හන්ස යාත්‍රා (Tk Non Fic)

By WangYisha

1.4K 152 63

සමහර ඇස් ස්පර්ශයට වඩා දැනුනා! Cover credits goes to - @Hazy_lzel More

_හංස යාත්‍රා_
01~💗
02~💗
03~💗
05~💗

04~💗

141 24 13
By WangYisha

පන්තිළු!! පන්තිළු!! පන්තිළු!!

එයාගේ නම පන්තිළු ටිනුෂාත්..අහිංසකයි! ඒ රූපේ අහිංසකයි..හැබැයි ඒ කටහඩ පට්ට ආඩම්බරකාරයි...

දැනට දවස් දෙකක්!! දවස් දෙකක් මන් ඒ පුංචි රූපේ දැකලා.. ඒ කියන්නේ අද ඉරිදා..

එදා ගෙදර එනකන්ම මගේ හිතේ හිටියේ අලුත් ආඩම්බරකාරයා විතරයි!!

අඩුම මට තිවිරුවත් බලන්න යන්න හිතක් තිබ්බේ නෑ.. ඒයා හරි ආඩම්බරකාරයි.. අච්චර මගේ ලග ඉඩ තිබ්බා.

ඒත් වාඩි උනේ ඉස්සරහම..හ්ම්ම් හ්ම්ම්
අපි බලමුකෝ පුංචි ආඩම්බරකාරයෝ තව ඉස්සරහට!!

ඇත්තටම මන් දන්නෑ මේ කොල්ලව දැක්කම මට උනේ මොකක්ද කියන්න.ඒත් ඒක කැමැත්තක් ? ආදරයක්? නෑ කොහොමටවත් නෑ..

ආකර්ෂණයක්!! ඒක ආකර්ෂණයක් විතරයි.. මන් දන්නවා ඒක. ඒත් ඒ  කොල්ල්ගේ ඇස් ඒවා..

ම්ම් ස්කෝලෙට අලුතෙන් එන්නේ කවුද.. අනිවාර්යයෙන්ම මාත් එක්ක ආශ්‍රය කරනවා පුංචි බබෝ!!

අපේ තිශෙන්‍යගේ මල්ලි නිසා අත ඇරලා දාන්න හිතන් හිටියත්, බෑ දැන් නම් කොහොමත් බෑ..

ඔයාට අනිවාර්යයෙන්ම මාත් එක්ක ආශ්‍රය කරන්නම වෙනවා..ආශ්‍රය කරලා බලමු අපි එක්කෝ ඔයාව විසික් වෙයි නැත්නම්,

නැත්නම් මගේ විතු වගේ ඔයාටත් නවතින්න පුලුවන්..
ඒක ත්-

"ලොකූ"

ඇදට වෙලා හාන්සියක් දාන් දැනට දවස් දෙකකට උඩදී මට මුනගැහුන ඒ රූපේ ගැන හිත හිත හිතපු මගේ කල්පනාව බිදුනේ මගේ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරපු නිසා.

"අයියේ... ගෞරාද්!!"

ශලනි..ඒ ඇවිත් හිටියේ ශලනි.. මාත් එක්ක කතා කරන්න ඔනේ කියලා හිතුනලු එයාට..

ම්ම්ම්... හෙට ස්කෝලේ යන්නත් ඕනේ බෑත් වගේ. ඒත් යන්නම එපෑ

Ring...

පොත් මේසෙට වෙලා සිංහල විචාරයක් ලියලා ඉවර කරපු මන් පෑනක් කරකව කරකව මතක් කරේ ශලනි කියපුවා..

පව් ඒ කෙල්ල.. වයස දහාටයි තමයි ඒත් තාම පොඩි කෙල්ලෙක් ඒ.. අනේ මන්දන්නෑ අර අගන සල්ලි වලට ශික්..

Ring...

හවස ශලනි එක්ක කතා කරාට පස්සේ මගේ හිත ටිකක් හැදුනා..

එකක්, මගේ අම්මා මාව දාල ගිය දවසට ලගයි. ඇත්තටම කොච්චර කොහොම සල්ලාල වෙලා හිටියත් ඒ තැන මාව වට්ටනවා..

