හ්ම්ම්ම්!! අම්මා නැති ජිවිතයක් කියන්නේ,ළමයෙක් වෙවා වැඩිහිටි මනුස්සයෙක් වෙවා මේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ අපායක්!! ගෙදරක ශ්‍රියා කාන්තාව කියන්නේ අම්මට..
ගෙදර බුදුන් අම්මා කියනවා... ගෙදර මිණි පහන අම්මා කියනවා... ගෙදරක ආලෝකය අම්මා කියනවා.. ඒවගේම තමයි දරුවෙකුට අම්මෙක්
කියන්නේ ජිවිතයක්...අපි මේ ජිවත් වෙන ජිවන කාලේ ඇතුළට අපිට විවිධාකාර මිනිස්සු නොයෙක් ආකාරයේ ප්‍රශ්න හැලහැප්පීම්වලට මූණ දෙන්න වෙනවා අනීවාර්‍යෙන්ම... ඒත් 'අම්මා' කියන මනුස්ස පරානේ අපිත් එක්ක ඉන්නකල් කොච්චර ප්‍රශ්න තිබ්බත් හිතට සැනසීමයි.. නේද? හ්ම්ම්ම්ම්!!
ඒත් මේ මගේ ජිවිතේ,මේ ශෙනිරුගේ ජිවිතේ? අපායක්! නීරසයි! කොටින්ම වදකාගාරයක් වගේ! මගේ ජිවිතේ මට වටිනම මැණික මාව දාලා ගිය දවසේ ඉදන් මගේ ජිවිතේ අපායක්!!
මගේ අම්මා මගේ රත්තරන් අම්මා මාව දලා ගිහින් අවුරුදු 2යි... කොටින්ම මේ ශෙනිරු කියන කොල්ලව රස්තියාදුකාරයෙක් නසරානියෙක් වෙලා අවුරුදු දෙකක්... උබට මෙහෙම කරපු උන් සතුටින් මගේ අම්මේ..
උන් නිදහසේ ජිවත්වෙනවා හරියට ප්‍රබෝධී ආශිකා ගෞරාදි කියලා ගෑනියෙක් හිටියද කියලවත් උන්ට මතක නෑ... මගේ තාත්තා කියන මනුස්සයා කොටින්ම මගේ අම්මා දෙවියන්ට වගේ සලකපු මගේ අම්මගේ දෙවියෝ !!හහ් පකේ දෙවියෝ... ඌ අද සතුටින් අම්මේ...
" ගෞරාද් !!! "
මගේ කාමරේ තිබ්බ අම්මගේ ෆොටෝ එක දිහා බලාගෙන කල්පනාවක හිටපු මාව ගැස්සිලා ගියා.. වෙනමොකටාත් නෙවේ මගේ කාමරෙ දොර ලගින් ඇහුන තාත්තගේ කටහඩට...
තාත්තා කියන වචනේ කොල්ලෙක්ට හයියක්..ඒත් මට අනේ මන්දා අඩුම ඒ වචන තුන පවා ඔනාවට එපාවට කියනවා මිසක් මීට අවුරුදු දෙකකට කලින් හැගීම්වලින් ගෞරවයක් විදිහට දැකලා කතා කරපු ඒ ශෙනිරු නෙවේ මේ දැන් ඉන්නේ..
හැගීම් නැ ....
මැරිලා. කලකිරිමක් එක්කම ඒ ගැහීම් මැරිලා ගිහින්..
" ගෞරාද්!! අයිසේ මිනිහෝ මේ දොර ඇරපන්"
ආයෙමත් කල්පනා ලොකේක හිටපු මාව ආයේ ගැස්සුනා... දෙවෙනි පාරටත් තාත්තගේ සැර වචන ලග.. හුස්මක් පහත දාපු මන් කාමරේ දොර ඇරියා...

YOU ARE READING
???? ??????? (Tk Non Fic)
Non-Fiction???? ??? ???????? ??? ??????! Cover credits goes to - @Hazy_lzel