පෙම්බැන්ඳයි..!
By Emma_lulu
ඔයත් හරියට සුදු නෙළුමක් වගේ තමයි..🤍 More
'' සොකරී එන්නී සභයෙන් අවසර ගන්නී..
නැටුන් නටන්නී තාලෙට පාද තියන්නී...
පද අල්ලන්නී- ආර්හ් ඒ මෝඩයා මගේ දිහා බලාගෙන ඒක කිය කිය නටපු හැටි.. හහ් ''
'' චූටි මැණිකේ .. මොනාද දරුවො වතුසුදු ගහත් එක්ක කුටු කුටු ගාන්නෙ.. මල් ටික නෙලාගෙන ඉවරනම් එන්න ගෙට කිරි එක බොන්න ''
ඊයෙ රෑ තිබ්බ සොකරි නාට්‍ය මතක් කර කර මං වතුසුදු ගහේ එක පැත්තකම මල් හිස් කරලා.. අම්මා ඉස්තෝප්පුවේ ඉදන් කතා කරාම මං මල් වට්ටියත් අරන් ගේ දිහාවට දුවලා ගියා.
බුදු පහන ලඟ පහනට තෙල් දදා හිටපු අත්තම්මා ලගින් මල් වට්ටිය තිබ්බම අත්තම්මා මගෙ ඔලුව ඉම්බා.. ඊටපස්සෙ මං අම්මගෙ අතින් කිරි වීදුරුව අරන් සාලෙ තාත්තා වාඩිවෙලා හිටිය පුටුව ලග බිමින් වාඩි උනා..
'' චූටි මැණිකෙට මහන්සිද ? ඊයෙ රෑ ආවෙ දොලහටත් කිට්ටු වෙලානෙ.. තව ටිකක් නිදාගන්න තිබ්බනෙ ''
අප්පච්චි දන්නෑනෙ සොකරි කෝලමක් මගේ හීන අස්සට ඇවිත් ඇහැ පියාගන්න දෙන්නැ කියලා.. මං අප්පච්චිගෙ කකුලකට හේත්තු උනා..
'' දැන් කවද්ද චූටි මැණිකෙ උසස් පෙළට පන්ති යන්න පටන් ගන්නෙ.. ''
අප්පච්චි එහෙම ඇහුවම මං බැලුවෙ අම්මා දිහා.. කොහොමහරි ඇවිටිලි කරලා ආට් කරන්න කැමති කරවගත්තෙත්..
නැටුම් කරන්න දේවිද? අම්මා මූනෙන් කිව්වෙ අහන්න කියලා.. මං වීදුරුවත් අත් දෙකට තද කරගත්තා..
'' අප්පච්චී... ''
'' ම්ම්ම්... ''
'' මං.. මං නැටුම් තෝරගන්නද ? ''
මට දැනුනා අප්පච්චී වැල් පුටුවෙ කෙලින් වෙනවා වගේ... හා කියයිද?
'' නැටුම් ? නැටුම් කරලා කාටද බන් හරි ගියේ.. අර පේන්නැ සේතංගෙ කොලුවා.. ඌ නේද අර සොකරි නැටුවෙ. ''
වෙස් මූණ දාගෙන සොකරි නැටුවට මොකද... මට පෙනුනෙම ඒ ඇඳුමට වැහිලා ඉන්න කඩවසම් තරුණයාව විතරයි..
'' ඒකා නට නට බෙර ගහ ගහ ඉන්නව මිසක් ඌට වැඩකුත් නැ රටට වැඩකුත් නෑනෙ. මොකක්හරි වැදගත් විශයක් තෝරගන්න චූටි මැණිකෙ.. ආයෙනම් අහන්න තියාගන්නෙපා ඔන්න ''
මං අම්මගෙ දිහා බැලුවම අම්මා ඔලුව දෙපැත්තට වැනුවා.. හ්ම්ම්.. එහෙනම් ඒලෙවෙල් වලටත් නැටුම් විශය තෝරගන්න තිබ්බ ආසාව ඉවරයි. නැටුම් හීනෙ ඕලෙවල් වලින් අවසන් වගේ.
~
~
~
ශිහ්.. මගෙත් ඇස් තිබ්බෙ එයා දිහාවටමයිනෙ.. මං ගැන වැරදියට හිතුවද මන්දා..
'' අනේ මෙන්න මෙහේ බැහැපන් යකෝ.. අපිට කන්න අඹ නැති වෙනවා ඔයිපාර ''
'' ජයේ... ඕකක් කඩලා අපිටත් දාන්නකෝ ''
අද රෑටත් එයිනෙ.. මට ඒත් ගිහින් මූණ බලන්නත් මොකද්ද වගේ.. නැ.. ඒත් නෑනෙ.. මං මොකටද නිකන් බොරුවට දුරදිග හිතන්නෙ. එයා කොහොමත් වෙනදත් මං බැලුවම අහක බලාගන්නවනෙ..
මං තව අඹ කෑල්ලක් හූරලා කෑවා..
'' ඉදපන් තොට අද ''
දුක හිතුනම කරන්න ඕන මොනාද දන්නැ.. එක්කො මේ අඹේ කාලම ඒකත් හිතනවා..
'' අහ්.. ආව්වා... මොකද යකො අඹ ගැට වලින් ගහන්නෙ.. ''
'' තොට මාන්දමද.. තනියම මුමුණ මුමුණ.. මෙන්න මෙහේ බැහැපන්.. රෙද්ද !! මරු එකාව ගහට නැග්ගුවෙ.. තව බලන් හිටියනම් මූ ඇටෙත් ගිලිනවා. ''
මං පහළ බැලුවා...
