පෙම්බැන්ඳයි..!
By Emma_lulu
ඔයත් හරියට සුදු නෙළුමක් වගේ තමයි..🤍 More
අපේ පන්සලේ ඉස් ඉස්සෙල්ලම තියෙන වෙසක් කලාපෙ. අද තමයි ආරම්භක දවස.. උදේනම් තිබ්බෙ දහම් පාසලේ අලුතින් පත්වුන ශිෂ්‍යනායක නංගිලා මල්ලිලාගෙ බැජ් පැලඳවීමෙ උත්සවේ. උදේටනම් මහ ගොඩක් වැඩ නැ.. අපිටනම් ඉතින් වැඩ තියෙන්නෙ දැන් තමයි. දැන් හත හමාරටත් කිට්ටුයි මං හිතන්නෙ.
දැන් තමයි සෙනග ඇදෙන්න පටන් ගන්නෙත්.. අද ආරම්භක දවස නිසා පටන් ගන්නෙ සංස්කෘතික අංග වලින්. මමත් ඉතින් ඔය නැටුමකට දෙකකට ඉන්නවා.
'' ජයේ... අඩෝ ජයේ... මෙතන්ට වරෙන් ''
අන්න ඉතින් මගේ සන්සුන් මනෝභාවෙ සුන්නද්දූලි කරානෙ.. පිනා වෙස් තට්ටුවත් අතේ තියාගෙන කෑ ගැහුවයින් මං ඒ පැත්ත බැලුවා. පිනා කියන්නෙ උගේ නම පිනිදු. අපි ඒ උනාට කියන්නෙ පිනා කියලා. මං ඇස් වලින් ඇහුව මොකද කියලා.. මං මෙ දත කට මැදන් ඉන්නෙ පලවෙනි නැටුම බලන්න. අරූ අර අස්සකට කතා කරනවා.. පේනවද දන්නෙත් නැහ් එතන්ට!
'' මෙතන්ට වරෙන්... මෙතන්ට පේනවා... ''
'' මං මෙතන ඉන්නම් බන්. ''
ඌට බම්බු ගහගන්න කියලා මං ආයෙ ස්ටේජ් එක දිහා බලාගත්තා. අපෙ පන්සලේ පහල ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු සීයකට දෙසීයකට විතර වාඩි වෙලා බලන්න පුලුවන් විදියට හට් එකක් හදලා තිබ්බෙ. අපි තමයි ඒක හදන්න වැඩි හරියක් උදව් කරෙත්.. අද පලවෙනි දවස නිසාම සෙනග හරියට.. වාඩිවෙන්නත් ඉඩ නැති සීන් එකක් තියෙන්නෙ තව ටිකකින්..
'' ජයේ... වරෙන් යකෝ....ව්ව් ''
ඒ පාරනම් වටපිට මිනිස්සුත් බැලුවා.. අම්මපා මූට මම.. ඉස්සරහ පුටු පේලියේ වාඩිවෙලා හිටියෙ අපේ ගමේ නම තියෙන අය.. ලොකු හාමුදුරුවෝ, ග්‍රාමසේවකයි, වලව්වෙ හාමු මහත්තයයි.. තුන් ඇත්තොම මගේ දිහා රවලා බැලුවා.. යකො මං කැ ගැහුවා වගේනෙ..
ලොකු හාමුදුරුවෝන්ට පිටිපස්සෙන් හිටපු සාමණේර හාමුදුරුවෝ නම් මාත් එක්ක ෆිට්..
ඒකනෙ ඔය නෝන්ඩියට හිනා වෙන්නෙ. දැන් ඉතින් මෙතන ඉන්නයැ.. මං සාමනේර වහන්සේලටත් දිව ඇදගෙන පිනා ලගට ගියා.
'' මොකද මූසලයො කෑ ගහන්නෙ.. කිව්වනෙ එතන ඉන්නම් කියලා.. ''
'' හරි හරි එතන ඉන්න ඕන්නැ.. උබ පැණි හලන එතනාව මෙතන්ටත් පෙනේවි.. ''
'' කට කට.. ''
මං උගේ හිනාවෙන් හක්කෙ හැදෙන වලටත් ඇගිල්ලෙන් ඇනගෙන ඌ අල්ලන් හිටපු පුටුවෙන් වාඩි වුනා.. සිරාවටම සර් දැක්කොත්නම් අපිව හමගහනවා.. තොපි මොකද මෙතන කරන්නෙ කියලා.. රියසල් අස්සෙනෙ පැනලා ආවෙ.
