වෙලා හිටියේ නවය වසර... එකත් හරී.. එතකොට මෙච්චර වෙලා අරකා අර ගුබ්බෑයම අස්සේ මොකද කරන්නේ?.
"තිසෙන්‍ය. උබේ මල්ලි තාම එලියට ආවේ නැනේ"
තිසෙන්‍යට කතා කරපු ගමන් ඌ මන් දිහා බලලා ඇයි ඇහුවේ මන් ඌට උගේ මල්ලී තාම උන්ගේ පන්ති වලින් එළියට ආවේ නෑ කියන්න..
ටික වෙලාවක් මන් දිහා ඇස් හිනී කරන් බලන් හිටිය ඌ එක පාරම පන්තිය පැත්ත බලලා එ පැත්තට දිව්වේ එක නමක් කියන ගමන් වෙද්දී ඒ නම ඇහුන පමාවට මගේ හිතට දැනුනේ බයක්!! එච්චරයි
"රසිදු.."
තිසෙන්‍ය පස්සෙන්ම උන්ගේ පන්ති පැත්තට මාත් දිව්වා.. ඇත්තටම මට තෙරෙන්නේ නෑ ඇයි මන් මෙහෙම හැසිරෙන්නේ කියලා..
මට කලින් උන්ගේ පන්තියට දුවන් ආව තිසෙන්‍ය එක පාරම නැවතුනා.. උගේ පස්සෙන්ම ආව මාත් උ ලගින්ම නැවතිලා උන්ගේ පන්තිය දිහාවට මගේ ඇස් ගෙනිච්චත්.. දැක්ක දේත් එක්ක මගේ ලිමිට් පැන්නා..
රසිදු..!! ඌ ඌ හිටියේ මගේ-මගේ කොල්ලව බිත්තියට හෙත්තු කරන් එයාගේ බෙල්ලට නැමිලා.. ආආආඅ මන් මේ ප* බල්ලව මරනවා..
"රසිදු!!!!"
අරු ලගට යන්න මන් හැදුවත් තිසෙන්‍ය මට කලින් ඉස්සර උනා.. ඒ සද්දේට රසිදු පන්තිළු ලගින් අයින් උනත් ඒ අත් එකට බැදිලා තිබුනේ...
"මචන් තිසෙන්‍ය.. උබ හිතන දෙයක් න්-"
නෑ අරුට තවත් කතා කරන්න උනේ නෑ.. තිසෙන්‍යට කලින් මගේ අත ඉස්සරහ උනා.. මන් ගහපු පාරට අරුව විසි උනත් මන් පන්තිළුව අල්ල ගත්තා..
කොල්ලව අල්ලගෙන මන් බැලුවේ මුලින්ම එයාගේ මුණ.. වෙනසක් නෑ ඒ ඇස් වල කදුළු පිරිලා... මන් ආසම නැති දෙයක් මේ ඇස්වල කදුලු පිරෙන එක.
"හොදින්ද? ඔයා... හොදින් ද"
රසිදුවව ටික වෙලාවකට අමතක කරපු මම මුලින්ම කරේ එයාගෙන් හොදින්ද අහපු එක උනත් ටික වෙලාවක් මන් දිහා බලන් හිටපු එයා උඩට පහලට ඔළුව හෙලෙව්වත් ආයේ දෙපැත්තට ඔළුව වැනුවා..
හුරතලයක් මහා..
"මන් කලිනුත් කියලා තියෙනවා තමුසෙට රසිදු..එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා"
"මචන් අහපන් එහ්-"
පන්තිළු දිහා බලාන හිටපු මගේ අවදානේ බිදුනේ තිසෙන්‍යගේ වගේම රසිදුගේ කටහඩවල් වලින්..
කලිනුත්? ඒ කියන්නේ මේ පලවෙනි පාර නෙවේ. එහෙමම පන්තිළු දීහා බලලා උට රැව්ව මම තිසෙන්‍ය ලගට ගිහින් රසිදු කියන්න හදපු දේ මගින් නතර වෙන විදිහට මගේ ප්‍රශ්නේ ඇහුවා..
