~
~
~
'' පිනිදු අයියා වෙස් ඇඳුමට හෙන ගතීනේ. ''
'' ආ.... මෙන්න එක්කෙනෙක්ට පිනාගෙ ගතියක් පෙනිලා.. ''
'' අනෙ මේ.. ඒම එකක් නෙවෙයි.. ඌව පැත්තකින් තියමුකො.. අරූනම් අරන් හදාගෙනද මන්දා අක්කෙ.. බලහන්කො පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ. මේ ගමේම නැතුව ඇති ඌ තරම් හැඩ එකෙක්.. ''
'' අහිංසක මිනිස්සුන්ට කතා හදන්නෙපා බිනරි.. ජයේගෙ අම්මා ලස්සන ඇති.. ''
'' ඔයා දන්නෙ කොහොමද ඌ අහිංසකද නැද්ද කියලා.. ''
'' මට ක්ලාස් වලදි පේනවා.. ඌ එහෙම කාටවත් කරදරයක් කරන එකෙක් නෙවෙයි කියලා... මේ මැණිකෙ මොකද සද්ද නැත්තෙ.. ''
මං බිනුවරී අක්කා දිහා බලලා හිනා උනා. බිනුවරී අක්කයි බිනරියි කියන්නෙ අපේ ගමේ ග්‍රාමසේවක මාමගෙ දුවලා දෙන්නා. බිනරි මගේ වයසෙ. බිනුවරී අක්කානම් විද්‍යා අංශෙන් මේ සැරේ උසස් පෙළ ලියන්න ඉන්නෙ. මමයි බිනරි උසස් පෙළ පන්ති යන්න පටන් ගන්න හදන්නෙ..
ගෙදරින් මට ඉතින් ලඟින්ම ආශ්‍රේ කරන්න දෙන්නෙ මේ දෙන්නව විතරයි. බිනරියි මමයි මේ ඊළඟ නැටුමට ලෑස්ති වෙලා ස්ටේජ් එක ළග හට් එක ඇතුලෙ ඉදන් බලන් ඉන්නෙ තරඟෙට මාලක්කම් ගහන දෙන්නා දිහා. බිනරිනම් බලන් ඉන්නෙ පිනිදු අයියා දිහා.. බිනරි කිව්ව හැටියට පිනිදු අයියා වෙස් ඇඳුමට ලස්සනයි තමයි.. ඒත් මගේ ඇස් තිබ්බෙ කට පුරා හිනා වීගෙන මාලක්කම් ගහන අනිත් එක්කෙනා ගාව.
බිනරි කිව්වෙ ඇත්ත.. ජයදෙව් අයියට තියෙන්නෙ මේ ගමේ එක කොල්ලෙක්ටවත් නැති විදියෙ ලස්සනක්.. නිකන් ඇවිද්දත් පපුව ඉස්සරහට දාන් අඩිය බරට තියලා ඇවිදිද්දි එයා හරිම කඩවසම්.
නැටුම අවසානෙ මාලක්කම ඉවර කරලා අත් දෙක දෙපැත්තට විහිදුවලා එක දණක් බිමට හිටින්න පාත් උනාම මං ගැස්සිලා ගියා. පිටිපස්සෙ සෙනගට ඇහුනෙ නැති උනත් දනිස්ස පොලොවට වැදුන විදිය ස්ටේජ් එක ආසන්නෙ හිටපු මටනම් හොඳටම ඇහුනා.
ඒක රිදෙන්න ඇතිද ?.. ඒත් එයා හිනා වෙලා.. ඔය ඔක්කොම කල්පනාවල් බිඳිලා ගියේ එයා මගේ දිහා එක පාර බැලුව නිසා. මම ඉක්මනට ඇඟිලිත් පටලගෙන බිම බලාගත්තා. මම ජයදෙව් අයියා දිහා බලනවා හදිස්සියේවත් අප්පච්චි දැක්කොත්, මට වෙසක් කලාපෙත් තහනම් අඩවියක් වෙනවා..
'' යමු බන්.. ඊළඟට අපේ එක.. ''
~
~
~
'' දුවන්න බෑ පුතෝ.. දණිස්ස රිදෙනවා හිමින් පලකෝ.. ''
'' උබේ විතරයැ.. මගෙත් රිදෙනවා.. බොරුවට කැ ගහන්නැතුව වරෙන්.. ''
නැටුම ඉවර උනාම මං ස්ටේජ් එකෙන් චුත උනා.. මට මැවුන විදියද ? නැත්තං එයා මගෙ දිහා ඇත්තටම බලන් හිටියද ? මං පිනාවත් ඇදන් දිව්වෙ ස්ටේජ් එක පේන ඉඩක් හදාගන්න. කලින් වාඩිවෙලා හිටිය පුටුනම් පේන්නත් නෑ.. සෙනඟ පිරිලා.. කෝමහරි අස්සකින් රිංගගෙන ස්ටේජ් එක පේන හරියකින් හිටගත්තා.
එයාලා නැටුවෙ සීගිරි ලඳුන්ගෙ සිංදුවකට.. මං කිව්වෙ.. එයානම් දෙවඟනක්ම තමයි..
එයා නටනවා නෙවෙයි. කොටින්ම කිව්වොත් එයාට නැටවෙනවා !! ඒ අත පය යන විදිය.. ඔලුව ඒ තාලෙට පැද්දෙන විදිය.. ඒ ඇස්.. එයාගෙ ඉන හැඩට පැද්දෙන්නෙ ඉබේමයි..
'' ඕයි සොකරියො ... සර් කතා කරනවා වරෙන් !! ''
🤍🤍🤍
_Emma_