'' අන්න බලාම්.. ''
ආරාධිතයගෙ කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ස්ටේජ් එකේ පඩිපෙල හරියට සෙට් කරලා තිබ්බ දහම් පාසල් හෝල් එකේ එක පන්ති කාමරේක දොරකින් පූජා නැටුම් කණ්ඩායම එලියට ආවා.. මං ඒ කෙල්ලො අස්සෙන් ඇස් ගෙනිච්චෙ මගෙ ඇස් දෙක හොයන කෙනාව බලාගන්න..
පූජා නැටුමෙ ඇඳුමට එයා කොච්චර ලස්සන ඇතිද? දකින්නත් කලින්ම මං එයාව එහෙම මවාගත්තා. හරිම ලස්සනයි.. මං- මං එයාව දැක්කා. මට ඉබේටම පිනාගෙ අත තද කරලා ඇල්ලුනා. ඌට කොහොමත් ඒක පුරුදු නිසාද කොහෙද ඌ පුටුවෙන් ටිකක් පිටිපස්සට වෙලා මගේ දර්ශන පථේ පැහැදිලි කරා.
එයා යාලුවෙක් එක්ක කතා කර කර ඉදලා හිනාවෙලා ඒ හිනාවෙන්ම හැරුනම එයාගෙ ඇස් ඉබේම මගේ ඇස්වල බැල්මට සමාන්තරව ආවා.. දෙයියනේහ් !! ඒ හිනා බැල්මෙ ලස්සන...
හැබැයි දැක්ක ගමන්ම එයත් හිනාව අතුරුදහන් කරගෙන අහක බලාගනිද්දි මමත් ඇරුනු කටත් වහගෙන සනිකව බිම බලාගත්තා. පිනාටනම් හිනා. ඌට මේව තේරෙනව කියලයැ..
නිවේදකයගෙ ආරාධනයත් සංස්කෘතික අංගවලින් වෙසක් කලාපෙ රැයවල් පටන් ගන්නයි යන්නෙ.. කට්ටිය ස්ටේජ් එකට නැගලා පූජා නැටුම පටන් ගන්න සංගීතෙ ඇහෙනකන් මං නෙවෙයි ඔලුව ඉස්සුවෙ. පිනා මගේ අතට එකක් ගහලා බලපන් කියනකොටයි මං ඔලුව ඉස්සුවෙ.
කට්ටිය අතරින් එයා සුදු නෙළුමක් අතේ රඳවගෙන අලංකාර ලාලිත්‍යයෙන් ඇවිදගෙන ඇවිත් කට්ටිය මැදින් නතර උනා. දෙයියනේ ඒ හිනාව.. දෙවඟනකගෙ වගේ. මුලු ස්ටේජ් එකම ඒ හිනාවෙන් එලිය උනා වගේ. මොකටද මෙච්චර ලයිට් දාලා.. මටනම් එයාගෙ හිනාව පිරුන මූනම ඇති සේරම එළිය වෙන්න.
මුළු නැටුම පුරාවටම මගෙ ඇස් තිබ්බෙ එයා ලඟ විතරයි.. ඒත් එයාගෙ ඇස් නෙවෙයි මගේ දිහාවට නිකමටවත් හැරුනෙ. එහෙම උනෙ නැති එකත් හොඳයි නැත්තං මට නිවිහැනහිල්ලෙ බලන් ඉන්නත් බැරි වෙනවා.
'' ඕයි ඕයි... ''
'' වද දෙන්නෙපා බන්.. ''
'' හැරිලා බලපන් ''
පිනාගෙ වදේටම අනිත් පැත්ත බලද්දි.. හුටා සර්! අපි දෙන්නා පට ගාලා නැගිටලටා රවාගෙන ඉන්න සර් ගාවට ගියා.