අනෙක තාත්තා... මට තාමටම හිතාගන්න බැරි ඇයි එයා එහෙම කියලා..

එදා ගිය සිකුරාදා ශෙමියා මෙහෙට ආව වෙලාවේ ඉදන් යන වෙලාව වෙනකන්ම පට්ට සැලකිල්ලක් සැලකුවේ තාත්තයි අර අගනයි මට..

ඒත් ඊට පස්සේ?! වැඩකාරයෙක්ට අන්ත ගානයි මාව.. ඇයි මට එහෙම කරන්නේ?!

කලකිරෙන් නැද්ද මචන් මේ ජිවීතේ මට?! අඩන්න තියා හිතන්වත් බෑ මට..

ඇඩුවොත් 'උබ පිරිමෙයක් නේද' කියල පටන් ගන්න වචන පේළිය අවසානෙ මන් අවජාතක කාලකන්නියෙක්!!

Ring...

සැනසීමක් කොයිද බන් මේ ජීවිතේ මට..ඔහේ පෑන අල්ල අල්ල හිටිය මාව ගැස්සිලා ගියා..

අත ගාවම තියෙන ෆෝන් එක රින් වෙනවා. කාගෙන්ද දැක්කේ නෑ මොකද කෝල් එක කට් උනා..

ශෙමිරු..

ඒ ශෙමියා.. missed calls පහක්.. හ්ම්ම් මන් දන්නවා ඇයි කියලා ඒත්,  බන් මූඩ් නෑ මට කා එක්කවත් කතා කරන්න.

ටීන්...

කට් උන කෝල් එක අවසානේ උගෙන් මැසෙජ් එකක්..

උබ free වෙලාවක කෝල් එකක් ගනින්

එච්චරයි!! මැසෙජ් එක නොටිෆිකේෂන් බා' එකෙන්ම සීන් කරපු මම එහෙමම සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා.

සිහිනේ පායාවී රෑ
අදුරේ තනි වෙන්නෙ නැ
සොදුරේ අත්වැල් බැදන්
දුර ඈතට ඉගිලයන්...
ආදරයෙ සීමා සොයා...

කුළුදුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සෝසුසුමන් පවා...

තමරසා...තමරසා!
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුළු වී
ඔබ හිනැහුනා

සිහිනේ කියාදෙන්න
ලං වී හිදින්නම්ද මා

සංසාරයේ ගීය මුමුණන්න
ලං වෙන්න මා හා
මල් යහනා අතුරන්නම්
එහි සතපා සනසන්නම් ආදරෙන්

කදුලේ ඔබ ඕන නෑ
තනි නැ ළග ඉද්දි ඈ
සොදුරේ අත්වැල් බැදන්
තව ඈතට ඉගිලයන්
ආදරයේ සීමා සොයා...

කුළුදුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සෝසුසුමන් පවා...

තමරාසා... තමරාසා!
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා (තමරාසා)
තුරුළු වී ඔබ හිනැහුනා

තමරාසා...තමරාසා!
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුළු වී ඔබ හිනැහුනා....

තමරාසා!! දිනේෂ් ගමගේ ගේ..මගේ අම්මගේ ආසම සින්දුවක්..අතේ තිබ්බ පෑන පැත්තකින් තිබ්බ මං කාමරේ ලයිට්ස් ඔෆ්  කරගෙනම ඇදට ආවා.

වහිනවා!!

දිනේශ්ගේ තමරාසා ඉවර වෙනකොට ලාවට පොදයක් ගියා. දැන් ඒක ලාවට වැස්සක්  වෙලා.

සීතලයි...!!

කම්මැලි...!!

අද පාඩම් කරන්න  බැ. ඒහෙමම ඈදට වැටුන මම හොද හුස්මක් ගත්තා. ස්කෝලේ ඉන්න පැය ගානට මට මේ තනිකම.. පාළුව.. මූසල කම දැන්නේ නෑ.

