හන්ස යාත්‍රා (Tk Non Fic)

By WangYisha

1.4K 152 63

සමහර ඇස් ස්පර්ශයට වඩා දැනුනා! Cover credits goes to - @Hazy_lzel More

_හංස යාත්‍රා_
02~💗
03~💗
04~💗
05~💗

01~💗

310 30 9
By WangYisha

හ්ම්ම්ම්!! අම්මා නැති ජිවිතයක් කියන්නේ,ළමයෙක් වෙවා වැඩිහිටි මනුස්සයෙක් වෙවා මේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ අපායක්!! ගෙදරක ශ්‍රියා කාන්තාව කියන්නේ අම්මට..

ගෙදර බුදුන් අම්මා කියනවා... ගෙදර මිණි පහන අම්මා කියනවා... ගෙදරක ආලෝකය අම්මා කියනවා.. ඒවගේම තමයි දරුවෙකුට අම්මෙක්
කියන්නේ ජිවිතයක්...

අපි මේ ජිවත් වෙන ජිවන කාලේ ඇතුළට අපිට විවිධාකාර මිනිස්සු නොයෙක් ආකාරයේ ප්‍රශ්න හැලහැප්පීම්වලට මූණ දෙන්න වෙනවා අනීවාර්‍යෙන්ම... ඒත්  'අම්මා' කියන මනුස්ස පරානේ අපිත් එක්ක ඉන්නකල් කොච්චර ප්‍රශ්න තිබ්බත් හිතට සැනසීමයි.. නේද? හ්ම්ම්ම්ම්!!

ඒත් මේ මගේ ජිවිතේ,මේ ශෙනිරුගේ ජිවිතේ? අපායක්! නීරසයි! කොටින්ම වදකාගාරයක් වගේ! මගේ ජිවිතේ මට වටිනම මැණික මාව දාලා ගිය දවසේ ඉදන් මගේ ජිවිතේ අපායක්!!

මගේ අම්මා මගේ රත්තරන් අම්මා මාව දලා ගිහින් අවුරුදු 2යි... කොටින්ම මේ ශෙනිරු කියන කොල්ලව රස්තියාදුකාරයෙක් නසරානියෙක් වෙලා අවුරුදු දෙකක්... උබට මෙහෙම කරපු උන් සතුටින් මගේ අම්මේ..

උන් නිදහසේ ජිවත්වෙනවා හරියට ප්‍රබෝධී ආශිකා ගෞරාදි  කියලා ගෑනියෙක් හිටියද කියලවත් උන්ට මතක නෑ... මගේ තාත්තා කියන මනුස්සයා කොටින්ම මගේ අම්මා දෙවියන්ට වගේ සලකපු මගේ අම්මගේ දෙවියෝ !!හහ් පකේ දෙවියෝ... ඌ අද සතුටින් අම්මේ...

" ගෞරාද් !!! "

මගේ කාමරේ තිබ්බ අම්මගේ ෆොටෝ එක දිහා බලාගෙන කල්පනාවක හිටපු මාව ගැස්සිලා ගියා.. වෙනමොකටාත් නෙවේ මගේ කාමරෙ දොර ලගින් ඇහුන තාත්තගේ කටහඩට...

තාත්තා කියන වචනේ කොල්ලෙක්ට හයියක්..ඒත් මට අනේ මන්දා අඩුම ඒ වචන තුන පවා ඔනාවට එපාවට කියනවා මිසක්  මීට අවුරුදු දෙකකට කලින් හැගීම්වලින් ගෞරවයක් විදිහට දැකලා කතා කරපු ඒ ශෙනිරු නෙවේ මේ දැන් ඉන්නේ..

හැගීම් නැ ....

මැරිලා. කලකිරිමක් එක්කම ඒ ගැහීම් මැරිලා ගිහින්..

" ගෞරාද්!! අයිසේ මිනිහෝ මේ දොර ඇරපන්"

ආයෙමත්  කල්පනා ලොකේක හිටපු මාව ආයේ ගැස්සුනා... දෙවෙනි පාරටත් තාත්තගේ සැර වචන ලග.. හුස්මක් පහත දාපු මන් කාමරේ දොර ඇරියා...