'' හු## වැටෙයි !! ''
අම්මටසිරි අඹ ගහ උඩනෙ තාම.. පිනායි බිනුවරීයි එක්ක අඹ කඩන්න ආවනෙ.. උන් දෙන්නම මගෙ දිහා බය වෙලා වගෙ බලන් ඉන්නවා.. ඒම වැටෙනවද මේ ජයේ.. පිස්සු කෝලම් දෙකක්..
'' කෙල්ලෙකුත් තියාගෙන කුනුහරප පලන අපූරුව.. යසයි ඉස්කෝලෙ සෑර්ගෙ පුත්‍ර රත්නය.. ''
'' මීට වඩා වචන මගෙ කටින් පිටවෙන්න කලින් බැහැපිය බිමට.. ''
මං බොරුවට රවාගත්තා..
'' උබලට අඹ එපාද ? ''
'' අඹ කඩනවා වෙනුවට ඔය දරුවා දවල් තරු බලනවනෙ පුතේ... මං ගෙදර යන්නත් ඕන.. උදේ ඉදලා පන්සලේනෙ හිටියෙ.. ''
'' ඉදහන් ඉදහන් ඉතින් මෙ නැග්ග එකේ මේ ටික කඩාගෙනම බහින්නම්.. අපිත් දැන් ගෙදර තමයි යන්නෙ බිනූ.. මොකො මේවා කඩලා පන්සලේ ඉදලා කන්නද. ලොකු හාමුදුරුවෝ ගහේම එල්ලයි මාව ''
මගෙ ගෙවල් තිබ්බෙ පන්සල කිට්ටුවම වගෙ.. හැබැයි ඉතින් ගෙදර ඉන්නවට වඩා මං කරන්නෙ පන්සලේ ඉන්න එක තමයි. මේ දවස්වල වෙසක් කලාපෙ නිසාම කොහොමත් නැටුම් වැඩ බොහොමයි.. ආහ්.. යක්බෙරේ අව්වෙන් තියන්නත් ඕන බෙර ඇහැ ඇදෙන්න..
මං දඩි බිඩි ගාලා අත දික් කර කර ලග තිබ්බ ඉදුනු අඹ ටික මගේ කමිසෙ ගොට්ටට කඩලා දාගත්තා. ඊටපස්සෙ හිමීට ගහේ පහල අත්තට අඩිය තියලා බිමට පැන්නා.
ගහෙන් බිමට පරිස්සමට පැන්නට මොකද පිනා මගේ ඇගට කඩන් පැනලා අඹ ටික අවුස්සන්න ගත්තම මම ඌත් එක්කම බිම ඇදගෙන වැටුනා..
'' ඉදපන් යකෝ දෙනකන් ඉතින්.. තොපිට දෙන්න තමයි බැස්සෙ.. නැත්තං උඩ ඉදන් කනවනෙ.. ඇදුමත් ගලෝපන්කො පුලුවන්නම් උබ.. ''
මූනම් සතෙක්. මං නෙවෙයි මූව නග්ගන්න තිබ්බෙ ගහට..
'' ගස් රිලවා.. යමන් දැන් ''
මං අරූට බැන බැනම බිනුවරීට අඹේ පොත්ත අතින් රැහැලා දුන්නා.. පිහි වලින් කපලා කනවට වඩා අඹේ පිටින් මෙහෙම කද්දි.. අම්මාහ්හ්.. මටනම් එහෙම පට්ට රහයි.
'' මනුස්සයෙක් වගේ කන්නකො පිනිඳු ''
'' බිනුවරී දන්නැද්ද මූ රිලවෙක් කියලා. ''
පිනිඳු අඹ ගෙඩිය රිලවෙක් වගේම කාපු නිසා උගේ කට වටේ කහම කහ පාටට අඹ හැම තැනම ගෑවිලා.. මටයි බිනුවරීටයි ඌ දැක්කම බකස් ගාලා හිනා ගියා.. ඌත් හිනා උනා. හැබැයි ඒ හිනා උනේ නම් හොඳකට නෙවෙයි..
'' ඒයි ඒයි... එපා හොඳේ.. අහකට පලයන්.. එන්නෙපා ලගට ''
මං බිම තිබ්බ පොල්ලකුත් උගේ දිහාට දික් කරාට වැඩක් උන්නැහ්. පිනා පැන්න ගමන් මගේ මූන දෙපැත්තෙන් අල්ලගෙන කම්මුලක් හපා කෑවා.. හැපෝව්ව්...
'' ඊයා... පෙරේතයා.. ඔය වගේ පෙරේත වැඩමයි කරොත් කරන්නෙ.. ''
'' මගේ ගං කබරයනෙ.. කෙල චුට්ටක් ගෑවුනාට මක් වෙනවද ''
'' ඔය දෙන්නගෙ පිස්සු වැඩ ඉවරනම් අපි යමුද පිනිඳු.. තාත්තා බලන් ඇති.. අර ඇමති තුමාගෙන් හම්බුන පොත් බෑග් ටික ප්‍රින්සිපල් සර්ට දෙන්න බෙදලා දෙන්න කියලා ''
'' හයියෝ දැන් මමද ඕවා උස්සගෙන එන්න ඕන ''
'' ජයෙත් එනවද අපේ ගෙවල් පැත්තෙ.. අද ඔයාගෙ මැණිකෙත් එනවා කිව්වා ''
'' අ... අහ් !!? තාම මගේ නෙවෙයිනෙ බිනුවරී ''
මං කමිසෙ කරෙන් කම්මුලත් පිහිදගෙන අඹ ගහට හේත්තු කරල තිබ්බ බයිසිකලේ කෙලින් කරගත්තා.
