YOU ARE READING

???????????..!

Short Story

???? ????? ???? ??????? ??? ????..?

#dancing #girlxboy #love #marriage #romantic #traditional #villagevibe

                                        

'' හයියෝ දැන් මමද ඕවා උස්සගෙන එන්න ඕන ''

'' ජයෙත් එනවද අපේ ගෙවල් පැත්තෙ.. අද ඔයාගෙ මැණිකෙත් එනවා කිව්වා ''

'' අ... අහ් !!? තාම මගේ නෙවෙයිනෙ බිනුවරී ''

මං කමිසෙ කරෙන් කම්මුලත් පිහිදගෙන අඹ ගහට හේත්තු කරල තිබ්බ බයිසිකලේ කෙලින් කරගත්තා.

'' තාම නෙ. ඉස්සරහට මොනා වෙයිද කව්ද දන්නෙ.. ''

පිනා මගෙ කරට අත දාගෙන කියනකොට මං ලාවට හිනා උනා.. මට යන්න ඕන උනත් යන්න වෙන්නැ. අප්පච්චී බඩගින්නෙ කුඹුරට යන්න ඇත්තෙ. දැන් ගිහින් උයන්නත් ඕන. බෙරේ අව්වෙන් තියන්නත් ඕන.. ඒත් මට අරයව බලන්නත් ඕන. අනිවාරෙන් මාත් එක්ක තරහ වෙලා ඇත්තෙත්..

'' යමුද? ''

'' මට එන්න වෙන්නැ බිනුවරී.. අප්පච්චිට උයන්න ඕන. ඔයාලා යන්න. හවසට හම්බෙනවනෙ ''

'' එහෙනම් අපි දෙන්නම හවස යමන්.. ''

'' දැන් ඒ පාර එක්කෙනෙක්වත් එන්නැද්ද.. මං තනියමද යන්න ඕන. ''

'' නැ නැ සුද්දියො.. ගඟ ගාවට එන්නම්.. යං ''

අපි තුන්දෙනා පන්සල් බිමෙන් එළියට ආවෙ කඩපු අඹ වලින් අඹ ගෙඩි දෙකක් හොරාට පොඩි හාමුදුරු නමකගෙ අතට දීලා. බිනුවරීට තනි නිසා අපි එයාව ගඟ ගාවට යනකන් එක්කන් ගිහින් පිනාව උගෙ ගෙදරට දාන්න ගියා.. ඒ යනකොට ප්‍රින්සිපල් සර් ඉන්නවා ඉස්සරහට වෙලා.

'' මං ඒත් බැලුවා මොකද පරක්කු කියලා.. ග්‍රාමසේවක මහත්තයගෙ ගෙදරට ගියේ නැද්ද ළමයො.. ''

'' හෙට නේද බෑග් ටික බෙදන්නෙ.. හවස මමයි ජයේයි දෙන්නම ගිහින් ගේන්නම්. මං ගිහින් ඕක තනියෙන් උස්සන් එන්නයැ.. කෝ අම්මා.. අම්මේ~හ් !! ''

පිනිදු එහෙම කියාගෙන ගෙට ගොඩ උනාම ප්‍රින්සිපල් සර් උගේ පිටට තඩිබෑවා.. මං බයිසිකලේ හරවගත්තා.

'' ජයදෙව්.. පොඩ්ඩක් ඉදින් කොල්ලො ''

'' කියන්න ප්‍රින්සිපල් සර්.. ''

'' උදේ කොස් ගෙඩියක් කැඩුවා.. නෝනා සුද්ද කරනව මයෙ හිතේ.. කොස් බාගයක් අරන් පලයන් ''

'' අනේ ඕන්නැ සර්.. මං යන්නම්. පිනිඳුට කියන්න මං හවස එන්නම් කියලා.. ''

You've reached the end of published parts.

? Last updated: Jul 07 ?

Add this 온라인카지노게임 to your Library to get notified about new parts!

???????????..!Where stories live. Discover now