YOU ARE READING

How to spot a copycat

Short Story

?????????? ?? ?????...????? ???? ??? ???? ??????? ?????? ????

#srilanka

??????????? ?? ????? ??? ????????? ???

744 105 98
                                        

...කොපි කිරීම...

මොකක්ද ඇත්තටම පොතක් කොපි වෙලා තියෙනවා කියලා කියන්නේ....පහුගිය දවස් වල මේක අස්සේ උණුසුම් මාතෘකාවක් වෙලා තිබ්බ මේ " කොපි කිරීම " කියන දේ ගැන මටත් පොඩ්ඩක් කතා කරන්න හිතුනා....කමක් නැහැ නේ  ? 😅

පොතක් කොපි වීම සහ පොතක් කොපි කිරීම යන චෝදනා දෙකම දෙආකාරයකින් අහන්න ලැබුන වද වී යන ජිවීයෙක් විදිහට මට ඒ සම්බන්ධව පොඩි අත්දැකීමක් ඇති කියන දේ හිතනවා...( ජූරි සභාවේ සභාපති තාශි 🕴)

ඉතිං මං නෝට් කරාපූ ඔයාලා අතින් දැනගෙන හෝ නොදැනගෙන වෙන පොඩි වැරදීම් ටිකක් මං මෙතන පහදලා දෙන්නම්.....

* එන්න අපි යමූ ඊලඟ වටේට...

කැහැම් කැහැම් ~

සමානෙන් පොතක් කොපි වෙලා කියලා ඔයාලාට හිතෙන තැන් මොනාද ? කතා දෙකක තියෙන එක හා සමාන නම් , දෙවිදියකට ලියවෙච්ච එක ලඟින් යන සිද්ධි , භාශා විලාසිතාව , කතාවේ ටොප් හෝ බොටම්ව හඳුන්වන්න යොදා ගන්න අනුවර්ථ නාම , චරිත බිල්ඩප් වෙලා තියෙන විදිහ...ඔන්න ඕවා වලින් නේ සමානෙන් ඔයාලා මේ කතාව නම් අන්න අර අහවල් පොතේ කොපියක් කියලා නිගමනය කරන්නේ....

නමුත් ඒක වැරදියි...!

ඔව් ඔව් උබලා ඒක හරියට තමයි කියෙව්වේ....

මේක නේ කුද්දා....ඔයාලා නිකමටවත් හිතලා බැලුවා ද ඔයාලා කියවන පොතේ ප්ලොට් එක ගොඩනැඟිලා තියෙන්නේ කොහොමද කියලා ? ඔයාලා නිකමටවත් හිතලා බැලුවා ද ඒ කතාව ඇතුලේ ඔයාලාට සැක හිතිච්ච සිද්දිය ඇරුනාම අනිත් සිද්දි මොන තරම් එකිනෙකට වෙනස් ද කියලා...?

නැහැ නේ නැහැ නේ....i know baby 😌

ඒ කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව ඔයාලා එකපාරම පුජා වට්ටි අල්ලලා , හඳුන් කූරු පත්තු කරලා අර කොපි කියන ලේබලේ මොකෙක් හරි ඕතර් කෙනෙක්ට අලවනවා....ඒක ආතල් වැඩක්....හැබැයි අර මොකුත් නොදන්න ඕතර් බං ඊට පස්සේ මානසිකව වැටිලා දණහිසුත් තුවාල කරගන්නවා....මොනා උනාත් පව් නේ බං....

පොත් දෙකක ටොප්ට එකම වගේ නමක් තිබ්බාත් ඒකත් කොපි කියනවා...යකෝව් මේ රාවණ පරපුරේ එකම වගේ නම් තියෙන්න පුලුවන් එකම එක යක්ඛ පුතෙක්ට විතර ද ? තරු පිරුන කලුවර අහසක් යට අපි ඩිස්ටි ඩිඩිං කරා කියලා පොතක් ඇතුලේ ලියන්න පුලුවන් එකම එක ඕතර් කෙනෙක්ට විතර ද මං අහන්නේ....? ගැමි ව්‍යාහාර , සංස්කෘතික සිංහල , ව්‍යාංගර්ථ , කවි නිසදැස් පාවිච්චි කරලා සිද්දියක් නිර්මාණය කරන්න පුලුවන් එකම එක ඕතර් කෙනෙක්ට විතර ද ? ඇයි හත්තිලව්වේ අවුරුදු පහලවේ ඉදන් ගුත්තිල ඇදුරු සඳ වීනා වයන ලෙස ඉද කියලා සාහිත්‍ය ඉගෙන ගත්ත ඒකේ ඒකේන් වැඩක් ගන්නේ නැතුව අපි අල කන්නැයි...

You've reached the end of published parts.

? Last updated: May 03 ?

Add this 온라인카지노게임 to your Library to get notified about new parts!

How to spot a copycat Where stories live. Discover now