'' තාම නෙ. ඉස්සරහට මොනා වෙයිද කව්ද දන්නෙ.. ''
පිනා මගෙ කරට අත දාගෙන කියනකොට මං ලාවට හිනා උනා.. මට යන්න ඕන උනත් යන්න වෙන්නැ. අප්පච්චී බඩගින්නෙ කුඹුරට යන්න ඇත්තෙ. දැන් ගිහින් උයන්නත් ඕන. බෙරේ අව්වෙන් තියන්නත් ඕන.. ඒත් මට අරයව බලන්නත් ඕන. අනිවාරෙන් මාත් එක්ක තරහ වෙලා ඇත්තෙත්..
'' යමුද? ''
'' මට එන්න වෙන්නැ බිනුවරී.. අප්පච්චිට උයන්න ඕන. ඔයාලා යන්න. හවසට හම්බෙනවනෙ ''
'' එහෙනම් අපි දෙන්නම හවස යමන්.. ''
'' දැන් ඒ පාර එක්කෙනෙක්වත් එන්නැද්ද.. මං තනියමද යන්න ඕන. ''
'' නැ නැ සුද්දියො.. ගඟ ගාවට එන්නම්.. යං ''
අපි තුන්දෙනා පන්සල් බිමෙන් එළියට ආවෙ කඩපු අඹ වලින් අඹ ගෙඩි දෙකක් හොරාට පොඩි හාමුදුරු නමකගෙ අතට දීලා. බිනුවරීට තනි නිසා අපි එයාව ගඟ ගාවට යනකන් එක්කන් ගිහින් පිනාව උගෙ ගෙදරට දාන්න ගියා.. ඒ යනකොට ප්‍රින්සිපල් සර් ඉන්නවා ඉස්සරහට වෙලා.
'' මං ඒත් බැලුවා මොකද පරක්කු කියලා.. ග්‍රාමසේවක මහත්තයගෙ ගෙදරට ගියේ නැද්ද ළමයො.. ''
'' හෙට නේද බෑග් ටික බෙදන්නෙ.. හවස මමයි ජයේයි දෙන්නම ගිහින් ගේන්නම්. මං ගිහින් ඕක තනියෙන් උස්සන් එන්නයැ.. කෝ අම්මා.. අම්මේ~හ් !! ''
පිනිදු එහෙම කියාගෙන ගෙට ගොඩ උනාම ප්‍රින්සිපල් සර් උගේ පිටට තඩිබෑවා.. මං බයිසිකලේ හරවගත්තා.
'' ජයදෙව්.. පොඩ්ඩක් ඉදින් කොල්ලො ''
'' කියන්න ප්‍රින්සිපල් සර්.. ''
'' උදේ කොස් ගෙඩියක් කැඩුවා.. නෝනා සුද්ද කරනව මයෙ හිතේ.. කොස් බාගයක් අරන් පලයන් ''
'' අනේ ඕන්නැ සර්.. මං යන්නම්. පිනිඳුට කියන්න මං හවස එන්නම් කියලා.. ''
'' මෙන්න මෙහේ ගෙට වරෙන් කොල්ලො.. හදිස්සියෙ දුවන්න හදන්නෙ රට අල්ලන්නද ''
සර් සරමත් කැහැපොට ගහගෙන ගේ ඇතුළට ගියාම මමත් ඔලුව කසලා බයිසිකලේ ගහකට හේත්තු කරලා ගෙට ගොඩ උනා.. අරූ අඹයක් කපනවා අම්මා අස්සට වෙලා..
'' කෝ ඔන්න එහාට වෙයන් බන්. කොහොල්ල ගෑවෙයි.. ''
'' කොහොල්ල චුට්ටක් ගෑවුනා කියලා මැරෙනවැයි. ජයේ !! කෝ ආ ගාපන් ''
'' මට ඇති බන් කෑවනෙ මං.. ''
'' ඇයි තව කෑල්ලක් කෑවොත් මැරෙනවද? මෙන්න මේක කාපන් ''
පිනා බලෙන්ම මගේ කටට අඹ කෑල්ල එබුවා.
පිනාලගෙ අම්මා හරි හොඳයි.. සමහර දවස් වලට උයලා තියෙන ව්‍යංජන වලින් මොනාහරි බෙදලා දෙනවා.. ඒත් මං ගන්න ආසත් නැ. ආයෙ ඒ පිඟන් හිස්ව දෙන්න බෑනෙ.. ඒවට පුරවලා දෙන්න මුකුත් ඇත්තෙත් නැ..
'' පුතා උදේට කාලම යන්න.. තාම කාලා නැනෙ? ''
'' අනෙ එපා නැන්දෙ.. මං ගිහින් උයන්නම්. අප්පච්චිත් කන්නෙ නැතුව කුඹුරට යන්න ඇත්තෙ. ''
'' ආ... බත් එකක් බැඳලා දෙන්නම් අප්පච්චිට. පුතා කාලා යන්න.. ''
'' අනෙ එපා නැන්දෙ. කරදර වෙන්න ඕන නැ.. ''
'' නිකන් ඉදින් ලමයෝ කෑ ගහන්නැතුව.. කෝ... ඔය මහත්තයත් ඔය අඹ කපපුවා සුද්ද කරලා අත් දෙක සබන් දාලා හෝදන් ඇවිල්ලා බත් බෙදන්න යාලුවටත් එක්ක. මගෙ අතේ කොහොල්ල.. ''
කුස්සිය මුල්ලෙ හිටපු පොල්සම්බෝලයව හුරතල් කර කර හිටපු පිනා ඌව උඩට උස්සලා බිමට අතෑරියා.. මූනම් තිරිසනෙක්ම තමයි. ඊටපස්සෙ වන වන ගිහින් අත් සෝදන් ආයෙ පිඟන් දෙකක් උස්සන් ආවා..
