YOU ARE READING

???????????..!

Short Story

???? ????? ???? ??????? ??? ????..?

#dancing #girlxboy #love #marriage #romantic #traditional #villagevibe

01!

24 9 3
                                        


අපේ පන්සලේ ඉස් ඉස්සෙල්ලම තියෙන වෙසක් කලාපෙ. අද තමයි ආරම්භක දවස.. උදේනම් තිබ්බෙ දහම් පාසලේ අලුතින් පත්වුන ශිෂ්‍යනායක නංගිලා මල්ලිලාගෙ බැජ් පැලඳවීමෙ උත්සවේ. උදේටනම් මහ ගොඩක් වැඩ නැ.. අපිටනම් ඉතින් වැඩ තියෙන්නෙ දැන් තමයි. දැන් හත හමාරටත් කිට්ටුයි මං හිතන්නෙ.

දැන් තමයි සෙනග ඇදෙන්න පටන් ගන්නෙත්.. අද ආරම්භක දවස නිසා පටන් ගන්නෙ සංස්කෘතික අංග වලින්. මමත් ඉතින් ඔය නැටුමකට දෙකකට ඉන්නවා.

'' ජයේ... අඩෝ ජයේ... මෙතන්ට වරෙන් ''

අන්න ඉතින් මගේ සන්සුන් මනෝභාවෙ සුන්නද්දූලි කරානෙ.. පිනා වෙස් තට්ටුවත් අතේ තියාගෙන කෑ ගැහුවයින් මං ඒ පැත්ත බැලුවා. පිනා කියන්නෙ උගේ නම පිනිදු. අපි ඒ උනාට කියන්නෙ පිනා කියලා. මං ඇස් වලින් ඇහුව මොකද කියලා.. මං මෙ දත කට මැදන් ඉන්නෙ පලවෙනි නැටුම බලන්න. අරූ අර අස්සකට කතා කරනවා.. පේනවද දන්නෙත් නැහ් එතන්ට!

'' මෙතන්ට වරෙන්... මෙතන්ට පේනවා... ''

'' මං මෙතන ඉන්නම් බන්. ''

ඌට බම්බු ගහගන්න කියලා මං ආයෙ ස්ටේජ් එක දිහා බලාගත්තා. අපෙ පන්සලේ පහල ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු සීයකට දෙසීයකට විතර වාඩි වෙලා බලන්න පුලුවන් විදියට හට් එකක් හදලා තිබ්බෙ. අපි තමයි ඒක හදන්න වැඩි හරියක් උදව් කරෙත්.. අද පලවෙනි දවස නිසාම සෙනග හරියට.. වාඩිවෙන්නත් ඉඩ නැති සීන් එකක් තියෙන්නෙ තව ටිකකින්..

'' ජයේ... වරෙන් යකෝ....ව්ව් ''

ඒ පාරනම් වටපිට මිනිස්සුත් බැලුවා.. අම්මපා මූට මම.. ඉස්සරහ පුටු පේලියේ වාඩිවෙලා හිටියෙ අපේ ගමේ නම තියෙන අය.. ලොකු හාමුදුරුවෝ, ග්‍රාමසේවකයි, වලව්වෙ හාමු මහත්තයයි.. තුන් ඇත්තොම මගේ දිහා රවලා බැලුවා.. යකො මං කැ ගැහුවා වගේනෙ..

ලොකු හාමුදුරුවෝන්ට පිටිපස්සෙන් හිටපු සාමණේර හාමුදුරුවෝ නම් මාත් එක්ක ෆිට්..
ඒකනෙ ඔය නෝන්ඩියට හිනා වෙන්නෙ. දැන් ඉතින් මෙතන ඉන්නයැ.. මං සාමනේර වහන්සේලටත් දිව ඇදගෙන පිනා ලගට ගියා.

'' මොකද මූසලයො කෑ ගහන්නෙ.. කිව්වනෙ එතන ඉන්නම් කියලා.. ''

'' හරි හරි එතන ඉන්න ඕන්නැ.. උබ පැණි හලන එතනාව මෙතන්ටත් පෙනේවි.. ''

???????????..!Where stories live. Discover now