වෙනදා වගේමයි.. හිනාවක් නැති හැගීමක් නැති ඒ මූණ අද රතු වෙලා.. වෙන්න ඔනේ අනිවාර්‍යෙන්ම වෙන්න ඔනී ඒක.. ඒ ඇස්වල තියෙන්නේ තරහක්ද වෛරයක්ද මොකක්ද මන් දන්නෑ මට තෙරෙන් නෑ..තෙරුම් ගන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නෑ.

"ඇයි?"

"ඇයි? ඇයි? ඇයි? ආ මිනිහෝ තෝ ඇයි කියලා මගෙන් අහන්නේ... මේ අයිසේ මගේ යකා කියන එකාව අවුස්ස ගන්නෙපා ගෞරාද්...මේ මිනිස්සු අස්සේ මට උබට කෑ ගහන්න බෑ"

මෙච්චර වෙලාම කෑ ගහලා දොරට තඩිබාපු තාත්තගෙන් මන් ඇහුවේ ඇයි කියලා විතරයි... ඒත් වෙනදා වගේම අදත් පිපුරුනා!!

අනේ ඇයි තාත්තේ මට මෙහෙම කෑ ගහන්නේ ඇයි මන් මොකක්ද කරපු වැරැද්ද..මන් මගේ අම්මා කරපු වැරැද්ද මොකක්ද තාත්තේ!?

අහපු එක වචනයක් අල්ලන් මට කෑ ගහන තාත්තා දිහා මන්  බලන් හිටියා..  වේදනයි .. ඒ ඇස් තනිකරම ගොරක ලෙලි වගේ රත ගහලා...

" විනාඩි 5යි.. පල්ලෙහාට වරෙන් "

හරි එච්චරයි!!! ආය නැ බැ ඇයි කියවිලා නැ.. ඒක තනිකරම අනක්.. එයා කිව්වේ පහයි කියලා... ඒ කියන්නේ විනාඩි පහ වෙනකොට මන් එතන ඉන්න ඔනි ..

නැත්තම් අදත් කදුළු විතරයි...එයා ගියා මට විනාඩි පහයි කිව්ව තාත්තා යන්න ගියා.. මොනා කරන්නද යන්න වෙනවා.. ගිය ආත්මෙක කරපු පව් මේ..

මේ තමයි මගේ ජිව්තේ කොටින්ම මේ තමයි ශෙනිරු ගෞරාද් දන්තනාරායන කියන කොටින්ම මගේ තාත්තගේ වචනෙන් අවජාතක ශෙනිරුගේ  ජිවිතේ.. කොහොමද දැනෙන්නේ?

ඇද උඩ තිබුනු ෆුල් සූට් එක දිහා බලලා හුස්මක් පහත දාපු මම ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියේ තාත්තගේ ඒ විනාඩි පහ යන්න කලින් පහලට යන්න ඔනේ නිසා..

ඔහෙන් මෙහෙන් ඇග සෝදගත්ත මම ඇවිත් ඇද උඩ තිබ්බ ඇදුමත් ඇදගෙන කන්නාඩියෙන් පේන මන් දිහා බලන් හිටියා.... කඩවසම්  ආකර්ෂනයයි ... ඒත් හ්ම්ම්ම්... තව ටික වෙලාවක් කන්නාඩියෙන් මන් දිහාම බලන් හිටපු මම ඒ කාමරෙන් එලියට ඇවිත් අදාළ තැනට ආවා...

සරසලා... කොටින්ම අඩුවක් නොවෙන්න ගේ ඇතුළ සරසලා.. රෝස මල් හැමතැනම ... රෝසම රෝස පාටයි හැම තැනම.. අද මෙච්චර දෙයක්? වෙඩින් එකක්. 

ඒකට අවශ්‍ය මොනාද තිබ්බා.. ඉතින් සම්පුර්ණයි  නේ... වෙඩින් එකක්, කාගේද ? නංගීගේ!! මගේ (නො)වෙන නංගී....  ශලනි ලවන්‍යා දන්තනාරායන

දන්තනාරායන? හහ් දන්තනාරායන.. ශලනි කියන්නේ තාත්තගේ දෙවෙනි කසාදෙ ලමයා.. තාත්තගේ වාසගම දුන්නට එකි තාත්තගේ නෙවෙයි!!