'' ආ ගනින්.. උබට මේ බත් බෙදලා පුදන්න මං වැඩකාරයා කියලා හිතුවද? ඇති තරම් බෙදාගෙන කාපන් ! ''
'' කෝ දියන්.. කොහොමත් මං බෙදාගන්න එක ඇඟට ගුණයි.. නැත්තං උබ කෙත වගේ බෙදයි මට ''
ලොකු දෙයක් මට පිඟාන දුන්න එක. අප්පච්චී බඩගින්නෙ තියලා මට කන්නත් මොකද්ද වගේ.. මං බත් හැන්දෙනුත් බාගයක් වගෙ වෙන්න බත් පොඩ්ඩක් බෙදාගෙන ව්‍යංජන ලගට ගියාම මගේ පිගානට තව විසාල බත් හැන්දක් වැටුනා.
'' සොරි බන්.. අත ලිස්සලා ගියා.. කාපන් ඈ.. ''
අනෙ මූත් එක්කනම් බැ කරන්න..
'' මෙච්චර කන්න බෑ යකෝ.. ''
'' මැරෙන්නැ.. කාපන්. කෝ අල්ලපන් පරිප්පු බෙදන්න.. ''
'' පුතා... ගොටුකොළ සම්බෝලෙ අර පිගානකින් වහලා.. ඒකත් දාගන්න.. ''
බත් බෙදාගෙන දෙන්නා එක්ක ඉස්තෝප්පුවේ ඉදගෙන කනකොට ප්‍රින්සිපල් සර් කපපු කොස් බාගයක් ගෙනල්ලා පත්තර කොලේකින් ඔතලා මගෙ බයිසිකලේ ලගින් තිබ්බා.. පිනාලට පිං සිද්ද වෙන්න උදේට බඩපිරෙන්න හොඳට කාලා මං ගෙදර ආවෙ අතින් කටින් බඩු එල්ලගෙන.. මං එහෙම්ම පරිප්පුවකුයි කොස් මැල්ලුමකුයි හදලා කුඹුර පැත්තට ගියේ පිනිදුලයි අම්මා ඔතලා දුන්න කෑම එකත් අරන්..
'' අප්පච්චී.... ''
'' ආ... ආවද? බඩගිනී බන්.. මං මෙ තව ටිකකින් ගෙදර ගිහින් මොනාහරි හදාගන්න බැලුවෙ.. ''
'' පිනාලයි ගෙදරින් බලෙන්ම කෑම එකක් ඔතලා දුන්නා.. තව කොස් බාගෙකුත් දුන්නා. ''
මං තාත්තට අත සෝදගන්න කලෙන් වතුර වක්කරනකොට අප්පච්චි ඒකෙන් අත සෝදගෙන බත් එක අතට ගත්තා..
'' ඒ උදවියට පිං සිද්ද වෙච්චාවෙ.. ''
එහෙම කියලා අප්පච්චි බත් එක්ක කන්න ගන්නකොට මමත් නුග ගහ යටින් වාඩි උනා. වෙසක් කලාපෙ අවසාන දවස වෙනකන් මටත් වැඩ සෑහෙන්න.. හැබැයි හිත සතුටින්.. මං ඇස් දෙක පියාගෙන හුස්මක් අරන් පහතට දැම්මෙ මූනෙ ලා හිනාවකුත් තියාගෙන..
'' මොකද උබ තනියෙන් හිනාවෙන්නෙ.. ''
'' නැ මුකුත් නැ.. අප්පච්චි කාලා ඉවරද ? ''
'' අපිට දවල් හීන හැබෑ වෙන්නැ කොල්ලො.. ''
'' ආ...!? ''
'' මං ඊයෙ රැයේ බලාගෙන.. ''
''.....''
'' සයාලි මැණිකෙ කියන්නෙ උබට දවල් හීනයක්.. දවල් තරුවක් වගේ.. ළඟා වෙන්න තියා දකින්න අවසරයක්වත් නැ.. උබ ඒ හීනෙට ලං වෙන්න හැදුවොත්.. උබ ඉරට පිච්චිලා විනාස වෙලා යාවි.. ''
'' අ.. අප්පච්චී මොනා කියනවද කියලා මටනම් තේරෙන්නැ.. ''
'' උබ ඒකිත් එක්ක පෑහෙන්න එහෙම යනවා නෙවෙයි.. ඔන්න මං නොකිව්වයි කියන්නෙපා.. ''
අප්පච්චි එහෙම කියලා අතත් හෝදගෙන උදැල්ල අරන් බිමට ගහලා ආයෙම කුඹුරට බැස්සා.. මගේ හිතත් මහපොළොව දරාගත්ත උදලු පාර වගේ පොඩ්ඩක් තැලිලා ගියා.
~
~
~
'' හඳ වැටිලා..
වතුරේ
බොඳ වෙනවා...
මිතුරේ
මා වවුලෝ...
අහසේ
ඉගිලෙනවා...
රහසේ ''
දහම් පාසලේ ප්‍රාථමික අංශෙ පොඩි බබාලා ටික අද ග්‍රාම සේවක මහත්තයගෙ ගෙදරට ඇවිල්ලා තිබ්බා.. අද රෑට පොඩි අයගෙන් තියෙන සිංදුව.. රියසල් ගන්න පන්සලේ ඉඩකඩ මදි නිසා අපි ඒක බිනරිලයි ගෙදරට දාගත්තෙ හැමෝගෙම වැඩි කැමැත්ත මත..
'' හරි නේද පැංචනේ... ඔයාලා ගෙදර යන්නත් ඕනනෙ දැන්. හවස් වෙලත් එක්ක.. ''
මගේ අතේ සුලැගිල්ල අල්ලන් හිටපු පොඩි බට්ටගෙ ඔලුව අතගාන ගමන් අනිත් පොඩි අය දිහා බලන ගමන් මං කිව්වා. ඇවිල්ලා හිටපු දෙමව්පියෝ ග්‍රාමසේවක මහත්තයා එක්කත් කතා කරලා පොඩි අයව එක්කන් ගියාම මං ඉස්තෝප්පුව දිහාට හැරුනා. බිනරියි බිනුවරී අක්කයි හිටියෙ පහන්තිර අබරන ගමන්. අද පන්සල් පාරෙ දිගටම පහන් පත්තු කරන්න යන්නෙ..
