හන්ස යාත්‍රා (Tk Non Fic)
By WangYisha
සමහර ඇස් ස්පර්ශයට වඩා දැනුනා! Cover credits goes to - @Hazy_lzel More
සමහර ඇස් ස්පර්ශයට වඩා දැනුනා! Cover credits goes to - @Hazy_lzel More
"තිශෙන්‍ය"
තිශෙන්‍ය මැත්ස් එකේ.. මූ තමා මැත්ස් එකේ පොර.. ආයේ ගණන් නම් නතින් බ්‍රෝ මුට.. සාමාන්‍යයෙන් තිසෙන්‍ය ආර්ට් එකට එනවා අඩුයි.
ඒත් මු මොකද අද මෙහෙ ඇවිල්ලා.. එක නම් හොයන්නම ඔනේ.. අරු ඇවිත් කතා කරා විතරයි මුත් ජිසෙන්‍යෑ ගාන් ගියේ ඔය.. අනේ මට වැඩක්ම නෑ.
එත් මන් හිතන්නේ සිරීයස් කේස් එකක් වගේ.. ආ ඕන එකක් ශෙමියෝ ඉක්මනට වරෙන් මගේ කෑල්ල බලන්න යන්න ඕනේ..
"ඒ බන් ශෙනියා..වරෙන් යන්න උබේ පාන් කෑල්ල බලන්න"
අරු ගියාට පස්සේ ශෙමියා මන් ලගට ඇවිත් විනූව බලන්න යන්නෙ නැද්ද අහනවා.. එක තමා යකෝ මාත් මේ ඉන්නේ.. ගොන් වස්සා..
" පලයන් යන්න ගොබ්බයා.. මගේ වෙලාව කෑවා"
අරුගේ ඔළුවට එකක් ගහගෙනම මන් පන්තියෙන් එළියට ආවා.. තවත් ඔකේ හිටියොත් ඩියුටි යන්න වෙන්නෙත් නැ අරුව බලන්න වෙන්නෙත් නෑ..
එක අතක් ස්කූල් කලිසමේ සාක්කුවට දාන් අනෙකෙන් කොන්ඩේ හදා ගන්න ගමන් කොරිඩෝ එකේ ඉස්සරහට යනකොට ශෙමිටත් දුවන් ඇවිත් මගේ සමානව නතර උනා..
" ඒ උබ දන්නවද.. අපේ පන්තියට අලුත් බුවෙක් එනවලු.. උබ දන්නවද ඒ කවුද කියලා"
" මන් දන්නේ කොහොමද"
මුට පිස්සු.. එන එකාව මන් දන්නේ කොහොමද..එන එකාව මන් දන්නේ කොහොමද..මුත් එක්ක දැන් නැවතිලා කතා කරන්න ගත්තොත් පැත්තකින් කන පිරෙන්න අහගන්නත් වෙනවා අනෙක් පැත්තෙන් රැවුම් බලන්නත් වෙනවා...
ආර්‍ර්හ් ඇයි මන් ඒ හිච්චි එකාට බය වෙන්නේ. අදාළ නෑ.. කොහොමත් සිරා ලවක් නෙවේනේ..
" ඔව් ඉතින් උබට පොල් බෑයක් එනවා කිව්ව නම් මල් වඩම් දීලා පිලිගනි.. තිසෙන්‍යගේ මල්ලිලු අලුතින් එන්නේ"
ටසිරි.. මොකක්? යකො මුගේ මල්ලි අපේ පන්තියට..එත් කොක්කක් නේ.. මූ අපේ වයස නම් මුගේ මල්ලි කොහොමද අපේ පන්තියට එන්නේ.. බැරිවෙලාවත් කිබුල්ලුද.. ම්ම් ආතල් එකක් ගන්නවද නැද්ද..
" හම්මට පුචේ.. සිරාවටම.. ම්ම්ම් පිලිගන්නම වෙනවා එහෙනම්"
ලාවට හිනා වීගෙනම මන් මේන් ගේට් එක ලගට ගියා.. යනකොට පිනා ඉන්නවා තවත්..
කොහොම හරි 7.30ට බෙල් එක ගැහුව්ට පස්සේ ගේට් එක වහන්න කියලා අනෙක් පැත්ත හැරුන මන් හැදුවේ එතනින් යන්න උනත් ඇහුන කටහඩ නිසා නැවතුනා..
" Excuse me පුතා.."
අනෙක් පැත්ත හැරුන මන් දැක්කේ පිලිවෙලකට ඇදලා කරලා ඉන්න ටිකක් මැදි වයසේ පිරිමි කෙනෙක්ව.. ම්ම්ම් පෙනුමෙන් නම් අත්තක්..
ගේට් එක වහන්න ගිය වගීෂට කතා කරපු ඒ පිරිමි කෙනා පිටිපස්සෙන් ගෑනු කෙනෙක් හිටියා.. කළු පාට කඩා හැලෙන සාරියක් ඇදන්..
ලස්සනයි!!