ඒත් මන්දා මගේ තාත්තා මට වඩා ශලනිට ආදරෙයි... එකිට වැරැද්දක් කියන් නෑ මන්. මොකද තාත්තගෙයි එකිගේ අම්මගෙයි කසාදෙට මන් වගේම එයා කැමතිත් නෑ...

වෙන උන් වගේ ඇගේ ඇලෙන්න එන ඒවා එකි ලග නෑ... ඒ නිසා එකිට මන් හොදයි ඒත් මගේ අම්මව මතක් වෙන වාරයක් ගානේ ඒකි ගැන වගේම අර එකිගේ අම්මා කියන අගන  එතකොට මාව ජාතක කරපු ඒත් මගේ තාත්තට අවජාතක උනු මට වහකදුරු වගේ..

"ලොකූ"

ආව වෙලාවෙ ඉදන්ම එකම තැනට වෙලා හිටන් හිටිය මගේ අවදානේ වෙනස් උනේ මන් ලගට ඇවිදින් කතා කරපු මනුස්සයා නිසා..

ශලනි..

ඒ ශලනි.... බොරු මරිසි ඕන්නෑනේ බන් අද එකී පට්ට ලස්සනයි!! එච්චරයි ... මෙච්චර දවස් ජීව්ත් උනු ගේ ඇතුලේ මට කියලා හයියකට හිටියේ මෙකී විතරයි.. අද මන් මෙතනට ආවේ මෙකි නිසා..මෙකි නිසා විතරමයි...

එකි මන් ලගට ඇවිත් මා එක්ක හිනා උනා.. අහින්සකයි ලස්සනයි !! අද එකිගේ කසාදේ.. එකි අද ජිවිතේ අඩියක් ඉස්සරහට තියනව... අලුතින් පිටුවක් ලියනවා.. සතුටුයි මගේම නොවුනත් මගේ නංගී  උනු එකි ගැන මට පට්ට සතුටුයි... 

එකිවත් එකිගේ ජිව්ව්තේ විනාස කරගන්නෙ නැතුව ඉන්නව නම් එච්චරයි!!

හැබැයි එකි බදින්නේ කාවද? ඒකා උසද කොටද? කළුද සුදුද... දුප්පත්ද පෝසත්ද මේ කිසි මගුලක් මන් දන්නෑ.. කොටින්ම ඌව මන් දැකලාවත් නෑ... ඕවා හොයන්න ඔන්නෑ ඔන්නෑ කියන්නේ අහවල් මගුලකට මට ඔවා?

ඌ එක්ක ජිවත් වෙන්නේ එකිනම් එකිට ඌව හොද නම් මන් ඔවා හොයන්නේ කොතන කහනවටද.. ශලනිගේ සතුටු දවසක් උනත් අනේ මන්දා එකිගේ ඇස් අමුතුයි..නිකන් සතුටක් නෑ වගේ..

ඒත් අවුරුද්දක් තුනක් ආදරේ කරලා නම් දුක් වෙන්නේ අහවල් මගුලකටද... දැන් උබලට හරී ප්‍රශ්නයක් නේ මට අවුරුදු 18යි නම් ශලනිට වයස කීයද? එතකොට බදින්නේ? අවුරුදු තුනක් ආදරේ කරලා?බහුබුත වගේද..

මටත් බහුබුත වගේ.. ශලනි මට වඩා මාස ගානයි බාල.. එකියන්නේ කිටත් 18යි..  මන් දන්නෑ එකිව ඇයි මෙ වයසින් කසාදයක් කරලා දෙන්නෙ කියන්න.. මොකද මට අදාල නෑ නේ?

මෙච්චර වෙලා මන් ලගට ඇවිත් මගේ අත අල්ලගෙන මන් දිහා බලන් හිටපු ශලනි යන්න ගියා.. මගෙන් උත්තරයක් නැති තැන එකි යන්න ගියා..

ඇත්ත ඉතින් එකි මෙතන ඉදන් පොල් ගාන්නද නැනේ..  ආපු වෙලාවේ ඉදන් එකම තැන හිටගෙන නිසා මන් පැත්තක  තිබුන ටේබල් එකක් ලගට ගිහින් ඉද ගත්තා...