'' තව ගොඩක් තියෙනවද අක්කෙ ''
මමත් ඉස්තෝප්පු පඩියෙන් වාඩි වෙලා තීරු තීරු කපල තිබ්බ රෙදි කෑල්ලක් අරන් අබරන්න ගත්තා.
'' මේ ටික ඇතිවෙයි සමහරවිට.. අරලිය මල් ටිකක් කඩාගන්න ඕන.. මේ ටික ඉවරවෙලා යමුද ගඟ පැත්තට.. ''
'' හා.. මං දැන් යන්නත් ඕන අක්කෙ. උදේ ආපු ගමන්නෙ. ''
'' සයාලිව ගෙදරට ඇරලවයි අපේ අප්පච්චී.. ''
'' වටයක්නෙ බිනරි.. දැන් ගඟට යන එකේ මං ගඟෙන් එගොඩ වෙලා යන්නම්. මේ වැඩ අස්සෙ මාමට කරදර කරන්නෙ මොකටද නිකන්.. ''
පහන්තිර ටිකත් අබරලා ඉවර උනාම මම නැන්දටයි මාමටයි වැදලා බිනරියි බිනුවරී අක්කයි එක්ක ගඟ පැත්තට ආවා. ගඟේ එක තැනක් තියෙනවා මේ පැත්තෙ ඉදලා එහා පැත්තට යනකන්ම ගල්පර තියෙනවා.. කිසි කරදරයක් නැතුව ඒ ගල් වලින් පැනලම ගඟෙන් එගොඩ මෙගොඩ වෙන්න පුලුවන්.. ගඟ දිහාටම නැවිලා තියෙන අරලිය අත්තෙ අරලිය පොකුරක්ම තිබ්බා. මං උඩ පැනලා එ අත්ත අල්ලගත්තෙ බිනුවරී අක්කට මල් කඩාගන්න ලේසි වෙන්න..
'' බටු ඇටේ! ඇඟිලි තුඩු වලින් ඉස්සිලා අමාරුවෙන් අල්ලගන්න ඕන්නැ අතාරින්න. මං අත්ත ලඟට උසයි. ''
ඇයි අප්පා පොඩ්ඩක් කොට උනාම මෙහෙම අපහාස කරන්නෙ.. මං අරලිය මලකුත් කඩාගෙන ඒක කනේ ගහන් බිනුවරී අක්කට බොරුවට රවලා අහක බලාගත්තා. කඩාගන්නැතැයි එහෙනම් තනියෙන්.. මං ගැස්සිලා ගියේ බිනරි එහා ගල උඩ වාඩිවෙලා මට වතුර ගැහුව නිසා..
'' ඒයි... ''
මමත් හිනාවේගෙනම ඒ ගලට පැන්නා..
'' දෙන්නා එක්ක දැන් ගල් උඩ දඟලන්න එහෙම ලෑස්ති වෙන්නෙපා.. දෙන්නත් එක්කම ගඟේ ගහන් ගියොත් ඔන්න මමනම් නැ.. ''
බිනුවරී අක්කා කියද්දි අපි දෙන්නටනම් ඒව කිසි දෙයක් ඇහුනෙ නැති ගානයි. මමත් පාත් වෙලා බිනරිට වතුර ගැහුවා..
'' මේහ්.. අන්තිම දවසෙ සෝබනී නේද? ''
'' බෑ කියද්දිනෙ බලෙන් දැම්මෙ.. ''
මං නැගිටලා හොඳ හුස්මක් අරන් එක අතක් උඩට කරලා අනිත් අතින් ගව්මත් එක්කම දණහිස ලගට අත තියාගත්තා.. බිනරිත් හරි බරි ගැහිලා වාඩිවෙලා අත් දෙක තාලම්පට ගහන්න වගේ තියාගත්තා..
''ඕකනේ බැරී.. සුන්දර ලඳකට
මේ වගේ කරදර උහුලන්නට.
තේරුනේ නැතුවට නුඹෙ කරුමෙට
ප්‍රේමයේ වැළපෙනු ඇයි සදහට..
හහ්.. තුන්වෙනි අඩිය~
සෝබනී නුඹ..
දන්නැතී මේ..
ආදරේ නිම් හිම්~ නැතී..''
'' තුන්වෙනි අඩිය අනිත් එක්කෙනත් එක්ක දෙන්නා දෙපැත්තට..''
'' ඇක්ට් එකක් වගේනෙ. ඩාන්ස් එකත් එක්කම. ''
'' හ්ම්ම්.. අර මල්ලි කෙනෙක්ව දානවා කිව්වා. ''
'' මටනම් හිතෙන්නැ මල්ලි කෙනෙක් දාවි කියලා.. ''
'' එහෙනම්? ''
බිනරි කියන ඒවත් අහගෙන මං හිටියෙ කස්තිරමෙ අන්තිම හරිය හිතෙන් කිය කිය නටන ගමන්.. තා කුජිත්ත ගත තරිකිට ජිත් තරිකිට කුන්දත් තඃ.
'' ජයදෙ- ''
'' ජයේ...!! ''
බිනරි නමක් කියන්න හදනවත් එක්කම බිනුවරී අක්කා ගඟ එපිටහ දිහා බලාගෙන කතා කරා.. දෙයියනේ!! නටනවත් දකින්නැති අනිවාරෙන්! යක් බෙරයත් උස්සන් ගලින් ගලට පැනගෙන ඇවිත් අපි හිටිය ගලේම නතර උන එයා දිහා බලන් මං හිතුවා..