ඇත්තටම ඒ ගෑනු කෙනා හරිම ලස්සනයි ඒ වගේම පින් පාටයි.. ගේට් එකකට ටිකක් මෙහායින් හිටපු මන් බලන් හිටියේ මේයාලා ආපු හේතුව දැනගන්න කල්..
"ආහ් අංකල්.. ඔයාලා ආවේ"
ඕඕ වගීෂ. මට දැනගන්න ඔනේ උනු එක මට කලින් වගීෂ ඒයාලගෙන් ඇහුවා..
"අහ් අපි මේ ප්‍රින්සිපල්ව හම්බෙන්න කියලා ආවේ පුතා"
"ආ හරි අන්කල් එන්න. ඔහ්- ආහ් ශෙනිරු අයියා!! මේ අන්කල්ලව ඔෆිස් එකට එක්ක යනවද"
එයාල ඇවිත් තියෙන්නේ ප්‍රින්සිපල් හම්බෙන්නලු.
වගීෂ එයාලට ඇතුළට එන්න කියලා ඔෆිස් එකට යන පාර කියන්න
හැදුවේ මන් හිතන්නේ..
ඒත් මිනිහා මාව දැක්කා..හොද හිනාවක් දලා අර කට්ටියව ඔෆිස්
එකට එක්ක යනවද ඇහුවා.
ආයේ ඉතින් බෑ කියන්නද දැන්..නැනේ ඒක නිසා ඌ එහෙම අහනකොට මං ලාවව ඔළුව වැනුවා.එයාලට එන්න කියලා මන් යන්න හැරුනත්,
"අහ් මනු කෝ පුතා"
"තාම එළිය ඇත්තේ අපේ මහත්තයා.. ඉන්න මන් බලන්නම්"
මාත් එක්ක එනවා වෙනුවට එයාලා පුතෙක්ව හොයනව.. යකෝ මුට අම්මා තාත්තා එක්ක එන්න
බැරිද..
ආශ්!! මගේ වෙලාව දෙයියෝ මේ.. එයා බලන්නම් කියලා අර ගෑනු කෙනා ගේට් එකෙන් එළියට ගියා.අනේ අම්මපා මට මල දැන්..ඇයි මේ කොහෙවත් යන එකෙක් නිසා මගේ ක්-
කවුද මේ!?
අර එළියට ගියපු ගෑනු කෙනා එක්ක ටිකකින් අතුළට ආවා.. හැබැයි තනියම නෙවෙයි. පොඩි කොල්ලෙක් එක්ක..ඒත්,
ඒ කොල්ලා!!
දෙයියනේ ඒ ඇස්!!
ඒ ඇස් මගේ අම්මගේ ඇස්!!
එතකොට ඒ රූපේ!!
ලස්සනයි!!
සන්සුන්!!
පිංපාටයි!!
ඇතුළට ආපු අනෙක් කොල්ලව දැක්කම මට ඉන්න තැන පවා අමතක උනා... ඒ ඇස් මගේ අම්මගේම ඇස්.. එයා හරි චුටී.. මට වඩා බාලයි මන් හිතන්නේ.
එහෙමම අනෙක් පැත්ත හැරිලා මන් ආවේ ඔෆිස් එකට..
එයාලව ඔෆිස් එකට එක්කගෙන ඇවිත් ඒ අන්කල්ලට හිනාවක් දිලා මන් ආයෙත් එන්න ආවා. ඒ රූපේ දිහත් ආයෙත් සැරයක් බලලම.
මේ කොල්ලව දැක්කම මට හිතුනේ එක දෙයයි..
ඒ ඇස් මගේම වෙන්න ඕනේ.. හොදින් නැත්නම් නරකින්!!
ගාථා කියලා ඉවර වෙලා දැන් පැය භාගයක් වගේ.. ඒත් මන් තාමත් කල්පනා කරන්නේ ඒ ඇස් ගැන..ඒ ඇස් දැක්කම මට මතක් වෙන්නෙම මගේ අම්මව..
පන්තියට ඇවිත් මගේ ප්ලේස් එකේ වාඩි උන වෙලාම ඉදන්ම මගේ හිත අර නන්නාදුන කොල්ලා ලග.. නෑ ඒ ඇස් ලග.
"අඩෝහ් සර් බන්"
ඔහේ හිටපු මගේ පිට හරහා ගිය පාරෙන් මාව උඩගියා.. සිරාවටම මං මූව මරනවා.. මුඩුමුසලා..
ශෙමියා ආයෙත් පිට හරහා ගහලා අඩෝහ් සර් ගෑවා. එතකොටයි මන් දැක්කේ බණ්ඩාර සර් පන්තියට ඇවිත් කියලා.
වැඩිය මාව නෝට් මෑ පිටිමපස්සේ නිසා..ශේප් එකේ නැගිට්ටා මාත්..
"ස්ස් ස්ස්"
"ඇයි උබේ පරම්පරාව නයි ද"
"නැ පොලොන්ගූ!!"
වාඩිවෙලා ඩෙස් එකේ ඔළුව ගහන් හිටිය මට නයෙක් සද්ද කරන සද්දෙටම ඔළුව ඉස්සුවා. මෙකේ අස්සේ නයිත් ඉන්නවද.