වෙඩින් එකක වෙන්න ඔනේ මොනාද හැම එකම උනා.. කාමරේ ලගට ඇවිත් ගමකට ඇහෙන්න කෑ ගහලා ගියත් පාටි එකට ආවත් හරි ධනංජය මහත්තයා මා දිහා බැලුවෙවත් නෑ...

ධනංජය දන්තනාරායන!! මගේ තාත්තා ඔව් ඉතින් එයාට පෙන්නන්න ඔනි උනේ මන්  මෙකට ඇවීත් ඉන්නේ .. ගෑනි මැරුනත් ඌ මගේ හොර ගෑනී එක්ක ආදරෙන් ඉන්නේ කියලා පෙන්න ගන්න සෝ එක උනා. 

ටික වෙලාවක් ඉදලා මන් කාමරේට ආවා... ඔය මගුලේ කසාදේ ඉවර වෙනකන් මන් ඉන්න ඔනීද නෑනේ. මොකද මගේ මගුල නෙවේනේ...

කාමරේට ආපු මන් එහෙම වැටුනේ ඇදට.. අනේ අම්මේ මන්සියි... හෙට ඉස්කෝලේ යන්න ඔනේ. ඇග නිකන් තලලා වගේ.. යසයි තොට ගොන් ප*යට මන් කිව්වා බොන්න එපා හෙට ඉස්කොලෙ කියලා..

ඇහුවද නැනේ පෙරේත කම බොගේ අනේ ඇත්තමයි ගෞරාද් තෝව හදන්න නම් මලාට මෙ ලංකාවේ එකෙක් නෑ... ගොබ්බයා තෝ ආආආආශ්හ්!!

කාමරේට ආවත් හරි තියෙන ඇගේ අමාරුට මන් මටම බැන ගත්තා ...ඇත්ත වැඩිය බොන්න බෑ මට..ඒත් බිව්වම විතරයි මට සැනසීමේ කිසිම දෙයක් මතක් නොවී නිදා ගන්න පුලුවන් වෙන්නේ...

ඒ නිසා මන් බිව්වාඅ. මොකද අදවත් හොද නින්දක් දැම්මේ නැති උනොත් මාව මැරෙන්නේ නහරයක් ගහලා.... මේ තියෙන ඔලුවේ කැක්කුමට... ඔයා හිටිය නම් අම්මේ...

මගේ මහත්තයගේ ඔලුව රිදෙනවද අහලා මගේ ඔළුව අත ගායි නේද අම්මේඑ.... අනේ ඇයි මගේ රත්තරනේ උන් එහෙම කෙරුවේ.. ඇයි අම්මේ ඇයි.. මට පාළුයි මගේ අම්මේ. මේ අවජාතක කාලකන්නියට හිටිය එකම සැනසීම උනු ඔයා නැතුව පාලුයි අම්මේ...

ඇදට වැටිලා තියෙන අමාරු නිසා මටම බැනගත්ත මට මගේ අම්මව මතක් උනා... එයා හිටිය නම් මගේ ඔලුව අතුගානවා අනිවාර්‍යෙන්ම... තියෙන ඔලුවේ කැක්කුම වැඩි කරද්දී ඇස් වලින් ගලපු කදුලු ගැලුවේ හිතේ දුකටද නැත්තම් ඔළුවේ කැක්කුමටද කියලා මටවත් හිතාගන්න බැරි උනා

_________________
___________

🙂👉👈

You'll Also Like

135K 10.5K 49
{ 𝐏𝐚𝐩𝐚'𝐬 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥𝐬 } ~Slow Updates~ ~Typically It's Not Abuse, Please No Curses To Any Character In The Story~ • Strict Dad • Sweet M...
90K 2.3K 27
When Esmerelda Harlow steps into the musty halls of Winston High as the new hi온라인카지노게임 teacher. With a reputation for being sharp, unyielding, and almos...
69K 7.2K 35
සේද්‍ය සෙංකොට්ටං ගෙඩියක සුවද වරා මලකින් හැමුවොත්.......ඒ සුවද මං මේ ලෝකෙ ආසම සුවද වේවි........" ...
36.3K 2.2K 33
The broken girl.....a borrowed life....and a second chance to be loved. "She forgot who she was.and become one she ever wished for. Abandoned by her...