'' තොපි දෙන්නා එතන හිටියම නටන්නෙ මමද ? ''
'' නෑ.. මෙ පොඩ්ඩක් බැලුවා ඉතින් ''
'' රියසල් එක කරපන් කියලා දමලා ගියා මුන් දෙන්නා අතුරුදහන්! වරද්දපන්කො බලන්න.. අම්මපා බෙරෙන් ගහන්නෙ ''
ඔය පොඩ්ඩක් කැ ගැහුවට පොර දන්නවා අපි සුපිරියටම වැඩේ දෙනවා කියලා.. ඒ උනාට ගුරු ගෞරවේ කියලා එකක් තියෙනවද කොහෙද නිසා අපි දෙනා ටාර් ගාලා අර පොඩි හට් එකට රිංගගත්තා. අම්මටසිරි මුන් ඇවිල්ලත් එක්ක අපි දැක්කෙත් නෑනෙ.. අපෙ අනිත් උන් ටිකනම් රෙඩි. පිනා වෙස් තට්ටුව මට කියලා බැඳගනිද්දි මගේ එක සර් මගෙ ඔලුවටත් ටොක්කක් ඇනලා බැන්දා.. මෙව්වා මේ තරහෙන් කරන්න ඕන වැඩද මං අහන්නෙ.. ඇහුවෙ නැ ඉතින් මං කට පියන් හිටියා.
අපෙ නැටුමට වෙලාව ඇවිල්ලා.. පූජා නැටුමෙ කට්ටිය පෝලිමට යද්දි පිනා මගෙ පිටත් කොනිත්තගෙන ස්ටේජ් එකට නැග්ගා. අපි ගිහින් අපි ඉන්න ඕන තැන්වල හිටගත්ත.. සර්ගෙ කවියයි බෙර පදෙයි පටන් ගත්තම අපි නටන්න ගත්තා.. කවුරුහරි ඇහුවොත් මං ආසම මොකටද කියලා.. කොටින්ම මට ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ මෙන්න මේ බෙර පද වලට තාලෙට අඩි තියන වෙලාවට !
මේ වෙස් ඇඳුම දාගත්තම, මගේ කකුල් පොලොවෙ වදින වදින වාරයක් පාසා ඇහෙන සිලම්බු සද්දෙට.. තවත් අඩිය බරට හැඩට තියන්න මාව ඉබේම පෙළඹෙනවා.. බෙර පදෙත් එක්කම හදවතත් තාලෙටම ගැස්සෙද්දි මේ රිද්මෙ විඳින වෙලාවටනම් මගෙ මූණෙ හිනාවක් වරදින්නෙත් නැ..
නැටුමෙ අවසාන හරිය එද්දි මං පිනා දිහා බැලුවා. ඌටයි මටයි තමයි මැද්දට ඇවිත් මාලක්කම ගහලා නැටුම ඉවර කරන්න තියෙන්නෙ.. අපි දෙන්නා මූණට මූණ බලාගෙන නටන්න ගත්තා.. බෙර පදෙත් එක්කම මං හිතින් ගනන් කරන්න ගත්තා..
එකයි... දෙකයි... තුනයි...
'' හහ් .....!! ''
අපි දෙන්නම එකට කියල මාලක්කම් ගහන්න පටන් ගත්තා..
~
~
~
'' පිනිදු අයියා වෙස් ඇඳුමට හෙන ගතීනේ. ''
'' ආ.... මෙන්න එක්කෙනෙක්ට පිනාගෙ ගතියක් පෙනිලා.. ''
'' අනෙ මේ.. ඒම එකක් නෙවෙයි.. ඌව පැත්තකින් තියමුකො.. අරූනම් අරන් හදාගෙනද මන්දා අක්කෙ.. බලහන්කො පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ. මේ ගමේම නැතුව ඇති ඌ තරම් හැඩ එකෙක්.. ''
'' අහිංසක මිනිස්සුන්ට කතා හදන්නෙපා බිනරි.. ජයේගෙ අම්මා ලස්සන ඇති.. ''
'' ඔයා දන්නෙ කොහොමද ඌ අහිංසකද නැද්ද කියලා.. ''
'' මට ක්ලාස් වලදි පේනවා.. ඌ එහෙම කාටවත් කරදරයක් කරන එකෙක් නෙවෙයි කියලා... මේ මැණිකෙ මොකද සද්ද නැත්තෙ.. ''
මං බිනුවරී අක්කා දිහා බලලා හිනා උනා. බිනුවරී අක්කයි බිනරියි කියන්නෙ අපේ ගමේ ග්‍රාමසේවක මාමගෙ දුවලා දෙන්නා. බිනරි මගේ වයසෙ. බිනුවරී අක්කානම් විද්‍යා අංශෙන් මේ සැරේ උසස් පෙළ ලියන්න ඉන්නෙ. මමයි බිනරි උසස් පෙළ පන්ති යන්න පටන් ගන්න හදන්නෙ..
