How to spot a copycat
By thashi123
කාර්යබහුල බව සැබෑව...නමුත් හැකි නම් මදක් නැවතිලා කියවලා යන්න More
කාර්යබහුල බව සැබෑව...නමුත් හැකි නම් මදක් නැවතිලා කියවලා යන්න More
...කොපි කිරීම...
මොකක්ද ඇත්තටම පොතක් කොපි වෙලා තියෙනවා කියලා කියන්නේ....පහුගිය දවස් වල මේක අස්සේ උණුසුම් මාතෘකාවක් වෙලා තිබ්බ මේ " කොපි කිරීම " කියන දේ ගැන මටත් පොඩ්ඩක් කතා කරන්න හිතුනා....කමක් නැහැ නේ ? 😅
පොතක් කොපි වීම සහ පොතක් කොපි කිරීම යන චෝදනා දෙකම දෙආකාරයකින් අහන්න ලැබුන වද වී යන ජිවීයෙක් විදිහට මට ඒ සම්බන්ධව පොඩි අත්දැකීමක් ඇති කියන දේ හිතනවා...( ජූරි සභාවේ සභාපති තාශි 🕴)
ඉතිං මං නෝට් කරාපූ ඔයාලා අතින් දැනගෙන හෝ නොදැනගෙන වෙන පොඩි වැරදීම් ටිකක් මං මෙතන පහදලා දෙන්නම්.....
* එන්න අපි යමූ ඊලඟ වටේට...
කැහැම් කැහැම් ~
සමානෙන් පොතක් කොපි වෙලා කියලා ඔයාලාට හිතෙන තැන් මොනාද ? කතා දෙකක තියෙන එක හා සමාන නම් , දෙවිදියකට ලියවෙච්ච එක ලඟින් යන සිද්ධි , භාශා විලාසිතාව , කතාවේ ටොප් හෝ බොටම්ව හඳුන්වන්න යොදා ගන්න අනුවර්ථ නාම , චරිත බිල්ඩප් වෙලා තියෙන විදිහ...ඔන්න ඕවා වලින් නේ සමානෙන් ඔයාලා මේ කතාව නම් අන්න අර අහවල් පොතේ කොපියක් කියලා නිගමනය කරන්නේ....
නමුත් ඒක වැරදියි...!
ඔව් ඔව් උබලා ඒක හරියට තමයි කියෙව්වේ....
මේක නේ කුද්දා....ඔයාලා නිකමටවත් හිතලා බැලුවා ද ඔයාලා කියවන පොතේ ප්ලොට් එක ගොඩනැඟිලා තියෙන්නේ කොහොමද කියලා ? ඔයාලා නිකමටවත් හිතලා බැලුවා ද ඒ කතාව ඇතුලේ ඔයාලාට සැක හිතිච්ච සිද්දිය ඇරුනාම අනිත් සිද්දි මොන තරම් එකිනෙකට වෙනස් ද කියලා...?
නැහැ නේ නැහැ නේ....i know baby 😌
ඒ කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව ඔයාලා එකපාරම පුජා වට්ටි අල්ලලා , හඳුන් කූරු පත්තු කරලා අර කොපි කියන ලේබලේ මොකෙක් හරි ඕතර් කෙනෙක්ට අලවනවා....ඒක ආතල් වැඩක්....හැබැයි අර මොකුත් නොදන්න ඕතර් බං ඊට පස්සේ මානසිකව වැටිලා දණහිසුත් තුවාල කරගන්නවා....මොනා උනාත් පව් නේ බං....