~
~
~
'' අර ඇස් කොනෙන් බලන විදියට.. ආහ් බන්. එයා මාර හැඩයිනෙ.. ''
'' ම්ම්ම්ම්... ඇත්ත තමයී~ ''
ඇහ්.. මං හැඩයි කිව්වට මූ මොකද ඇත්ත තමයි ගාන්නෙ.. මං එහෙම ඇහුවට මූට අයිතියක් නැ එයාගෙ හැඩ බලන්න.. මං උගේ බෙල්ලෙන් අල්ලගන්න හිතාගෙන උගෙ දිහා බලද්දි.. මූ බලන් ඉන්නෙ බිනරි නංගි අත්පුඩි ගහන දිහා.. ම්ම්ම්? මොකක්හරි සිද්ද වෙනවා වගේ..
අපි හිටියෙ බිනුවරීලයි ගෙදරට කිට්ටු කරලා ගඟ ලඟ. බෑග් වගයක් ගන්නෝන කියලා ඇදගෙන ආවනෙ මාවත්. එනකොට අහම්බෙන් ගඟ දිහා බැලුවමයි දැක්කෙ.. චූටි මැණිකෙ බෙරයක් නැතුව බෙර පදවලට අපූරුවට අඩි තියන හැටි.. හිත නතර උන නිසා අතපයත් ඉබේම නතර වෙලා අපිත් ගඟ ලග හිටියා.
මං බෙර ලනුවත් ඇදලා උස්සගන්න ගමන් පිනාගෙ පස්සට පාරක් ගැහුවා..
'' ඇයිහ්.. ''
'' මං හැඩයි කිව්වෙ බිනරි ගැන නම් නෙවෙයි.. ''
'' අ- ඉතින්.. හපොයි ඔව් උබේ මහලොකු මැනිකෙ හැඩයිනම් මට මොකද.. ''
''.....''
'' හැබැයි බන්. අරයගෙත් පොඩි ගතියක් තියේ නෙහ්.. ''
'' කාගෙද? ''
'' බිනුවරීගෙ නංගිගෙ! ''
'' බිනුවරීට කියන්නද? ''
'' පිස්සුද? නැ නැ එහෙම එකක් නෙවෙයි.. ලස්සන දේට ලස්සනයි කියන එක, මගේ සිරිත! එච්චරයි.. ''
'' කට බොරු කිව්වට ඇස් බොරු කියන්නැ පිනිඳු. ''
'' බයිසිකලේ දීපන්. මං ගිහින් බෑග් ටික අරන් එන්නම්. උබ ඉදපන් මෙතනින්.. ''
'' ඒ... මාත් එන්නම්... ''
කියනකොටත් ගිහින් ඉවරයි.. මං ආයෙ ගඟ දිහා බැලුවා.. අඩි තියන්නෙ වැරදියටද? නැ නැ එහෙම නෙවෙයි.. කකුල තව පොඩ්ඩක් පස්සට වෙන්න ඕන. අත.. තව උඩින් ගත්තනම්.. ඔලුවත් තව බර කරලා ගන්න ඕන.. හහ්! ආ~ ඕම නෙවෙයි... මං බෙරෙත් උස්සගෙන ගලින් ගලට පැනලා අන්තිමේදි නතර උනේ එයා හිටපු ගලින්. අරලිය මලකුත් කනේ ගහගෙන එයා හරි හුරතල්..
'' අලංකාරයක්නෙ නටන්නෙ.. අත එහෙම මූණ ලගින් ගෙනල්ලා හොඳට උඩට උස්සන්න.. ඔලුව ඒත් එක්කම පිටිපස්සට බර කරන්න මෙන්න මෙහෙම.. ''
මං බෙරේ බැඳගත්තා.. කස්තිරම ගහන ගමන් එයාගෙ පිටිපස්සෙන් ගිහින් හිටගත්තා.. එයත් එක්කම මමත් බෙර පදේට අඩි තිබ්බා.
'' කකුල පස්සට.. අත මූණ ලගින් උඩින්.. ඔලුව පිටිපස්සට බර කරලා. හහ්ඃ
සෝබනී නුඹ..
දන්නැතී මේ
ආදරේ නිම් හිම්~ නැතී.. ''
එයාගෙ ඇස්.. ඒවා.. ඒව මගෙ දිහා බැලුවා. මෙච්චර කාලෙකට මෙච්චර ලඟින්!
එයා මලක්..
නිකම් මලක් නෙවෙයි..
සුදු නෙළුමක් වගේ.. පිවිතුරුයි.
ඒ ඇස්වලින් උතුරන්නෙම අහිංසකකම.
'' ආල වී ඇයි..
මේ හැටී~ දකිනා හැමෝටම..
හිමි නැතී~ ''
බිනරි නංගි එක පාරට සිංදුවේ ඉතුරු පද කියන්න ගත්තම මං සයාලි ලඟින් අයින් උනා.. එයත් ගැස්සිලා එහාට උනාම එයාගෙ කනේ රැඳවිලා තිබ්බ සුදු අරලිය මල බිමට වැටුනා..
දෙයියනේහ්.. මං- මං ඒ නැටුම් පුරුදු කරේ.. ගමේ චූටි මැණිකෙට නේද? මං මෙච්චර ලං උනේ.. එයාට නේද?
එතකොටම වගේ පිනිදුත් අපේ පැත්තට එද්දි බිනරි නංගි ටක් ගාලා වැලි ගසලා දාලා ගව්මත් හදාගෙන නැගිට්ටා..
'' උබලා මෙතන දහ අට සන්නියද? ''
'' තව ටික දවසකින්නම් බලාගන්න පුලුවන් වෙයි හැබැයි ''
'' බිනරි !!''
පිනිඳු ඇහුව එකට බිනරි සයාලිගෙ උරහිසේ හැප්පිලා හොරෙන් මගේ දිහයි පිනොදු දිහයි බලන ගමන් එහෙම කිව්වම බිනුවරී බිනරිට සැර කරා.. යසයි! පිනිදුටම ගැලපෙනවා..