ගෙදරින් මට ඉතින් ලඟින්ම ආශ්‍රේ කරන්න දෙන්නෙ මේ දෙන්නව විතරයි. බිනරියි මමයි මේ ඊළඟ නැටුමට ලෑස්ති වෙලා ස්ටේජ් එක ළග හට් එක ඇතුලෙ ඉදන් බලන් ඉන්නෙ තරඟෙට මාලක්කම් ගහන දෙන්නා දිහා. බිනරිනම් බලන් ඉන්නෙ පිනිදු අයියා දිහා.. බිනරි කිව්ව හැටියට පිනිදු අයියා වෙස් ඇඳුමට ලස්සනයි තමයි.. ඒත් මගේ ඇස් තිබ්බෙ කට පුරා හිනා වීගෙන මාලක්කම් ගහන අනිත් එක්කෙනා ගාව.
බිනරි කිව්වෙ ඇත්ත.. ජයදෙව් අයියට තියෙන්නෙ මේ ගමේ එක කොල්ලෙක්ටවත් නැති විදියෙ ලස්සනක්.. නිකන් ඇවිද්දත් පපුව ඉස්සරහට දාන් අඩිය බරට තියලා ඇවිදිද්දි එයා හරිම කඩවසම්.
නැටුම අවසානෙ මාලක්කම ඉවර කරලා අත් දෙක දෙපැත්තට විහිදුවලා එක දණක් බිමට හිටින්න පාත් උනාම මං ගැස්සිලා ගියා. පිටිපස්සෙ සෙනගට ඇහුනෙ නැති උනත් දනිස්ස පොලොවට වැදුන විදිය ස්ටේජ් එක ආසන්නෙ හිටපු මටනම් හොඳටම ඇහුනා.
ඒක රිදෙන්න ඇතිද ?.. ඒත් එයා හිනා වෙලා.. ඔය ඔක්කොම කල්පනාවල් බිඳිලා ගියේ එයා මගේ දිහා එක පාර බැලුව නිසා. මම ඉක්මනට ඇඟිලිත් පටලගෙන බිම බලාගත්තා. මම ජයදෙව් අයියා දිහා බලනවා හදිස්සියේවත් අප්පච්චි දැක්කොත්, මට වෙසක් කලාපෙත් තහනම් අඩවියක් වෙනවා..
'' යමු බන්.. ඊළඟට අපේ එක.. ''
~
~
~
'' දුවන්න බෑ පුතෝ.. දණිස්ස රිදෙනවා හිමින් පලකෝ.. ''
'' උබේ විතරයැ.. මගෙත් රිදෙනවා.. බොරුවට කැ ගහන්නැතුව වරෙන්.. ''
නැටුම ඉවර උනාම මං ස්ටේජ් එකෙන් චුත උනා.. මට මැවුන විදියද ? නැත්තං එයා මගෙ දිහා ඇත්තටම බලන් හිටියද ? මං පිනාවත් ඇදන් දිව්වෙ ස්ටේජ් එක පේන ඉඩක් හදාගන්න. කලින් වාඩිවෙලා හිටිය පුටුනම් පේන්නත් නෑ.. සෙනඟ පිරිලා.. කෝමහරි අස්සකින් රිංගගෙන ස්ටේජ් එක පේන හරියකින් හිටගත්තා.
එයාලා නැටුවෙ සීගිරි ලඳුන්ගෙ සිංදුවකට.. මං කිව්වෙ.. එයානම් දෙවඟනක්ම තමයි..
එයා නටනවා නෙවෙයි. කොටින්ම කිව්වොත් එයාට නැටවෙනවා !! ඒ අත පය යන විදිය.. ඔලුව ඒ තාලෙට පැද්දෙන විදිය.. ඒ ඇස්.. එයාගෙ ඉන හැඩට පැද්දෙන්නෙ ඉබේමයි..
'' ඕයි සොකරියො ... සර් කතා කරනවා වරෙන් !! ''
🤍🤍🤍
_Emma_