YOU ARE READING

???????????..!

Short Story

???? ????? ???? ??????? ??? ????..?

#dancing #girlxboy #love #marriage #romantic #traditional #villagevibe

                                        

'' කට කට.. ''

මං උගේ හිනාවෙන් හක්කෙ හැදෙන වලටත් ඇගිල්ලෙන් ඇනගෙන ඌ අල්ලන් හිටපු පුටුවෙන් වාඩි වුනා.. සිරාවටම සර් දැක්කොත්නම් අපිව හමගහනවා.. තොපි මොකද මෙතන කරන්නෙ කියලා.. රියසල් අස්සෙනෙ පැනලා ආවෙ.

'' අන්න බලාම්.. ''

ආරාධිතයගෙ කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ස්ටේජ් එකේ පඩිපෙල හරියට සෙට් කරලා තිබ්බ දහම් පාසල් හෝල් එකේ එක පන්ති කාමරේක දොරකින් පූජා නැටුම් කණ්ඩායම එලියට ආවා.. මං ඒ කෙල්ලො අස්සෙන් ඇස් ගෙනිච්චෙ මගෙ ඇස් දෙක හොයන කෙනාව බලාගන්න..

පූජා නැටුමෙ ඇඳුමට එයා කොච්චර ලස්සන ඇතිද? දකින්නත් කලින්ම මං එයාව එහෙම මවාගත්තා. හරිම ලස්සනයි.. මං- මං එයාව දැක්කා. මට ඉබේටම පිනාගෙ අත තද කරලා ඇල්ලුනා. ඌට කොහොමත් ඒක පුරුදු නිසාද කොහෙද ඌ පුටුවෙන් ටිකක් පිටිපස්සට වෙලා මගේ දර්ශන පථේ පැහැදිලි කරා.

එයා යාලුවෙක් එක්ක කතා කර කර ඉදලා හිනාවෙලා ඒ හිනාවෙන්ම හැරුනම එයාගෙ ඇස් ඉබේම මගේ ඇස්වල බැල්මට සමාන්තරව ආවා.. දෙයියනේහ් !! ඒ හිනා බැල්මෙ ලස්සන...

හැබැයි දැක්ක ගමන්ම එයත් හිනාව අතුරුදහන් කරගෙන අහක බලාගනිද්දි මමත් ඇරුනු කටත් වහගෙන සනිකව බිම බලාගත්තා. පිනාටනම් හිනා. ඌට මේව තේරෙනව කියලයැ..

නිවේදකයගෙ ආරාධනයත් සංස්කෘතික අංගවලින් වෙසක් කලාපෙ රැයවල් පටන් ගන්නයි යන්නෙ.. කට්ටිය ස්ටේජ් එකට නැගලා පූජා නැටුම පටන් ගන්න සංගීතෙ ඇහෙනකන් මං නෙවෙයි ඔලුව ඉස්සුවෙ. පිනා මගේ අතට එකක් ගහලා බලපන් කියනකොටයි මං ඔලුව ඉස්සුවෙ.

කට්ටිය අතරින් එයා සුදු නෙළුමක් අතේ රඳවගෙන අලංකාර ලාලිත්‍යයෙන් ඇවිදගෙන ඇවිත් කට්ටිය මැදින් නතර උනා. දෙයියනේ ඒ හිනාව.. දෙවඟනකගෙ වගේ. මුලු ස්ටේජ් එකම ඒ හිනාවෙන් එලිය උනා වගේ. මොකටද මෙච්චර ලයිට් දාලා.. මටනම් එයාගෙ හිනාව පිරුන මූනම ඇති සේරම එළිය වෙන්න.

මුළු නැටුම පුරාවටම මගෙ ඇස් තිබ්බෙ එයා ලඟ විතරයි.. ඒත් එයාගෙ ඇස් නෙවෙයි මගේ දිහාවට නිකමටවත් හැරුනෙ. එහෙම උනෙ නැති එකත් හොඳයි නැත්තං මට නිවිහැනහිල්ලෙ බලන් ඉන්නත් බැරි වෙනවා.

???????????..!Where stories live. Discover now