'' ක්හ්ම්.. මේ.. මොනාද ඔයාලා නැටුවෙ.. ''
'' දහ අට සන්නිය..''
'' බිනරි එපා.. ''
'' මොකක් නැටුවත් තමුසෙට මොකද? එදා අර ගැරඬියෙක්ට බයවෙලා මගේ මල් පෝච්චියත් කුඩු කරා.. ''
'' ය්-යකොහ්.. තමුසෙ !? අර මාස දෙකකට කලින් අත්වැරදීමකින් කුඩු උන එක තාම මතක තියන් ඉන්නවද? අඥෙහ් මහ ලොකු මල්පෝච්චිය.. මලක් තිබ්බෙත් නැ.. ඒ ගහට වතුර ටිකක්වත් දාලා නැද්ද කොහෙද කරකුට්ටන් වෙලා තිබ්බෙ.. එනව මෙතන ''
'' හරි හරි ඔය දෙන්නා දැන් ඕක නවත්තගන්නවද? පිනිඳු.. ඇවිල්ලා මේ අරලිය අත්ත පාත් කරලා දෙන්නකො.. නංගි කියන ඒවා ගනන් ගන්නෙපා.. ''
'' බිනුවරී නිසා ඉවසනවා.. ඇරත් මං ගැරඬි මරලා පව් පුරෝගන්නැ.. ''
අපි ටික මාරුවෙන් මාරුවට පිනාගෙයි බිනරිගෙයි දිහා බල බල හිටියා.. හාපෝ ජීවත්වෙන්න නම් හම්බෙන්නැහ්.. පිනානම් දැන්ම ඔතනින් ගැලවෙන්නැති බව දැනගෙන මං ගිහින් අරලිය අත්ත පාත් කරලා අල්ලගත්තා..
'' අම්මේ ඔව් ඔව්.. පව් පිරෙනවටනම් නෙවෙයි බයට. ''
'' අනෙ මෙ නංගි.. ''
'' ඇයි අයියෙ මොකද !? ''
'' හම්~මට සිරි යකෝ.. මේකි බලපල්ලකො.. ''
'' දැන් ඕක නවත්තපන්.. මෙහෙට වරෙන්..''
'' නැ නැ.. ඉදපන්කො.. මේ හොඳම යාලුවා නේද? බලන්න කොච්චර අහිංසකද කියලා. තමුසෙ ඊට හාත්පසින්ම වෙනස්නෙ. චූටි මැණිකෙ, මේහ් ආස්සරේ නම් නවත්තන්න වෙයි ඕං. මේ වගේ මිරිස් ගොඩවල්වලින් ඈත්වෙලා ඉන්න ඕන.. ඒකට බලන්න අපේ ජයේ.. පොලොවට දැනෙන්න අඩියක් තියනවද කියලා.. අන්නේවගෙ මිනිස්සු තමයි නගා ආශ්‍රේ කරන්න ඕන. ''
මූ නම් ගම හානවා.
'' දැන් මං එක සැරයක් කිව්වා උබට ඔය කියවිල්ල නවත්තපන් කියලා. ''
'' ජයදෙව් අයියේ..''
'' ඇයි...''
'' ඔයත් මිරිස් ගොඩවල් ආශ්‍රේ කරනෙක නැවැත්තුවොත් හොදයි.. පේනවනෙ මේහ්.. පලාතම රස්නෙයි ඉන්නවත් බෑහ්.. ''
'' බිනරි මං යනවා.. මට පරක්කු වෙනවා...''
'' අනේ ඉන්ඩ..''
මං නළලෙ අත ගහගත්තා.
'' රන්ඩු කරන මිනිස්සුන්ට මං කැමති නැ බිනරි..''
හරිනෙ අහගත්තනෙ.. ගොන් හරකට දැන් සනීප ඇති. බිනරි නංගිට කිව්වට සයාලි ඒව කියන්නෙ පිනිදුටයි මටයි.. අරූ නිසා මමත් නරක වෙනවා. සයාලි මූණත් නරක් කරගෙන ගලින් ගලට පැන පැන ගඟේ අනිත් පැත්තට ආවා..
'' ඇ-හ්.. හ-හරි හරි.. මමනෙ රණ්ඩු කරන්නෙ.. අපේ ජයේනම් රන්ඩු කරන මනුස්සයෙක් නෙවෙයි..''
අපෙ පැත්තට ඇවිදන් ආපු සයාලි පිනිදුගෙ වචන එක්ක අරලිය අත්ත යට නැවතිලා මගේ මූණ දිහා බැලුවා.. ඒ බැල්මෙනම් කිසිම හොඳක් මට පෙනුනෙ නැ.. මට එහෙම්ම අරලිය අත්තත් අතෑරුනා.. අරලිය අත්තෙ තිබ්බ පිනි සේරම සයාලිගෙ ඇගට වැටුනා..
'' බිනුවරී අක්කේ මං යනවා..''
'' පරිස්සමින් නංගි...''
ගඟෙන් එගොඩ වෙන්න තියෙන අන්තිම ගලටත් පැනල එයා ගියා... එයා නොපෙනෙනකන් බලන් ඉදලා මං බිම බලාගත්තා..
'' මෝඩයා.. ''
'' ඉතින්.. ඉතින් මං මොකද්ද කරේ.. අරූ තමයි.. ''
මං බිනුවරීට පිනාව පෙන්නුවා.. මට දැන්නම් මූට බෙරෙන්ම දෙතහැකි.. තාමත් බිනරි නංගි එක්ක කියවනවා.. ටික වෙලාවකින් මිනිහා නයා වගේ ඇවිල්ලා මාවත් ඇදගෙන යන්න ගත්තා..
