"අඩෝ ශෙනිරුවා.. ඔහොම හිටපන්"
ඊයේ රෑ මහන්සියට නිදා ගත්තද මොකද උදේම මට ඇහැරුනා. කොච්චර මහන්සියක් දැනුනත් මට හැමදාම උදෙට ඇහැරෙනවා..
එකක් මට නින්ද යන්නෑ.. මගේ අම්මා මාව දාලා ගිය දවසේ ඉදන් මට හරියට නින්ද යන්නෑ. අනික ඇහැරෙන්නත් නින්ද යන්නෑ. ඊයේ වගේ ශොට් එකක් දැම්මොත් ඇරෙන්න නිදා ගන්න බෑ මට..
හිතේ සැනසීමක් කොයිද.. ඒත් මගේ අම්මගේ එකම හීනේ මම ඉගෙන ගන්නවා දකින එක..එක නිසා මන් හැමදාම වගේ ස්කූල් එකට යනවා. ඒක නිදහස් ගෙදර ඉන්නවට වඩා.
කල්පනා කර කර ආපු මගේ කල්පනාව බිදුනේ ශෙමියගේ කටහඩට... නැවතුන මම එහෙමම හැරිලා බැලුවා පොර එනවා නෙවේ..
අදත් පරක්කු වෙලාද කොහෙද.. මන් ගෙදර ඉන්නවට වඩා ස්කූල් එන්න එක හේතුවක් මේ, මාව තේරුම් ගත්ත එකෙක් මේ.. ශෙමිරු විවේන් ගමගේ.. මගේ බොක්ක.. මගේ හැමදේටම මට ඉන්න එකෙක්..
"ආව්හ්!! මොන හුත්-"
"කොහෙද පගෝ මේ පයින් ගමන්.. කෝ උබේ උඩැක්කිය"
නෙදකින් හැලයා.. ලගට ආපු ගමන් මෙකා කෙලලා ඇරියා පිට හරහා මගේ..ආව්හ් රිදෙනවා යකෝ.. ගහන්නත් බෑ මුට එහෙන් ස්කෝලේ ගේට් එක ලග අපි ඉන්නේ...
අනික පිනා හැමදාම උදේට ගේට් එක ලග තපස් රකිනවා.. මුට ගැහුවොත් ඩබලටම සති දෙකක් ගෙදර ඉන්න පුලුවන්.. මොකටද ඉතින් විනය විනය නෑ කියලා.
අනේ මුගේ අම්මගේ විනේ..ඇයි යකෝ අපිට විතරයි විනේ.. පුෂ්පෙට ගිය රටනේ මෙක.. අරකට ගහන්න බැරි නිසාම ඌවත් දාලා මන් ගේට් එකෙන් ඇතුළට ආවා.. ලාවට දැක්කා ශෙමියත් පස්සෙන් එනවා. තෝ වරෙකෝ හිච්චී සිපයියා පන්තියට..
අපිට කෙලවරටම යන්න ඔන්නෑ. ස්කෝලෙ මුලින්ම ඉන්නේ අපි.. ඒ කියන්නේ මේන් ගේට් එකේ ඉදන් වම් පැත්තට තියෙන තට්ටු තුනේ බිල්ඩින් එක තමා 13 art , commerse සෙට් එක ඉන්නේ..
හරියටම කිව්වොත් මිඩීයා සර් යට, සර්ට උඩ අපේ පිනා, පිනාට උඩින් අපි...ආයේ වට රවුමක් ගහන්න ඕන්නෑ. පඩිපෙල නැගලා පන්තියට ආපු මම මගෙ පොට් එකට ගිහින් වාඩි උනා.. මහන්සි!!

YOU ARE READING
???? ??????? (Tk Non Fic)
Non-Fiction???? ??? ???????? ??? ??????! Cover credits goes to - @Hazy_lzel