පොත් දෙකක ටොප්ට එකම වගේ නමක් තිබ්බාත් ඒකත් කොපි කියනවා...යකෝව් මේ රාවණ පරපුරේ එකම වගේ නම් තියෙන්න පුලුවන් එකම එක යක්ඛ පුතෙක්ට විතර ද ? තරු පිරුන කලුවර අහසක් යට අපි ඩිස්ටි ඩිඩිං කරා කියලා පොතක් ඇතුලේ ලියන්න පුලුවන් එකම එක ඕතර් කෙනෙක්ට විතර ද මං අහන්නේ....? ගැමි ව්‍යාහාර , සංස්කෘතික සිංහල , ව්යාංගර්ථ , කවි නිසදැස් පාවිච්චි කරලා සිද්දියක් නිර්මාණය කරන්න පුලුවන් එකම එක ඕතර් කෙනෙක්ට විතර ද ? ඇයි හත්තිලව්වේ අවුරුදු පහලවේ ඉදන් ගුත්තිල ඇදුරු සඳ වීනා වයන ලෙස ඉද කියලා සාහිත්‍ය ඉගෙන ගත්ත ඒකේ ඒකේන් වැඩක් ගන්නේ නැතුව අපි අල කන්නැයි...
ඔන්න දැන් හිතපන්කෝ හද්ද පිටිසර දුශ්කර ගමක කතාවක් තියෙනවා....දැන් ඒකේ ස්මට් පාට් එකක් යනවා 🌚....ඔන්න දැන් ජෝඩුව පැඳුරක් එලලා භුමිතෙල් ලාම්පූවත් එල්ලගෙන මදුරුවෝන්ට කොයිලුත් පත්තු කරගෙන වැඩේට සුදානම් වෙද්දි බොටමා ඇවිත් එකපාරම " fu*k me daddy...i want you so bad " කියනවා...එතනින්ම ඉමෑශිනේශන් එක ඩිසපියර් නේ....ඔබත් මමත් දන්නවා ඒක එතනට 000000.1 ක්වත් ගැලපෙන්නේ නැහැ කියලා....ඉතිං ඒ වෙනුවට ඕතර්ස්ලා උන් දන්න මුළු හෝඩියම පෙරරලා ගැලපෙන ලස්සන සුදුසු වචනයක් එතැනට සෙට් කොරාම සමහර කියවන උන් " ආ මෙන්න මේ වචනේ මං අහවල් පොතෙත් දැක්කා " කියනවා....අනේ බං ඉතිං අපි එතනට පොදුවේ පාවිච්චි කරන සිංහල වචනේ නොදා කසකස්තාන් භාශාව දාන්නැයි....එහෙම දැම්මාත් උබලාට තේරෙනවාද කියපන්කෝ....
ඉතිං මට කියන්න ඕන උනේ කොපි කියන්නේ ඒකට නෙමෙයි කියලා....කොපි කියන්නේ එක පොතක තියෙන සිද්ධි දාමයක් දෙබස් එක්ක එහෙමම කොපි පේස්ට් කරලා ලියන එකට....නැතුව මං උඩ කිව්ව කරුණු කිසිම දෙයක් නෙමෙයි....
ඔයාලා දන්නවාද...දන්නවාද දන්නෙත් නැහැ ඉතිං......එකෝමත් එක කාලේක බරණැස් නුවරදි මගේ බ්රැටිකිඩ් පොතටත් එහෙම දෙයක් වෙලා තිබ්බා...තුන්වෙනි චැප්ටර් එක සිද්දියත් එක්කම සමහර දෙබස් එහෙමම තවත් පොතක ලියවිලා තිබුනා...රීඩර් කෙනෙක් මට ඒ ගැන ඇවිත් කියනකන්ම තාශි හිටියේ බිඩී ඔත ඔත....ඒ යක්කු පැටව් ටික ගේම ඉල්ලන්න යමූ කියලා කිව්වාත් ඒක වෙයාවුල්ෆ් කතාවක් නිසා මං ඒ පස්සෙන් වැඩිය පැන්නුවේ නැහැ....අනේ ඉතිං පොලොවට දිරාපත් වෙන මේ කුණු සරීරයක් වෙනුවෙන් මොකටද බං අපි එක එකාට විරුද්ධව හඬ නඟන්නේ....පස්සේ ඉතිං මගේ තාන්කුරු පැටව් ටික ගිහින් ඒ ඕතර්ට කියලා ඒ පොත අයින් කර ගත්තා....