'' දැන් ඔය දෙන්නා කොහෙද ඔය යන්නෙ.. ''
'' තමුසෙට වැඩක් නෑනෙ.. ''
'' නංගිත් එක්ක තියෙන තරහා මගෙ පිටින් පිට කරන්නෙපා හරිද? ඒව එයත් එක්ක බේරගන්න. ''
'' අපි යන්නෙ පන්සලට බිනුවරී.. ඔයාලා එන්නෙ තව රෑ වෙලානෙ.. ''
'' ඔව් හයට විතර.. ''
අරූට ගිනිපුක් ගාය හැදිලා. මං අල්ලගත්තෙ නැත්තං තව පොඩ්ඩෙන් ගලෙන් ලිස්සලා ගඟේ.. මං ඌවත් අල්ලගෙන අනිත් අතෙන් බෙරෙත් තද කරලා අල්ලගෙන එහා ගලට පැන්නා.. ඌ මට කලින් ඉස්සර වෙලා ගිහින් මගේ බයිසිකලේට නැග්ගා.
'' අපි යනවා එහෙනම්.. යනවා බිනරි නංගි..''
'' හරි අයියේ.. ''
මං හිනාවෙලා බිම බලනකොට දැක්කෙ.. එයාගෙ කොන්ඩෙන් වැටුන අරලිය මල! මං ඒක අතට අරගත්තා..
'' උබ එනවද? මං යන්නද? ''
'' එනවා එනවා. ''
මං ගිහින් බෙරේ උකුලට අරගෙන පිනාගෙ අත යටින් රිංගලා වාඩි උනා. මං අනිත් අතෙන් අරලිය මලේ නැට්ට අල්ලගෙන ඒක කරකවන්න ගත්තා.. අරූ ගල් මුල් වලින් ඔහේ බයිසිකලේ දැම්මත් මට ගානක් උන්නැහ්.
'' හහ්.. කෙල්ලො ඔක්කොම එකයි.. හිතන් ඉන්නෙ එලිසබෙත් රැජින කියලා.. ගැරඬි! බය නැ යකො උන් අප්පිරියයි.. රෝස ගහකට මැරෙන්න හදනවා.. ඉදපන්කො.. ගේනවා රෝස ගස් නැවක්.. ගෙනල්ලා හලනවා ඕකිගෙ- තෝ අහගෙනද ඉන්නෙ !!? ''
'' අහ්.. ''
'' මොන කුනුහරපයක්ද ඔය මලක් තියන් කරන්නෙ.. විසි කරපන් ඔය මගුල. මට දැන් මල් පේන්න බැ.. ''
'' එයා කනේ ගහන් හිටියෙ මේක බන්.. ''
'' කනෙ නෙවෙයි කොහෙ ගහන් හිටියත්- ''
'' පිනිඳු !!! ''
'' උබටත් මේ මට වඩා දැන් වෙන කෙනෙක්ව ලොකු වෙලා තියෙන්නෙ.. උබ දැන් මට ආදරේ නෑ. ඒකනෙ ඔහොම සද්ද දාන්නෙ.. ''
'' බැහැපන්කො.. මං ගන්නම් බයිසිකලේ.. ''
මං කෑ ගහපු එකෙන් මිනිහට අව්ල් ගියා කියලා තේරුනා. මං බයිසිකලේ අරන් අරලිය මල බෙරේ වරපටේක ගහලා ඌට දුන්නා අල්ලගන්න කියලා.. බෑග් දාලා තිබ්බ බෑග් ටික මං බයිසිකල් හැන්ඩ්ල් එකේ දාගෙන අල්ලගත්තා..
'' මේවා පන්සලටද ගෙනියන්නෙ.. ''
'' පිරිවෙන් ශාලාවෙන් තියන්න කිව්වා. ''
'' දැන් ඇයි අව්ලෙන්.. ''
'' ඒකි මට කැමති නැ බන්.. අරම බනිනවද කියපන්කො.. කිසිම තෙතමනයක් නැ වගේ. ''
'' ඉතින් උබ කතා කරෙත් එහෙමනෙ. ඒකි හිතන්න ඇත්තෙත් ඔහොම්මයි.. ''
'' ඉතින්- ඉතින්.. මං දන්නැ බන්.. ''
ඌ බෙරෙත් තුරුල් කරන් මගේ පපුවට ඔලුව හේත්තු කරගත්තා.. දාහකට ගහන්න වගෙ කට තිබ්බට මොකද මේ රිලා පැටියට ඉක්මනට දුක හිතෙනවා.. උගේ සම්පූර්ණ බරම මගේ ඇගට දීලා තියෙන නිසා බොහොම අමාරුවෙන් මං බයිසිකලේ පැද්දෙත්.. මේ දැන් නාහෙන් ඇඩුවට බිනරි අනිවාරෙන් පිනිදු එක්ක සෙට් වෙනවා කියලා මං දන්නවා.. ඒක මට තේරෙනවා.. මට බය.. අපි දෙන්නා ගැන..
'' අඩන්න ගත්තොත් එහෙම වැවට හලාගෙන යනවා.. ''
'' හලාගෙන පලයන්.. රෙද්ද! ඊටපස්සෙ අද තනියම බෙර දෙකම ගහපන් ''
මං හයියෙන් හිනා වෙලා උගේ හිස් මුදුනට හාද්දක් තිබ්බා.. මේකා විතරයි ඉන්නෙ දෙයියනේ මට.
හැමදේටම!
~
~
~
~
🤍🤍🤍
චරිත ගැන කොහොමද හිතෙන්නෙ ලමයි 🐥👉👈
මොකක් ලිව්වත් කියවන සෙට් එකට ආදරෙයි මං 🥹❤️🫶
වැරදි තිබ්බොත් සමාවෙන්න!
මතු සම්බන්ධයි!
_Emma_🤍