කොට්ටේන් ඔලුව තියාන  ඇස් දෙක පියාගත්තත්.. මට මතක් උනේ  අද දැක්ක ඒ ඇස් දෙක..... ඇයි මේ!! ඒ ඇස් නම් පිස්සුවක්.

පන්ත්-තිවිරූ!!

""ආශ් මේ මොන!!"

පුංචි ආඩම්බරකාරයව මතක් කරත් එක පාරටම සිහියට ආවේ තිවිරූව.. පොඩි එකාට කතා කරන්න බැරි උනා ඊයේ..

ෆෝන් එක අතට අරන් තිවිරූට මැසෙජ් එකක් දැම්මා.. හෙට පල්ලෙහා ග්‍රව්ඩ් එක ලග තියෙන ජම්බු ගහ ලගට එන්න කියලා..

එළියේ වැස්ස තවත් තද කරලා..සීතලයි.. තවත් ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙන්න දීලා හිමින් සීරුවේ මාත් ඇස් දෙක පියා ගත්තේ තවත් ඇහැරලා හිටියොත් වැස්ස නොබලා එලියේ නිදා ගන්න වෙන නිසා...

මැරිලා මැරිලා ගෙදර ඇවිත් හොදට නිදා ගන්න පුලුවන් මේ වගේ වෙලාවක එළියේ නිදාගන්න එක...

හැබැයි එහෙම උනු දවසුත් එමටයි.. ඇත්තටම මගේ ජිවීතේ ගැන කල්පනා කරන්න ගත්තොත් සිරාවටම බන් මටම කලකිරෙනවා.

එහෙමම මට බැලවුනේ මගේ අත්දෙක දිහා..කරගැට ඇවිත්!! එහෙම නැති උනොත් පුදුමයි..

මොකද මන් හොදන්නේ එසේ මෙසේ පිගන් වලං ප්‍රමාණයක් නෙවේනේ..

මොන තරහකට මන්දා හොදපු එවාත් ආයේ මොනා හරි ජරාවක් ගාලා දෙනවා.දෙනවා කියන්නේ දමලා ගහනවා හරියට හොදලා නෑ කියලා...

කවද්ද!? කවද්ද මට නිදහසක් සැනසීමක් සතුටක් ලැබෙන්නේ!?
.
.
.

මන් මේ බෑග් එක ක්ලාස් එකෙන් තියලා පිට්ටනියට යන ගමන්. යන ගමන එහෙමම නතර උන මං බැලුවේ ඉස්සරහට තියෙන පඩිපෙල් ටික දිහා..

ආහ් නැගපන්කෝ දැන් මේකත්.!!

ඊයේ වැස්සත් එක්ක රෑ නින්ද ගියේ කොයි වෙලේද දන්නෑ..ඒත් හොදටම නින්ද ගියා කියල නම් දන්නවා.

ඒකේ ප්‍රතිඵලයක් විදිහට උදේ ඇහැරුනේ ටිකක් පරක්කු වෙලා.. ඒකත්  ශලනි කතා කරපු නිසා.

ලෑස්තිවෙලා පාරට එන්න විනාඩි දහයක් විතර යනවා. එකක් පඩි එකසිය ගානක් උඩට එන්න ඕනේ මේන් රෝඩ් එකට..

හැබැයි විනාඩි පහෙන් මන් උඩ.එකත් පඩිටික නැග්ගා නෙවේ දිව්වා..මගක් එනකොට බස් එක ගියා. ඊට පස්සේ  ඉතින් මොනා කරන්නද හිමින් උඩට ආවා...

ඒත් මට හති යකෝ!! ඒ ඇවිත් විනාඩි දෙකයි ඊලග බස් එක.. හති අරින්න වත් වෙලාවක් නෑ..

අනික ස්කෝලේට ආවත් ගේට් එකෙන් උඩට එන්න ඔනේ..ඒ ඇවිත් පඩි ආයේ නගින්න ඔනේ ක්ලාස් එකට...

දැන් ඒ ටිකත් නැගලා බැහැලා මට පුලුවන් ද මේ පඩිත් නගින්ඩ..මොන හු&ත්තක්ද යකෝ මට හති!!