"කලිනුත් මෙහෙම දෙයක් වෙලා තියෙනවද තිසෙන්‍ය"
මන් එහෙම අහපුවම තිසෙන්‍ය වගේම රසිදුත් මන් දිහා බලන් හිටියා..ඒත් ඒක නෙවේ ප්‍රශ්නේ.. මන් දැක්කා මන් එහෙම අහනකොට පන්තිළු හිනා වෙනව ඒකත් කට කොනෙන්..
ම්ම්ම් හිතන්න දෙයක්....
"තමුසෙට ම්-"
"අපි යමු ශෙනිරු.."
"තිසෙන්‍ය!!"
"මන් කිව්වේ අපි යමු කියලා ශෙනිරු"
පන්තිළු දිහා හොරෙන් බලාන හිටිය මට අහුවුන ඒ හිනාවට හේතුව හිත හිත හිටිය මට රසිදු මොකක් හරි කියන්න ගියත් තිසෙන්‍ය එයාව නැවැත්තුවා..
මට යමුයි කිව්ව එයා යන්න හැරුනත් මට යන්න උවමනාවක් තිබුනේ නෑ.. මට දැනගන්න ඔනේ ඇයි රසිදු පන්තිළුගේ බෙල්ලට ලන් වෙලා හිටියේ මොකද කරේ කියලා..
මන් ටිකක් සැරෙන් තිසෙන්‍යගේ නම කිව්වත් එයා මාව ගනන් ගත්තේ නෑ.. මන් දිහාවට හැරිලා හිමින් හිමින් වචන කඩන ගමන් අපි යන් කියලා කිව්ව තිසෙන්‍ය යන්න ගියා..
යකෝ මුගේ ගෑස්.. පුසා වගේ හිටියට නයි මිරිස් වගේ..
එහෙමම රසිදුවා දිහා බලලා උට රැව්ව මන් තාමත් මන් දිහා බලාන ඉන්න පන්තිළුවත් ඇදගෙන මැත්ස් එකෙන් එලියට ආවා.
"රාද්"
එලියට ආවත් තාමත් මන් පන්තිළුගේ අත ඇතැරියේ නෑ.. එහෙමම එයාවත් ඇදෙගෙනම මන් අපේ ක්ලාස් පැත්තට ආවේ තිවිරූ කතා කරපු එක පවා කෙයා නොකර..
"තිස්-"
"ශෙනිරු"
අපේ පන්තියට ආව හැටිය මන් අරුව ඇතැරියත් පන්තියේ හිටපු තිසෙන්‍යව දැකලා ටිකක් පුදුම උනත්, ඒක ගැන වැඩිය නොහිතා මන් උට කතා කරත් මට කලින් තිසෙන්‍ය ඉස්සර උනා..
ටීංටීංටීං....
බෙල් එක වැදුනත් ඒක ගැන ගානක් තිබුනේ නෑ අපි තුන් දෙනාටම..
මට ඕන මගේ හිතේ තියෙන ප්‍රශ්නවලට උත්තර විතරයි..
"කියන්න"
"ඇයි?"
"මොකක්ද?"
"මන් අහන්නේ ඇයි"
"වටේ යන්න එපා තිසෙන්‍ය.. කෙලින් අහන්න ඕන එක අහන්න"
"ටිනුෂාත් පස්සෙන් යන්නේ ඇයි.."
"මට ඕන නිසා"
"ශෙනිරු!.. ඒ ඉන්නේ තිවිරූ නෙවේ පන්තිළු... මගේ මල්ලී"
"ඉතින්.. මන් ඒක දන්නවා සහ මගේ ඇස් තාම පේනවා"
"හරි.. අහන්න ඔයා අද මල්ලි ගැන හොයපු එකට තැන්ක්ස්.. ඒත් ආයේ එපා"
"මොකක්ද ම්ම්ම් ... මොකක්ද එපා"
"එයා ගැන වද වෙන්න.. ඒකට අපි ඉන්නවා"
"ම්ම්ම්"
ඉවසපන් ශෙනිරු.. ඉවසපන්.. උබට බෑ මුට ගහන්න.. එහෙම උනොත් අදාළ පාර්ශ්වේ කේස්..
තිසෙන්‍යගේ ප්‍රශ්නවලට මට තරහා ගියත් මන් ඉවසුවා.. ඒ වගේම එයා අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා.. මගේ අන්තිම උත්තරෙන් සෑහීමකට පත් උනු සහ නොවුනේ තිසෙන්‍ය යන්න හැදුවත්,
එහෙම කොහොමද එයාගේ ප්‍රශ්න ඉවර උනාට මගේ ප්‍රශ්න තාම තියෙනවා..