මාතකාවර්ජනය නිසා තාශි ඉමෝශනල් වෙලා 🥹
Joke aside මචංලා ඈ....
ඉතිං ඇයි මේ පොඩි පොඩි දේවල් වලට ඇන කොට ගන්නේ....ඇත්තටම ඇයි බං ? ආතල් එකේ පොතක් කියවලා...ඒ ඕතර්ගේ මහන්සිය සුපිරි කියලා පොඩි වැලිඩ් එකක් දීලා ඉන්නේ නැතුව තොපි යනවා රෙදි උස්සගෙන ගේම ඉල්ලන්නයි , ඇරියස් කවර් කරන්නයි....එහෙම සෙට් නැහැ නේ බං....සමහර වේලාවට උබලා ඔය අහවලාගේන් අහවලා කොපි කරා කියලා කිව්වාට උන් උන් එකිනෙකාව අඳුරන්නෙත් නැතුව ඇති බං....එතකොට නිකන් දෙකයි පනහට වැටෙන්නේ උබලාම නේ බං....යකෝව් රෙපියුටේශන් එක ගැනවත් හිතපල්ලාකෝ....
ආ අවසානේට තවත් වැදගත් දෙයක් තියෙනවා....ඒ තමයි ඔයාලා දැන් ඩේලී රූටීන් වගේ කතා කියවනවා නේ....එහෙම කතාවක් කියෙව්වාද ඒ කතාවේ අවසානේත් එක්ක ඒ කතාවෙන් එළියට එන්න උත්සහා කරපල්ලා...මොකද උබලා ඒ මානසිකත්වයත් එක්ක තවත් කතාවක් කියවන්න ගත්තොත් උබට අනිත් පොත් හැම එකක්ම කොපි වෙලා පේන්න ගන්නවා විතරක් නෙමෙයි , විවිධත්වයක් ඇති ප්ලොට් ඒ ඒ විදිහට රස විඳින්න තියෙන හැකියාවත් නැතු යනවා...
අමලුයි නයනයි සල් ගහ යට ඉදන් කරපුවා උපාලියි ජින්නායි අඹ ගහක් යට ඉදන් කරන්නේ නැහැ නේ....ඉතිං ජෝඩු දෙකම හිටියේ ගස් යට නේ කියන දේ ගැන හිතන්නේ නැතුව උන් හතර දෙනා ඒක යට ඉදන් කරේ මොනාද කියන දේට විතරක් අවධානේ දුන්නා නම් මෙව්වා මේ විදිහට සිද්ද වෙන්න නැහැ අපේ හාමුදුරුවනේ....
එහෙනම් ගොයින් එන්නම්....
ආදරේයි මේ වැලි බොක්ක පිරෙන්න....❤️
----------------------------
ආච්චිට හාල් ගරන්න මේකේ අකුරු කළු කරන සීන් එක ගිහින් නේ බං.....මේ තාශි උතුමාණන් නැති දවස් ටිකට හරි හරි වැඩ නේ වෙලා තියෙන්නේ....මෙකේ අලුත් අප්ඩේට් එකේ සීන් එකක්ද මගේ පෝන් කට්ටේ සීන් එකක්ද දන්නේ නැහැ.....
වචන 844ක් ලියලා දවස් දෙකක් තිස්සේ පතරංග චැප් එකක් ලිව්වා වගේ මහන්සියි....
කෙසීට මිලියා
කදන නීමරේ
කෙංකානම් කලියා
මික පුරික පුරික ඛෙලියා ~
අප්ඩේට් දුන්නේ නැත්තේ තාශි මේ දවස් ටිකේ ද වොයිස් යන්න හින්දි සිංදු ප්‍රැක්ටිස් කර කර ඉදියේ....ඕඕ....
දැන්නම් සිරාවටම යනවා හොඳේ....