හති යකෝ හති..ඒකල්ලා අතනට යන්න බැරි උනොත් අරකා මාව කනවා...ඒත් ඇයි මන් උට බය වෙන්න ඔනේ..

"රාද්"

හති අරින්න කියලා ටිකක් පහලට නැවිලා හිටපු මන් ඔළුවේ ඉස්සුවේ මන් ලගින් ඇහුන තිවිරූගේ කටහඩට.

කොහෙ ගියත් මට අදුන ගන්න පුලුවන් තිවිරූව.. මොකද රාද් කියන්නේ එයා විතරයි මට..

"මොකද  තමුසේ"

"ඇ..ඇයි අයියේ බනින්නේ!? ම්-මන් කතා කරා විතරයිනේ"

"ඉතින් ඕයි දැන් ඕකට පෙරන්න ඕනේද?.."

" ක්-කවුද පෙරුවේ.."

" මේ මන් පෙරන්නේ උබට පේනවද?"

"ම්හ්ක්"

අරුගෙන් මොකද කියලා ඇහුවා විතරයි මූ හලනවා නිකන් අර පිටි හලනවා වගේ.. මට පේන්න බෑ පිටි හලන උන්ව..කෙහෙම්මල !!

පෙරන්නේ මන් කියලා තිවිරූගේ මූණට ටිකක් ලන් උන මන් එහෙම අහනකොට. මූ අහක බලා ගත්තා..ඒකත් ගස්සලා.

ම්ම්ම් රෝස පාට වෙලා!!

"දැන් ඇයි ඕ-"

තව ටිකක් තිවිරූ ලගට ලන් උන මන් දෙයක් අහන්න හැදුවත් මට ඒක බැරි උනා.. මන් ඒ දැක්කේ එයාද ඒ!?

"අයියේ? රාද්!රාද්!!!"

ඒ ඇස්.. පුංචි ආඩම්බරකාරයා!! ඒ එයා. තිවිරූ කතා කරනවා ඇහුනත් මන් හිටියේ දැන් එයාට උත්තර දෙන්න තරම් සිහියක නෙවෙයි වෙනකොට මන් කරේ ඒ ඇස් ෆ්ලෝ කරපු එක විතරයි!!

_______________________
_______________

මේ රාද් අයියට හතිලු නේ පඩි නැගලාම 🤷‍♀️

අහන්නකෝ.. මේක හොදද ළමයි? මට හිතෙනවා නිකන් සෙට් නෑ නෑ වගේ කියලා.. අවුල් වගේද නිකන්

මෙ සතියට අප්ඩේට් දුන්න නිසා ඊලග එක නම් ටිකක් ලේට් වෙයි හරිද..

සාමාන්‍යයෙන් මම වැඩිය සිංහල සින්දු අහන කෙනෙක් නෙවෙයි ඒක නිසා සින්දුව ගැන විස්තර කිරීමක් කරේ නෑ මන් ..

'තමරාසා' ඒක ලස්සනයි!! අහලා බලන්න

You'll Also Like

205K 17.6K 79
Yugma × ahas
56.3K 1.4K 64
ဉာဏ်ရည်+ချစ်ရိပ် Uke ဒွိလိင်။ Uke Sissy ပါ။
52.8K 829 21
"Warrning: "Adult Story 「18+」 မဟာတည်စေ+တေးသွားရတု "Uke ဒွိလိင်။
1.4M 97.7K 54
.·:*¨༺ "𝓢𝓱𝓮 𝔀𝓪𝓼𝓷'𝓽 𝓽𝓱𝓮𝓲𝓻 𝓵𝓸𝓼𝓽 𝓹𝓻𝓲𝓷𝓬𝓮𝓼𝓼 𝓫𝓾𝓽 𝓫𝓮𝓬𝓪𝓶𝓮 𝓽𝓱𝓮𝓲𝓻 𝓽𝓻𝓮𝓪𝓼𝓾𝓻𝓮𝓭 𝓛𝓲𝓸𝓷𝓮𝓼𝓼" ༻¨*:·. ┏━━°❀•°:�...