ඒක නිසාම..
" කොහෙද යන්නෙ තිසෙන්‍ය.. තාම මගේ ප්‍රශ්නේ එහෙමමනේ"
මන් එහෙම කියපු නිසා යන්න හැදුව තිසෙන්‍ය නැවතුනා.. පන්තියටම ඉන්නේ අපි දෙන්නා විතරක් නිසාම මට බය වෙන්න දෙයක් තිබ්බේ නෑ ..
"කියන්න"
"කවුද.. කවුද රසිදු ඔයාලගේ... ඒ වගේම මොකක්ද ඒ දෙන්නා අතර තියෙන සම්බන්ධේ .. වගේම මොකක්ද කලිනුත් රසිදුට කිව්වා කිව්වේ"
"ශෙන්-"
"ඔහ් ප්ලීස් තිසෙන්‍ය.. මට ආදළයි හරී.. ඒක නිසා උත්තර දෙන්න"
මගේ ප්‍රශ්නේ මන් ඇහුවත් තිසෙන්‍ය හැදුවේ ඒක මට අදාළ නෑ කියන්න.
අදාල නැ?
මට?
මේ ශෙනිරු ට?
ප* තමයි.. අදාළයි යකෝ අදාළයි.. මගේ කොල්ලා ගැන මට අදාළයි..
ආකර්ෂණයක් කිව්වට ඒක ආආආඅ මන් දන්නෑ මට වැඩක් නෑ මට ඕනේ නම් ඕනේ.
"ශෙන්-" / " අඩෝහ් උබලා දෙන්නා මොකද මෙතන කරන්නේ"
මේ සැරෙත් තිසෙන්‍යට කියන්න ගිය දේ සම්පුර්ණ කරන්න බැරි උනා. ශෙමියා පන්තියට ආපු නිසා..
ඌ විතරක් නෙවේ පන්තියේ අනික් උනුත් එකා දෙකා එනවා..ඒ වගේම ඒ ඇස්! ඒ ඇසුත් ඉන්නවා ශෙමියගේ ලගින්ම..
ඒ ඇස් තිබ්බේ මන් දිහාට.. ඒත් ඒ ඇස් හරි අමුතුයි.. නිකන් අනේ මන්දා..
" රැස්වීම ඉවර ද බන්"
තිසෙන්‍ය අරුගෙන් එහෙම අහනවා ඇහුනත් මන් කලේ ඒයා දිහා බලාන හිටපු එක විතරයි.
ඒ ඇස් බළල් ඇස් වගේ.. අමුතු ලස්සනක් තියෙන්නෙ. ඒ වගේම ගුප්තයි.. ආඩම්බරකාරයි... වගේම කපටියි..
"........රු"
"....නිරු"
"අඩෝහ් ශෙනිරුවාඅ"
"ආහ්?! ඕහ්"
පන්තිළු දිහා බලන් හිටිය මාව ගැස්සිලා ගියේ ශෙමියා ඇවිත් පිට හරහා එකක් ඇතැරියාම...
ආව්ව්හ් රිදුනා බොලව් ඒක.. ආර්හ් මුඩුමුසලා මුට මම..
"මොකද පරයෝ ගහන්නේ"
"ගහන්නේ ගැහුවේ නෑ තොට මම.. බේසිකයා"
"හු*-"
"රාද් අයියේ"
"ගෞරාද්"
___________________________
_____________
ඉතින් කොහොමද ?!
මුලින්ම බලන් හිටිය නම් සමාවෙන්න මෙච්චර පරක්කු උනාට..
ඇත්තටම කිව්වොත් වෙලාවක් නැහ්.. මන් මේ ඔක්කොම දමලා ගහලා මෙකත් ටයිප් කරේ..
ඒත් මේක සෙට් නෑ වගේ.. අද නම් අවුල් එච්චරයි.. මොනාද ලිව්වේ කියලා දන්නෙත් නෑ මතකත් නෑ ඔහේ ලිව්වා •_•
ඊලග එක පුලුවන් දවසක අරන් එන්නම්..