අහ් නැ නැ නයාගේ මහා එකා ඒ....
යකෝ මගේ එහා පැත්තේ ඉන්න එකා ඒ අජූත විදිහට සද්ද කරලා තියෙන්නේ.. අනේ මුට කටක් දුන්නේ මොකටද මන්දා.
ගොන් ප*යට බෑ කතා කරන්න මට.. පරම්පරාව නයිද ඇහුවම පොළොන්ගුලු..නෙදකින් මුඩු තිරිසනා..
"ඇයි උබ දැන්"
ගහන්න බැරි නිසා අහක බලන්න ඉන්න ශෙමියගෙන් මන් ඇයි කියලා ඇහුවා.. කතා කරේ වැඩකට වෙන්න ඇතිනේ..
"නැහ් උබ අද අරකව බලන්න ගියේ නැද්ද"
"මොකාවද බන්"
"ඇයි සිපයියෝ!! තිවිරුවා"
"ආහ්.. බැරි උනා බන්"
ඌ කතා කරලා තියෙන්නේ තිවිරුව බලන්න ගියාද අහන්න..ඇත්තම කතාව කිව්වොත් මට උව දැන් මතක් උනේ..ඒකත් මූ මතක් කරපු නිසා..
අද පොඩි පගයා කයි මාව..
"නවත්තගනිව් උබලගේ ඔය කටවල් ටික!!"
ශෙමියා තව දෙයක් කියන්න ගියත් ඌට බැරි උනා.. මොකද සර් කාරයා මුට ඉස්සර උනා.. වචන පහයි පන්තිය මීක් නෑ!! ගැම්මට
සාමාන්‍යයෙන් බණ්ඩාර සර් එහෙම අපිට කෑ ගහන කෙනෙක් නෙවෙයි. ඒත් අද මොකද එකපාරටම..
ශිවන්‍යාගේ පවුලේ මිනිස්සු ඔය.. සුටුස් ගානකොට වෙස් මාරු කරනවා..අද මොන පැත්තටද දන්නෑ මාරු උනේ..
"අහන්න ලමයි.. ඔයාලගේ පන්තියට අළුත් ළමයෙක් ඉන්නවා.එයාව අදුරගන්න"
මන් කිව්වේ මන් කිව්වේ.. එක පාරම වෙස් පෙරලෙනකොට.. අලුත් එකෙක් පන්තියට ආවා කියලා මේ
මං එහෙමම ජනෙලෙන් එලිය බලාගත්තා.. මන් ඉන්න හරියේ ජලේන් එලිය බැලුවම පෙන්නේ පොලීසිය..ටිකක් ඈතින් රේල්වේ ස්ටේෂන් එක.
මන් ගොඩක් වෙලාවට බලන් ඉන්නේ ඈත පේන ස්ටේෂන් එක දිහා.. ලස්සනයි.. ට්‍රේන් එකක් යනකොට තව එකක්.. රතු නිල්... ස්ටේෂන් එක දෙපැත්තේ තියන මල් වගාව..ඒත් එක්කම තියෙන කන්ද..
ලස්සනයි.. ඈතට පේන නිසාම ඒක පට්ට ලස්සනයි උදේට..හැමදාම මන් කරන්නේ උදේට ඒ දිහා බලන් ඉන්න එක.. මන් කියන්නේ පට්ට ප්‍රශ්න ගොඩක් තියෙන එකෙක්..
එළියට හිනා වෙලා හිටියට මගේ හිත හිනා වෙන්නෑ...
"අඩෝ කවුද බන් ඒ.. අඩෝ ශෙනිරුවා අර බලකෝ බල්ලෝ"
එලිය බලාන හිටිය මට අද කීවෙනි පාරටද මන්දා හිතුනා ඇයි මන් මේ කබරගොයාව මැරුවේ නැත්තේ ඇයි කියලා.. ආහ්.. මූ ආයේ කෙලලා ඇරියා පිට හරහා..
"මොකද තලගොයෝ ගහන්නේ"
"ගහන්නේ නෙවේ අර බලපන් සිපයි පැටියෝ තිශෙන්‍යගේ මල්ලි බබාව"
තිශෙන්‍යගේ මල්ලි.. ඌ එහෙම කියනකොට මන් පන්තිය ඉස්සරහා බැලුවත් ,
ආයෙත් ඒ ඇස් දෙක!!
ඒ හිටියේ උදේ ගේට් එක ලගදී මට හම්බුන කොල්ලා..එතකොට මූද අරුගේ මල්ලි. ආශ් මට අමතක උනානේ අරුගේ මල්ලිව..
"ඔය ළමයව අදුන්වා දුන්න නම්"
"පන්තිළු!! පන්තිළු ටිනුෂාත්"
_______________________
___________
👉👈
කතාවෙ cover එක...
Hazy_Izel thank u sm Akke ❤️
Covers ඕන අයට ලස්සනට cover එක හදාගන්න පුලුවන් එයාගෙන්..